වද දෙන්නේ නෑ ඉතින්
මන් ඔන්න අද ඉදන්
මේ ලෙසට කොච්චරක්
මන් කීවාද ඉස්සරත්
ඒත් මට බැරි උනෙත්
ඒ දේම මයි අදත්
4න් එක ගෙන උදෙත්
කෙටුවා සුබ උදෑසනක්
බලා සිටියෙමි එය දෙසත්
send කරන අදහසින්
එයිද නැද්දෝ පිළිතුරක්
සිත සිතුවා සිය වරක්
නාවොතින් නම් පිළිතුරක්
අල වෙනවා අද දිනත්
හින්දා cancel කර දමන්
පෙරළුවා pathology පොතක්
බොග විකාශේ දිගටම යයි
මනෝ වලින් ඇඩුත් වැටෙයි
දෙතුන් වරක් හිටපු ගමන්
add වැඩි වී බොග අඩු වෙයි
උදේ ගෙවී වුනා දවල්
හවස් වෙලා ඇවිත් රෑත්
ගෙවී යන්න කලින් අදත්
මතක් වුනා ආයේමත්
අතට ගත්ත 4න් එකත්
කෙටුවා හිතලා එක පදයක්
කිසිවක් නොවේ ඒ කෙටුවෙත්
කොහොමද ලෙස එක වදනක්
නිකමට මට මෙහෙම ඉතින්
හිතුනා send වෙන්න කලින්
ඔයා බොගනවානම් දැන්
වද දෙන්නේ කෝමද මන්
එහෙම හිතලා දුකින් උනත්
cancel කලා නැවත එයත්
හිතින් පතලා සුබම රැයක්
පිස දැම්මෙමි බිදු කදුළක්
(බොග යනු පාඩම් කිරීම බව සලකන්න)
ලස්සනයි නිර්මාණය :)
ReplyDeleteස්තූති.. හන්තාන සිහිනයට පිළිගන්නවා සාදරෙන්.. :)
Deleteහැබැයි වින්දවනවාට වඩා cancel කිරීම නම් යහපති .
ReplyDeleteඅනිවා ඉවාන්... :)
Deleteතත්වෙ සෑහෙන්න බයානකයි වගේ...
ReplyDeleteහි හි අමුතුවෙන් බයානක වෙන්න දෙයක් නෑ ඉතින් :D
Deleteමල හත් ඉලව්වයි...
ReplyDeleteහික්ස්... ඒ මොකෝ ඒ :D
Deleteහිතට දැනෙන හැඟීම හිතාගන්න පුලුවන්. කාලය දෙයි විසඳුම්.
ReplyDeleteඑහෙම හිතමු මනෝශ්.. ස්තූති මෙ පැත්තට ආවට :)
Deleteසුසී.......................
ReplyDeleteමං නම් කියන්නේ සෙන්ඩ් කරන්න කියලා... කැම්පස් බොග ඉතින් අපි නොදන්නවා යෑ... අනිත්ම වෙනකල් ඉදලා ස්ටඩී ලීව් එකේ ගොඩදාගන්න එකනේ...............
බොග යන්නට අපි භාවිතා කළේ ක්රෑම කියායි....
ඒකත් ඇත්ත තමයි ඉතින්... කමක් නෑ වද දෙන එකෙත් සීමාවක් තියෙන්න එපැයි.. හි හි..
Deleteක්රෑම... ඒ වචනෙත් ලස්සනයි..ඒත් යුනි එකකට පොෂ් වැඩි වගේ.. :D
මමත් හිතන්නේ send කළා නම් හොඳයි.. :D ලස්සන නිර්මාණයක්.. :)
ReplyDeleteහි හි... ස්තූති අශාන්.. :)
Deleteදැන්නෙ තේරෙන්නෙ බොග දාන්නෙ නැතුව මනෝ ගහන්න හේතුව.......... :)
ReplyDelete