Saturday, August 15, 2015

****වළාකුලු බැම්ම **** (15)

හැම හීනයක්ම බොද වෙන්න ඔන්න මෙන්නම වගේ තිබ්බා.රොහානුත් හැමවෙලේම කල්පනා කරන්න උනා.ජීවිතේ ගැන කිසිම බරක් පතලක් නැතුව හිටපු රොහාන්ට මන් නිසා කරදර එක පිට එක එන්න ගත්තා.ඒත් එහෙමයි කියලා රොහාන්ව අතෑරලා මට යන්න ඕන උනේ නෑ.මොකද මන් දැනගෙන හිටියා මොන දේ උනත් රොහාන්ට තිබුන එකම සැනසීම මන් කියලා.
රොහාන් අම්මට කිව්වලු මාව කවදාවත් අතාරින්නේ නෑ කියලා.අම්ම එදා ඉදන් රොහාන් එක්ක කතා කරන එකත් අඩු කරාලු.ඒ දවස් වල රොහාන් වැඩ ඉවර වෙලා ගෙදර ගියේ ගොඩාක් රෑ වෙලා.ගෙදර මිනිස්සු අහන ප්‍රශ්න වලට උත්තර දීලම ඇති වෙලා කියලා එයා කිව්වේ.
මාස දෙක තුනක් ගෙවිලා ගියා..රොහන්ගේ ගෙදරින් කිසිම බුරුලක් පෙන්නුවේ නෑ..දවසක් රොහාන්ගෙ අම්මා මට කෝල් කරලම බැන්නා රොහාන්ට ආදරයක් තියෙනවනම් එයාගේ ජීවිතෙන් ඈත් වෙනවා කියලා.ඒත් දෙයියනේ මන් කොහොමද කියන්නේ මට රොහාන්ගෙන් ඈත් වෙන්න බැරි ඒ ආදරේ හින්දමයි කියලා.
තීරණයක් ගත යුතුම කාලයක් වෙච්ච නිසා තමා එදා රොහාන් මට අපි බදිමු කියලා කිව්වේ.ඒත් මන් කිව්වේ තව එක පාරක් අම්මලාගෙන් අහන්න කියලා.ඒ ඇහුවත් අම්මලා කැමති උනේ නෑ කියලා රොහාන් මට කිව්වා.රොහාන් මන් හින්ද එයාගේ ගෙදර හැම දෙයක්ම නැති කරගත්තු එකේ රොහාන්ගේ ඒ ඉල්ලීම මට කල් දදා ඉන්න තවත් බැරි උනා.

"හා රොහාන්.අපි මැරි කරමු.."
"අනේ සුලෝ ඇත්තමද මේ?"
"ඔව් රොහාන් ඔයා මෙහෙම තනියම විදවනවා මට බලන් ඉන්න බෑ.එක්කො ඔයා ළග ගෙදර අය ඉන්නෝන නැත්තන් මන් ඉන්නෝන.ඉතින් අපි මැරි කරමු"
"හරි සුලෝ..අපි හෙට ගිහින් රෙජිස්ටර් කෙනෙක්ට කතා කරලා අනිද්දට මේ හැම ප්‍රශ්නයක් ඉවර කර ගමු"
"හැබැයි එකක්."
"මොකද්ද සුලෝඅ කියන්න ඕන එකක්"
"අපි මැරි කරලා මුලින්ම ඔයාගෙ ගෙදර ගිහින් අම්මටයි තාත්තටයි කියමු.අපිට බැන්නත් ගහලා පන්න ගත්තත් අපි ඒ දෙන්නට මේක කියන්නෝන.ඔයාව එයාලගෙන් වෙන් කරපු පව ටිකක් හරි ඒකෙන් අඩුවේ කියලා මට හිතෙනවා රොහාන්.හා නේද?"
"අනේ සුලෝ... ඇයි අපේ අම්මලාට තෙරුම් ගන්න බැරි උනේ ඔයා කොච්චර හොද කෙල්ලෙක්ද කියලා පැටියෝ"
"හ්ම්ම්.."
"යන් හෙට උදේම අපිට කරන්න වැඩ තියෙනවා.ඊට පස්සෙ ඔයා හැමදාම මගේ.දන්නවද මගේම විතරයි."

