Wednesday, August 26, 2015

****වළාකුලු බැම්ම **** (17)

රොහාන්ට මේ හැම දෙයක්ම කියනවද නැද්ද කියන එක ගැන මන් හුග සැරයක් හිතුවා.ඒත් මට හදිස්සි වෙන්න හිතුනේ නෑ.සුමනේ අයියා එහෙම දෙයක් කිව්වා කියලාවත් මට තාම හිතාගන්න බෑ.හිතේ තිබ්බ දේ කිව්වට පස්සෙවත් එයා මට මගේ පාඩුවේ ඉන්න දේවි කියලා මට හිතුනා.ඒ හින්දා මන් රොහාන්ට මේ දේ ගැන නොකියා ඉන්න තීරනේ කලා..

අපි අපේ පැටියට රනුක සත්සර තියලා නම තිබ්බා.රොහාන්ට ඕන උනේ අපි දෙන්නගෙම නම් වල අකුරු වලින් අපේ පැටියගේ නම තියන්න.රනුකත් එක්ක අපි ගොඩාක් සෙල්ලම් කලා.රොහාන් වැඩ ඉවර වෙලා ගෙදර එන්නෙ දුවගෙන වගේ.අපේ පැටියා ටික ටික ලොකු වුනා..ඒත් එක දවසක් රනුකට උණ හැදුනා.අපි අපේ ඩොක්ටර්ගෙන් එයාට බෙහෙත් අරන් ආවට පස්සේ හොද උනා.ඒත් එදා ඉදලා එයා කළින් වගේ හොදින් හිටියේ නෑ.හැම තිස්සෙම සෙම වගෙත් තිබ්බා.හුස්ම ගද්දිත් එයාගෙන් පපුවෙන් සද්දයක් වගේ එන්න ගත්තා..අපේ ඩොක්ටර් හැම වෙලේම එයාට සෙම  සෙම කියලා බෙහෙත් දුන්නට රොහාන් එයාව නවලෝකේ ලොකු ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා.ඒ ඩොක්ටර් පුතාව පරීක්ෂා කරලා බැලුවා.වෙදනලාව පැටියගේ පපුවෙන් තියද්දි ඒ ඩොක්ටර්ගේ මූණ වෙනස් වුන හැටි මට තාමත් මැවෙනවා දෙයියනේ.
 

"අපි මෙයාගේ පපුවෙ ස්කෑන් එකක් කරලා බලමු.තව එකෝ එකකුත් ගන්න වෙයි"
"ඇයි ඩොක්ටර් මොකද්ද වෙලා තියෙන්නේ පුතාට?"
රොහාන් එහෙම ඇහුවේ මගේ ඇස් දෙකට කදුළු පිරෙද්දිමයි.

"මෙහෙමයි.. කලබල වෙන්න එපා..මේ වගේ බබාල හුග දෙනෙක් මෙහෙට ඇවිත් තියෙනවා.ඒ වගේමයි මේ වගේ අයව හොද කරලත් තියෙනවා.ඒ හින්ද මේ ගැන හිතලා කලබල වෙන්න එපා ඔයාලා.අපි ටෙස්ට් ටික කරලා හරියටම කන්ෆර්ම් කරගමු.අපි සාමාන්‍යෙන් කියන පපුවේ හිලක් කියන තත්තවය මන් හිතන්නේ ඔයාලගේ බබාගෙත් තියෙනවා."

එතනින් පස්සේ ඩොක්ට කිව්වේ මොනවද කියලා මට ඇහුනේ නෑ.මන් එතන පුටුවෙන් නැගිටලා එළියාට ආවේ මගේ පැටියවත් තුරුල් කරගෙනමයි.
තවම අම්මේ කියලවත් නොකියපු මගේ පැටියට ඇයි දෙයියනේ මෙහෙම දෙයක් උනේ කියලා මන් කාගෙන් අහන්නද...මන් එලියට ගිහින් ටික වෙලාවකට පස්සේ රොහානුත් ආවා.රොහාන් කිව්වා පුලුවන් ඉක්මනට ටෙස්ට් ටික කරගන්න කියලා ඩොක්ටර් කිව්වලු.ඩොක්ටර් කියපු දේ ගැන ඩොක්ටර්ට ගොඩාක් දුරට ශුවර් කියලත් කිව්වලු.රොහාන් ටික වෙලාවක් මාත් එක්කම එතන ඉදගෙන හිටියේ පුන්චි පුතා දිහා බලාගෙනමයි.

