Sunday, December 21, 2014

ඉතින් නුඹ ගියා.....




ගොඩ කාලෙක ඉදන් ඒ දවස එන්නෙප කිය කිය හිතින් හිතුවත් ඒ දවස දැන් ගෙවිල ගිහිනුත් ඉවරයි.කියන්න ගොඩක් දේවල් තිබ්බත් පිළිවෙලකට ගළපන්න බැහැ.ඒ හින්ද මුකුත් ලියවුනෙත් නෑ..

ඔව් 19 වෙනිදා හන්තාන තනි කරලා ඔයා යන්න ගියා..බැදීමක් නෑ කියල හිතුවට හන්තානත් එක්ක.,

මේ හන්තාන ඔයා එනකන් මග බලන් ඉන්නවා කියලා, පහුවෙනිදා පාන්දර වැහැපු මහ වැස්ස දිහා ඔහේ බලන් හිටපු මට සීතලම සීතල සුළන් රැල්ලක් ඇවිත් කියලා ගියා.

ඒ සුළග එහෙම කිව්වත් නැතත්.,

හන්තාන මග බැලුවත් නැතත්.,

එදා තරම්ම ආදරයක් අරන් එකම එක හිතක් මේ හන්තානයි මහවැලියයි අතරෙ හැමදාම ඉන්නවා කියලා කියන්න ඒ වැහැපු වැස්ස හොදටම සාක්කි..

මේ වැස්සම මහවැලිය දිගේ මූදට ගිහින් ආයෙම දවසක වහීවි..

ඉතින් නොතෙමි ඉන්න බලන්න

මොකද ඒ වැස්සට තෙමුනොත් ඔයාට දරාගන්න බැරි වේවි....

 

           හිමි නොවෙනා බව තවත් මන් හිතට කියන්නම්
           මන් කියන දේම යළි හිත මගෙන් අහනකම්
           හෙට දිනෙත් හිතට එය පිළිගන්න බැරිමනම්
           හීනෙකින් හෝ ඇවිත් ළග ඉන්න පැයක්වත්........