Thursday, December 31, 2015

****වළාකුලු බැම්ම **** (18)

චෙක් අප්ස් ඔක්කොම කරගෙන ඉවර වෙලා මාසෙකට පස්සේ ඒ කියන්නේ රනුකට මාස හයයි සති දෙකක් වුනහම එයාගේ සර්ජරි එක කලා.කිසි ප්‍රශ්නයක් උනේ නෑ.සර්ජරි එකෙන් පස්සේ අපි රනුකවත් එක්කගෙන ගෙදර අවේ හැමදෙයක්ම හොදින් විසදුනා කියලා හිතාගෙන.පුතා ගෙදර ආපු දවසෙ තමයි අපි හරියකට කෑමක්වත් කෑවේ.

ඒත් මාසයක් විතර යද්දි සර්ජරි එක කරද්දි කැපුම දාපු තැනින් සැරව ගෙඩි දෙක තුනක් ඇවිත් තිබ්බා.සහන්ට කෝල් කරලා ඒ ගැන කිව්වම සහන් කිව්වා ඉක්මනටම ඇවිත් ඒ ඩොක්ටර්ටම පෙන්නන්න කියලා.

"දැන් දවස් කීයක ඉදන්ද මෙහෙම තියෙන්නේ?"
"ඊයේ ඉදන් තමයි ඩොක්ටර් මෙහෙම තිබුනේ?"මන් කිව්වා.
"අපි බබාගෙ බ්ලඩ් කල්චර් එකක් කරලා බලමු..."
"ඩොක්ටර්..තුවාලේ පැහැවලා වගේද?"
"එහෙම තත්වයක් තමයි තියෙන්නේ.ඇන්ටි බයොටික් එකක් දෙන්නම්.බබාව හොදට බලාගන්න වෙනවා.තුවාලේ තියෙන තැන පිරිසිදුවට තියාගන්න.දැන් ටෙස්ට් එක කරගෙන රිපොර්ට් එකත් අරන් ආයෙම ඇවිත් මට පෙන්නන්න".

බෙහෙත් බිව්වට පස්සෙ නම් ආපු සැරව ගෙඩි එහෙම්මම බැහැලා ගියා.කරපු ටෙස්ට් එකෙත් කියන්න තරම් දෙයක් නෑ කියලා ඩොක්ටර් කිව්වා.
ඉතින් මායි රොහානුයි අපේ පැටියව හැම තප්පරේම ඇස් දෙක වගේ බලාගත්තා.තාම මාස හතයි ඒත් මොන තරම්නම් දේවල් වලට මූණ දුන්නද මේ පැටියා.ඒ ගැන මතක් වෙද්දි පුදුමාකාර දුකක් හිතට ආවේ.මේ පැටියට තවත්නම් දුක් දෙන්න එපා කියලා මන් දෙයියන්ගෙන් අනේක වාරයක් ඉල්ලන්න ඇති.ඒත් දෙවියෝ නිකමටවත් මන් කියපු දේ ඇහුවේ නෑ.

බෙහෙත් නවත්තලා සතියකින් විතර ආයෙම සැරව ගෙඩි එන්න ගත්තා.කලින්ට වඩා ලොකුවට.මගේ හිතට මොකද්දෝ බයක් දැනෙන්නත් ගත්තා.
ස්කෑන් කලා,ආපු සැරව ගෙඩියකින් සැරව අරගෙන ඒකත් පරික්ෂා කරල බැලුවා.

"මේකයි මිස්ටර් ඇන්ඩ් මිසිස් තේනුවර ප්‍රශ්නේ ටිකක් බරපතලයි.බබාගේ තුවාලේ ආසාදනය වෙලා දැන් ඒක තුවාලෙට යටින් තියෙන අස්ථියට පවා ආසාදනය වෙලා තියෙන්නේ".
"කොහොමද එහෙම දෙයක් වෙන්නේ.?" රොහාන්ගේ හඩේ තිබ්බේ දුකක්ද කේන්තියක්ද මන් දන්නෙ නෑ.
"මේකයි මිස්ටර් තේනුවර මෙ බබාගේ ප්‍රතිශක්තිය සාමන්‍ය බබෙක්ගේ තියෙනවට වඩා ටිකක් මන්දගාමීව තමයි වර්දනය වෙන්නේ.ඒ හින්දා තමයි මෙහෙම දෙයක් සිද්ද වුනේ."
"ඉතින් ඒක එහෙමනම් මොන එහෙකටද කලින් සර්ජරි එක කලේ?"රොහාන් අත් දෙකෙන්ම මේසෙට ගහගෙනම නැගිට්ටේ කේන්තියෙන්.සහන් ඒ ළගම හිටපු නිසා සහන් රොහාන්ව බදාගත්තේ අවශ්‍යම වෙලාවෙ.
"මට තේරෙනවා මිස්ටර් තේනුවර..ඒත් අපි එවෙලේ කලේ ඒ මොහොතේ කරන්න තිබ්බ උපරිම දේ."
"දැන්...දැන් අපි මොකද කරන්න ඕන?" ඇඩුම් අතරින් මන් ඇහුවා.
"බබාගේ වයස එක්ක අපිට ලොකු දෙයක් කරන්න බෑ මිසිස් තේනුවර.ඒත් ලොකු දෙයක් නොකර ඉන්නත් බෑ."
"අනේ...."