"සුලෝ හෙට වෙනකන් මේක කල් දාන්න ඕන නෑ අපි අදම ටෙස්ට් ටික කරගමු."
"රොහාන් සහන් දැන් ඉන්නේ මේ හොස්පිටල් එකේ.අපි එයාට කියමු.."
"හරි සුලෝ මන් උඩට ගිහින් ටෙස්ට් ටික කරන්න පුලුවන්ද බලන්නම් ඔයාට පුලුවන්නම් සහන්ව හම්බ වෙනවද?"
"හා"
"මට කෝල් එකක් දෙන්න මන් එන්නම් එතනට"

රෙසිප්ෂන්  එකෙන් සහන් ඉන්න වෝර්ඩ් එක අහගෙන මන් සහන්ව හම්බ වෙන්න ගියා.එයා හිටියේ මැටර්නල් වෝර්ඩ් එකේ.

"සුලෝචනා මේ කොහෙද මේ?"
"අනේ සහන්.."
සහන් හිටපු තැන තව ඩොක්ටර්ස්ල දෙතුන් දෙනෙකුත් හිටියා.ඒත් මට ඇඩුනා.මට මතකයි සහන් පුදුම වෙලා මන් දිහා බලාගෙන හිටියා..

"හරි සුලෝචනා ටිකක් ඉන්නකෝ....එක්ස්කියුස්මී මචන් මන් එන්නම්"

සහන් මාවත් එක්ක ගෙන එයාලගේ රූම් එකට ගියා.එවෙලේ වෝර්ඩ් රවුන්ඩ් නිසා කවුරුත් වැඩිය හිටියේ නෑ.

"හරි සුලෝචනා කියන්න දැන් මොකද්ද  වෙලා තියෙන්නේ?"
"සහන්..රනුකගේ පපුවේ හිලක් ලු සහන්..අනේ අපි දැන් මොකද කරන්නේ"

සහන් තරමක් කලබල උනා..ඒත් මාව සනසන්න ඕන හින්දා එයා ඒ බවක් පෙන්නුවේ නෑ.

"ස්කෑන් කලාද?"
"නෑ ඩොක්ටර් බලලා කිව්වේ.ස්කෑන් එකකුයි එකෝ එකකුයි කරන්න කිව්වා."
"හ්ම්ම්... බය වෙන්න එපා සුලෝචනා ඔය වගේ පේෂන්ට්ස්ලා ගොඩාක් එනවා.සමහර අයට වැඩි දෙයක් කරන්න ඕන වෙන්නේ නෑ එයාලට නිකන්ම ඉන්න අරිනවා..ඒවගේම සමහර අයට සර්ජරි එකක් කරලා ඒක හරි ගස්සන්න වෙනවා.අපි බලමුකෝ ටෙස්ට් ටික කරලා ඉවර උනාට පස්සේ.බය නොවී ඉන්න.මන් නිශානිටත් කියන්නම් ඇවිත් ඔයා එක්ක ඉන්න කියලා"
"එතකොට සහන් සර්ජරි එකක් කරන්න උනොත්?"
"මෙහෙමයි සුලෝචනා..ඒක බබාගේ තත්ත්වේ අනුව වෙනස් වෙනවානේ..එ හින්දා සුලෝචනා අපි ටෙස්ට් රෙසල්ට්ස් ආවම බලමුකො..රොහානුත් ආවද?"
"ඔව් එයා ගියා දැන් එ ටෙස්ට් ටික කරගන්න පුලුවන්ද අහන්න."
"හා හරි..එතන සෙනගනම් මට කියන්නකො මන් කියලා කරලා දෙන්නම් අදම"

