Monday, October 21, 2013

ආහ්..!



ඔයා හරිම සෑරයි කියලා ඔයාම කිව්වා
ඒ බවනම් මුල්ම දවසේ මන් දෑන ගත්තා
ඉලන්දාරියෝ අහන්න මන් මෙහෙම කියනවා
ඒ ගතියට මටනම් හරි ආස හිතෙනවා


ඔයා ඉතින් හදිස්සි වෙලා මටත් කලින්ම
යන්න ගිහින් මන් එනකොට වෙනම දිහාක
එන්න කියන්න බෑරි හින්දා නොකියා හිටියට
දන්නවාද ආසයි මන් ඔයා එනවට


මහවෑලියත් ඔන්න ඔහේ හිමින් ගලනවා
හන්තානත් දුකෙන් වගේ බලන් ඉන්නවා
මන් එන බව දන්නෙ නෑලු එයාල කියනවා
දන්නවනම් ඔයාව මට තියන් ඉන්නවලු


කොහොම කොහොම හරි දෑන් හෑමදේම වෙලානේ
මේ හීනෙන් අවදි වෙන්න මටත් හිතෙන්නේ
ඒත් ඉතින් කොහොමද මන් එහෙම කරන්නේ
මේ දෑන් මම නිදා ගත්තා විතරනේ