"සහන් විල් යූ??"
"ඕකේ සර්..අයි විල් මැනේජ්"

සහනුයි නිශානි එදා රෑ අපේ ගෙදර ආවා.ඒ ඩොක්ටර් සහන්ට කියලා තිබ්බා ආයෙම සර්ජරි එකක් කරන එක රිස්ක් එකක් කියලා.සර්ජරි එක කලත් ඒක් මෙහෙ කරන්න බැහැලු.ඇමරිකා යන්න වෙනවලු.ඒ ඩොක්ටර්ත් ගොඩාක් බබා ගැන දුක් උනාලු.එයාගේ යාලුවොන්ටත් කෝල් කරලා නෙට් එකෙනුත් ගොඩාක් විස්තර හොයලා බැලුවලු.

අපිට තීරණයක් ගතයුතුම වෙලා තිබුනා..

"රොහාන් අපි මොකද දැන් කරන්නේ?"
"අපි ඇමරිකා එක්කන් යමු පුතාව."
"රොහාන් සල්ලි...?"
"හ්ම්ම්... මොනවා හරි කරලා හොයා ගන්න වෙනවා.අත ඇරලා දාන්නෙ කොහොමද මේ අපේ පැටියගේ ජීවිතෙනේ"
"ඔව් රත්තරන් ඔව්... අපි කොහොමද මෙච්චර සල්ලියක් හොයන්නේ?"
"ඔයා ඒක ගැන හිතන්න එපා.ඒක මට බාර දෙන්න.ඔයා අපේ පැටියව බලාගන්න සුලෝ.ඒ ඇති"
"අම්මලගෙන් අහන්න"
"ආයෙනම් ඕක කියන්න එපා.මට එයාලගෙන් කිසි දෙයක් ඕන නෑ.නිකමටවත් ආවෙ නෑ මගේ කොල්ලව බලන්න මන් අච්චර කියලත්."
රොහාන් එහෙම කියාගෙනම නැගිටලා කාමරේට ගිහින් ශර්ට් එකක් දාගෙන කාර් එකෙ නැගලා කොහෙද යන්න ගියා.මන් ඇහුවට කිවෙත් නෑ.



.........

ඇමරිකා යන්න හැමදේම ලෑස්ති කෙරුනා.ඒ මාස දෙකකටත් වඩා අඩු කාලයකින්.බබාගෙ පෙනුමත් එන්න එන්නම දුර්වල උනා.හැම තිස්සෙම උණ හැදුනා.එක වරුවකට බෙහෙත් ගොඩාරියක් බොන්න උනා මගේ පැටියට.රනුක දිහා බලද්දි මට වාවගන්න බැරිව ගියා.ඒ තරමටම ඒ පොඩි දරුවා අසරණ වෙලා හිටියා.

ඇමරිකා යන්න සහනුත් අපිත් එක්ක එන්නම් කියලා කිව්වා.ඒක රොහාන්ටයි මටයි සෑහෙන්න ලොකු උදව්වක් උනා.ඒත් රොහාන් ඒ ගමනට සල්ලි හොයා ගත්තෙ කොහොමද කියලනම් කිව්වෙ නෑ.හැම තප්පරේම රනුක ගැන හිතපු නිසා මට ඒක රොහාන්ගෙන් අහන්න මතක් වුනෙත් නෑ.

හැමදේම පිලිවෙලකට වෙද්දි එක දවසක් රෑ රනුක පුදුම විදිහට අඩන්න ගත්තා.සහලෝල උණ අරන් තිබ්බා.එවෙලෙම අපි එයාව එක්කන් හොස්පිටල් එකට ගියා.රොහාන් හොදටම බය වෙලා හිටියේ.මට...මට  මෙලෝ සිහියක් නැතිව හිටියේ.ගිය ගමන් රනුකව අයි.සී.යූ. එකට ගත්තා.ඒ අපේ පැටියා අපි එක්ක හිටපු අන්තිම මොහොත කියලා අදටත් මට හිතාගන්න බෑ.ආසාදනය ඇති කරපු බැක්ටීරියාව ලේ වලට ගිහින් සෙප්සිස් කියන තත්වය ඇති වෙලාලු..


                          

-------------------------නැවතත්----------------