අපි එදා හවස් වෙනකොට සහන්ගේ උදව්වෙන් ස්කෑන් එකයි එකෝ එකයි කරගත්තා.ඩොක්ටර් හවස හිටපු නැති නිසා පහු වෙනිදා උදේ තමයි අපිට රිපෝට්ස් ටික පෙන්නන්න උනේ.එදා උදේ සහනුත් ආවා අපිත් එක්ක ඩොක්ටර්ව හම්බ වෙන්න.

"හ්ම්ම්... කලබල වෙන්න එපා.මිස්ටර් ඇන්ඩ් මිසිස් තේනුවර.රිපෝර්ට්ස් වලිනුත් කියන්නේ මන් ඊයේ කියපු දේම තමයි."
"අපි දැන් මොකද කරන්න ඕන ඩොක්ටර්?"
එහෙම ඇහුවේ රොහාන්.
"මෙහෙමයි..මේකට සර්ජරි එකක් කරන්න වෙනවා."

හැමදේටම බොදවෙන මගේ ඇස් ආයෙ අයෙම බොදවෙන්න ගත්තා.සහන් රොහාන්ට කිව්වා මාව එක්කන් එලියට යන්න කියලා.එයා විස්තර අහගන්නම් කියලා.රොහානුයි මායි රනුකවත් අරගෙන එළියට ආවා.මට ඇවිද ගන්න පනක් තිබ්බේ නෑ.මේ චූටි සිනිදු ඇග කපන්න දෙන්නේ කොහොමද මන්.මට වාවගන්න බැරි උනා.ඩොක්ටර් එක්ක කතා කරාට පස්සේ සහන් අපි හිටපු තැනට ආවා.

"අනේ අපි දැන් මොකද කරන්නෝන සහන්" ඇඩුම් මැද්දෙන් මන් ඇහුවා.
"සර්ජරි එක නම් කරන්න වෙනවා."
"ගොඩාක් ලොකු එකක් වෙයිද ඒක?" 

"හ්ම් ටිකක් විතර..මෙහෙ ඉන්නෙ හොදම කොලිෆයිඩ් ඩොක්ටර්ස්ලා.ඔයාලට බය වෙන්න කිසි දෙයක් නෑ රොහාන්."

"කවදාවගේ කරන්න වෙයිද එතකොට?"

"බබාට මාස හය සම්පූර්ණ වෙන්නේ කවදටද?"

"තව සති දෙකකින්..ඇයි?"

"නෑ මාස හයක් පහු උනාම තමයි අඩු රිස්ක් එකකින් මේ වගේ සර්ජරි එකක් අපි කරන්නේ.ඒකයි."

"එතකොට තව සති දෙකකින් මේක කරනවද?"

"හ්ම් ඔව්.සති දෙක පන්නලා අපි මාසයක් ඇතුලත කරමු.හැබැයි..."

"ඇයි සහන් මොකද්ද ප්‍රශ්නේ?"

"ඔයා ළග සල්ලි එහෙම තියෙනවද මේ දවස්වල?"

"කීයක් යාවිද?"

"10 ලැක්ස් විතර යාවි.හොදම ස්පෙෂලිස්ට්ලා අල්ලනකොට ගාන වැඩි"

"කමක් නෑ සහන්..ඒක ප්‍රශ්නයක් කරගන්න එපා.ඒ ගාන ගෙවන්න මට පුලුවන්.අනේ ප්ලීස් මගේ පැටියව සනීප කරලා දෙන්න සහන්.තාත්තා කෙනෙක් විදිහට ලක්ශ දහයට සීයක් උනත් හොයලා දෙන්නම් මට මගේ පුතාව සනීප කරලා දෙන්න"

                           -------------------------නැවතත්----------------

No comments:

Post a Comment