...........සදාකල් රැදේවි !!
තව තවත් හැඩ වෙවි
මහවැලිය ගලා යාවි
මන් හොයපු ඔය දෑස
මා දමා දුර යාවි
ග්‍රීෂ්මෙට ගිනිගනීවි
නමුදු හන්තාන බලා හිදීවි
මන් දුටුව ඔය හිනාව
සිහිනයක්ම වේවි
රොබරෝසියා පිපේවි
වසත් කල ආයෙත් ඒවි
හිත හදපු නුඹේ හඩ
යලිත් නොඇසී යාවි
සීත පිනිකැට පාවි
සුළග එක ලෙස හමාවි
මම මගේ යැයි සිතු
ඔයා අන්සතු වේවි
කෙළි කවටකම් වලට සිනා සී
උදේ රෑ ගෙවේවි
ඔයා ළග නැති අඩුව
සදා කල් රැදේවි
නියමයි සුසී
ReplyDeleteස්තුති ගොඩාක්... :)
Deleteලස්සනයි
ReplyDeleteදුකයි...
හ්ම්ම් එහෙමද...? මොනවා කරන්නද ඉතින්.. :(
Deleteස්තුති මහේෂ්.... :)
දුක තමයි..
ReplyDeleteඒක තමයි දේශකයෝ
Deleteදුකම තමයි... :(
සදාකල් රැඳේ කියන්නම අමාරුයි , සමහරවිට කාටහරි පුළුවන් වෙයි අඩුව පුරවන්න
ReplyDeleteThis comment has been removed by the author.
Deleteහැඩයි එත් දුකයි...........
ReplyDeleteහ්ම්ම්ම්ම් ...
Deleteස්තූතී මේ පැත්තට ආවට දිලිනි.. :)
නුඹ වෙන්ව ගිය බව පිලිගන්නෙ මම කෝම
ReplyDeleteනුඹට කල ආදරේ වෙනසක් නෑ මගෙ තාම
නුඹ දුන්න දුක ඉතිං ඉවසන්නෙ මම කෝම
නුඹෙ නමින් හඬන්නට කඳුළු ඇත තව බෝම
සරසවි බිමේ සුවඳැති මල් පිපෙයි හැමදාම
මල් සුවඳ විඳගන්න අහිමියිද මට ඒ වරම
නුඹ වෙන්ව ගිය බවක් ඉතින් නොම දැනම
ගහකොලත් මුමුනාවි මතකයන් අපි ගැනම
වස්සානය ඇද හැලෙයි කඳුළු කැට අතරින්ම
තෙමෙන්නට හිතක් නෑ ඉතින් මට පෙරසේම
වැහි බින්දුවල සිසිල දැනෙන්නේ මට කෝම
නුඹට ඇති ආදරෙන් උණුසුම්ය හිත තාම
නවතින්න ඉඩදෙන්න ඔය නීල නෙතු ලඟම
ගුලිවෙන්න පුලුවන්ද නුඹ දකින සිහිනයෙම
තනිවෙන්න ඉඩදෙන්න නුඹ ලඟින් හැමදාම
පවසන්න ඔය මුවින් ආදරෙයි මට තාම.......
යන බව ඔබ දුරක නොදැන උන්නා නොවේ මා
Deleteමට අයිති නොවන බව නොදැන උන්නා නොවේ මා
රොබරෝසිය මල් අතර තනිවෙනා බව මා
දැන දැනත් ඔබ ගැනම සිහින මැව්වෙමි මා
..හමුවෙන වෙන්වෙන අය අතරේ සමහරු ජීවිතේම කොටසක් වෙනවා..ඒ අයව හමුවෙන එක සතුටක් වගේම එ අයගෙන් වෙන්වීම දරාගන්න බැරිතරම් දුකක්...
අපූරුයි සොමියෝ...ලස්සන පැදි පෙළක්....