Wednesday, November 11, 2015

මේ කතාව මගේ.....

 

 

කාලයක් තිබ්බා කිසිම දෙයක් හිතන්නැතුව ඔහේ ජීවිතේ ගලාගෙන ගියපු.ඒ දවස්වල මට මන් ගැන හිතන්න ගොඩාක් දේවල් තිබ්බා.ඒත් ෆිල්ම් වල වෙනවා වගේ කොහෙද මන්දා ඉදන් කෙනෙක් මගේ ජීවිතේටත් ආවා.හැමදේම නැති උනත් ගොඩාක් දේවල් වෙනස් වුනා.මට මාව මගහැරුනා වගේ දැනුනා.ඒත් මන් ඒකට ආස කරන්න ගත්තා.මගෙන් මාව අත ඇරිලා ඔයාව හොයන කොට ඔයා ලගින් වෙන කෙනෙක් හිටියා.හ්ම්..ආයේ යන්නේ කොහොමද මට මාව හොයා ගන්න බැරි උනා.මන් ඔයා ලගම ඔයාට නොපෙනෙන්න හැන්ගිලා හිටියා...ඒත් එක පාරටම ඔයා මාව දැක්කා.ඉතින් මට ආයේම ඔයා එක්ක හැන්ගි මුත්තන් සෙල්ලම් කරන්න ඕන උනේ නෑ.

ඊට පසේ මට ඔක්කොම නීති රීති ටික කියලා දීලා,තවත් සෙල්ලම් කලොත් මොකද වෙන්නෙ කියලත් කියලා දීලා,ඔයාගේ සෙල්ලමට කාවවත් අඩු නෑ කියලත් කියලා දීල ඔයා ඔයාගේ සෙල්ලමම කරා.ඔයා දිව්වා.ඔයා දිව්වේ රවුමක.මන් ඔයා පස්සෙන් ඒ රවුමෙම දිව්වා.ඔයාට තරමක් කිට්ටු වෙද්දි මන් හිතුවේ මන් ඔයාව ඇල්ලුව කියලා.ඒත් ඒක රවුමක් ඔයා දිව්වේ ඔයාගේ දහවෙනි වටේනම් මන් ඒ දිව්වේ පලවෙනි වටේ.ඉතින් කිට්ටු උනා කියලා පෙනුනට ඔයා මට වඩා ගොඩාක් දුරින්.


හ්ම්..

මට රවුමේ දුවන්න ඕන නෑ.හති වැටෙන්න ඕනත් නෑ.මොකද මන් ජීවිතේ කාගෙවත් පස්සෙන් මෙච්චර දුවලා නැති හින්දා.ඒත් මේ ඔයා.නවතිනවද දුවනවද කියලා මට තාම හිතාගන්න බෑ.ඒත් නවතින එක තමයි එකම විසදුම කියලා මට ඇරෙන්න අපි දුවන දිහා බලන් ඉන්න ඔක්කොම දන්නවා කියලා මන් දන්නවා.ඔව් ඔයත් දන්නවා.


ඉතින්...

මේක මහා අමුතු දෙයක්.ඒක මේ විදිහට දැනෙයි කියලා මන් හිතුවෙම නෑ.නිහඩ කැපකිරීම් ළග මට නවතින්න බැරි උනා.ඒ හින්ද වෙන්න ඇති මන් හිතේ තියෙන හැම දේම ඔයාට කිව්වේ.ඔයාට කරන්න කිසිම දෙයක් නෑ.මන් දන්නවා අයියේ.

මේ බැදීමට නමක් දෙන්න මන් දන්නෙ නෑ.ඒත් මේ බැදීම ඇතුලේ තියෙන්නේ ආදරේ විතරයි කියලා මන් කියනවා.දැනෙනවනම් ඔයාට විශ්වාස කරන්න..


කිසිම දෙයක් හොයන්න බලන්නේ නැතුව මන් මගේ මුලු හිතින්ම ඔයා ගැන හිතුවේ කොහොමද කියලා අදටත් මට පුදුමයි.ඉතින් ඔයා ගැන හිතන්න පුලුවන් මට ඉස්සරහටත්..අක්කි ආවත් අක්කිව මැරි කලත් ඒ එකකටවත් බෑ මන් ඔයා ගැන හිතන එක නවත්තන්න.මොකද මේ කතාවෙදි ආදරේ කලේ මo,මoම විතරයි.


ඉතින් මේ කතාව මගේ..




8 comments:

  1. අාදරේ කොහොමත් ඒහෙමයි.................

    ReplyDelete
    Replies
    1. හ්ම්... ඒක හැමතිස්සෙම එහෙමයි... :/

      Delete
  2. පට්ටයි......... ලස්සනයි..............

    ReplyDelete
    Replies
    1. සන්තොසයි ආර්යන් මේ පැත්තට ආවට :)

      Delete
  3. ලස්සනයි.. ආදරේ කරන්න එක හිතක් විතරක් ඇති සමහර වෙලාවට

    ReplyDelete
    Replies
    1. ඕන තරම් හීන මවන්න පුලුවන් ඒ තනි හිතෙන්....

      ස්තූතියි :)

      Delete