එදා රෑ මන් නිශානිගේ අම්මලත් එක්ක මේ ගැන කතා කලා.
"පුතේ මේ අහන්න.මෙතනදි කවුරු වැරදිද නැද්ද කියන්න මට තේරෙන්නෙ නෑ.එ ළමයගේ අම්මලා තාත්තලා හරි.එයාල බලාඅපොරොත්තු වෙන්න ඇති එයාගේ පුතාව එයාලගෙ පවුලට ගැලපෙන හොද සල්ලි තියෙන ගෑණු ලමයෙක්ට කතා කරන්න.ඒක ඕන අම්මෙක්ගෙ තාත්තෙක්ගෙම බලාපොරොත්තුවක්.අපිත් නිශානිට සහන්ව කතා කලේ ඒ හින්දනේ.ඒත් ඔය දෙන්නා එකිනෙකාට ගොඩාක් ආදරෙයි ඒ හින්දා ඔය දෙන්නට වෙන් වෙන්න කියන්නත් බෑ.ඉතින් දරුවෝ මන් කියන්නේ ඔයාලා දැන් තීරණයක් ගත්තනේ.මැරි කරලා ඉවර වෙලා ඔයාලා දෙන්නා හොදින් ඉන්න.එ ළමයගේ දෙමව්පියන්ට හිතෙන්න දෙන්න ඔයාල හුගාක් සතුටින් ජීවත් වෙනවා කියලා.දැන් තරහහින් හිටියත් ඔයා රොහාන් එක්ක සතුටින් ඉන්නවා කියලා දකිද්දි ඒ දෙන්නත් සතුටු වෙයි..ඔයාලට කරන්න පුලුවන් එකම දේ ඒකයි ඒ දෙන්නගේ හිත හැදෙන්න.ඒ හින්දා මන් කියපු දේ හිතේ තියාගෙන කරන දෙයක් කරන්න.මොනා උනත් ඔයා වෙනුවෙන් මායි අන්කලුයි හැමවෙලේම ඉන්නවා"
එදා රෑ මන් නිශානිගේ අම්මව බදාගෙන ගොඩාක් වෙලා ඇඩුවා.මට මගේ අම්ම ගැන දැනෙනවට වඩා ලොකූ හැගීමක් ඒ ආන්ටි ගැන ඇති උනා.මොකක් හරි පිනකට ඒ වගේ මිනිස්සු ටිකක් මට හම්බවෙලා තිබ්බ එකට මන් දස දහස් වරක් දෙවියන්ට ස්තූති වන්ත උනා.

*******************



 "මුදියන්සේලාගෙ සුලෝචනා වීරසිරි වන මම අද පටන් දිසානායක බණ්ඩාරලාගේ රොහාන් ශ්‍රීමාල් තේනුවර නැමති මොහු මාගේ නීත්‍යානුකූල ස්වාමිපුරුෂයා ලෙස භාරගමි"

"දිසානායක බණ්ඩාරලාගේ රොහාන් ශ්‍රීමාල් තේනුවර වන මම අද පටන් මුදියන්සේලාගේ සුලෝචනා වීරසිරි වන මැය මාගේ නීත්‍යානුකූල භාර්යාව ලෙස භාරගමි"

අපි අපේ ජීවිත වල අලුත් පිටුවක් ලිව්වා.මගේ පැත්තෙන් සාක්ෂියට අතසන් කලේ සුමනේ අයියා.රොහාන්ගේ පැත්තෙන් ආවේ එයාගේ හොදම යාලුවෙක් වෙච්ච මහේශ්.එයා රොහාන්ව ඉස්කෝලෙ යන දවස්වල ඉදන්ම දන්න කියන කෙනෙක්.

ඊට පස්සේ තිබ්බේ අමාරුම වැඩෙ කරන්න.රොහාන් මට පොරොන්දු වුන විදිහටම අපි රොහාන්ගේ ගෙදර ගියා..අම්මයි තාත්තයි දෙන්නම ගෙදර හිටියා.

"ඒ පාර ගෙදරටම එක්කගෙන ආවද?"
දොර ඇරපු ගමන් මාව දැකපු අම්මා රොහාන්ගෙන් එහෙම ඇහුවා.ගෙට එන්න කියන්නෙත් නැතුව අම්මා එළියට ආවා.තාත්තත් ඒ සද්දෙට ආව කවුද කියලා බලන්න.මන් බිම බලාගෙන හිටියේ ඇස් වල කදුලු පුරෝගෙන.මන් මී පැටියෙක්ටත් වඩා මහා ගොඩාක් බය වෙලා හිටියේ.

"අම්මේ දෙයක් කියන්න තියෙනවා"
"කියන්න තියෙන දෙයක් තනියම කියන්න බැරි මොකද?මොන එහෙකටද මෙයාව එක්කන් ආවේ?"
අම්මා මට රවනවා මන් හොරැහින් දක්කා.

"එළියේ ඉදන් කෑගහන්නැතුව ඔය දෙන්නව ගෙට එක්කන් එන්න මනෝරි..වට පිටේ මිනිස්සු ඉන්නවා"
තාත්තා සාලෙ මැද සෝෆාවේ ඉදගන්න ගමන් එහෙම කිව්වා.රොහාන් මගේ අතින් අල්ලගෙනම මාව ගේ ඇතුලට එක්ක ගෙන ගියා.

"අම්මේ මන් සුලෝව මැරි කලා"
ඒක කියලා ඉවර වෙනවත් එක්කම රොහාන්ගේ කම්මුල පුරා ලොකුම ලොකු අතුල් පහරක් වැදුනා.රොහාන්ගේ අම්මා ගිනි පිටවෙන ඇස් දෙකෙන් රොහන් දිහා බලාගෙන හිටියා.රොහාන් කම්මුලේ අත තියාගෙනම ආයෙම කතා කලා.
"ඒ එක්කම තවත් පාහරක් අනිත් කම්මුලට වැදුනා."
ඒත් එක්කම තාත්තා ඇවිත් අම්මගෙයි රොහාන්ගෙයි අතරෙන් හිට ගත්තා..හිර වෙලා තිබ්බ කදුලු හෝ ගාල මගේ ඇස් වලින් ගලන්න ගත්තා.ඒ හැම පහරකදිම රොහාඅන් තව තවත් තදින් මගේ අත අල්ල ගත්තා.මැද්දට පැනලා 'අනේ මගේ රොහාන්ට ගහන්නෙපා'කියන්න ලොකු උවමනාවක් තිබ්බත් එච්චර ශක්තියක් තිබ්බෙ නෑ මන් ළග..

"ඔක්කොම කරගෙන ඇයි දැන් මෙහෙ ආවේ?"
"තාත්තේ අපිට සමාවෙන්න මට සුලෝ නැතුව බෑ.මට එයාව අතාරින්නත් බ.ඉතින් ඔයාල මේකට කව්දාවත් කමති වෙන්නැති හින්දා මට තීරණයක් ගන්න උනා.."
"දැන් තමුන් කොහෙද නවතින්නේ?"
"තාත්තා?"
"ඔව් මන් තමයි මන් අහන්නේ දැන් තමුන් කසාදයක් එහෙම බැදපු ලොකු මිනිහෙක්නේ.දැන් කොහෙද නවතින්නේ.මේ වහල යට ඉඩක් තියේවි කියලා හිතා ගෙන හිටියේ නැතුව ඇතිනේ?"
"මගේ යාලුවෙක් අපිට ඇනෙක්ස් එකක් හොයලා දුන්නා"
රොහාන් ඒ කිව්වේ බොරුවක්.හැමදේම හදිස්සියට වෙච්ච නිසා අපි එහෙම දෙයක් ගැන හිතලා තිබ්බේ නෑ.

"හ්ම්... එහෙනම් යන්න ගිහින් ඇදුම් ටිකත් අරගෙන එන්න.අම්ම ගැනවත් මන් ගැනවත් මීට පස්සෙ නොබැලුවට කමක් නෑ.අපි අපේ පාඩුවේ ඉන්නම් අපිට පුතෙක් හිටියෙ නෑ කියල හිතාගෙන"
"තාත්තේ එක පාරක්..."
"නෑ නෑ මන් දැන් දහ පාරක් විතර කියලා ඇති මේක කරගත්තොත් මොකද වෙන්නේ කියලා ඒ හින්දා තවත් අම්මව අවුස්සන්නේ නැතුව දැන්ම ගිඔයොත් හොදයි"
රොහාන් මාවත් එක්කගෙන එයාගේ කාමරෙට ගියා ඇදුම් ටික ගන්න.අම්මා එයාගේ කාමරේට ගිහින් දොර වහගත්තමයි අපි යනකනුත් එළියට ආවෙ නෑ.තාත්තා අපි යනකන් ඉදලා ගෙදර දොර වහ ගත්තේ කිසිම දෙයක් කියන්නෙ නැතුව.
අන්තිමේදි මාත් එක්කම රොහානුත් ජීවිතේ තනි උනා.අලුත් දෙයක් නෙමේ ඇත්තටම ඒ අපි දෙන්නම බලාපොරොත්තු උන දෙයක්.
අපි කෙලින්ම ආවේ මහේශ්ගේ ගෙදරට.වෙච්ච සිද්දිය කිව්වට පස්සේ හෙට වෙද්දි ඇනෙක්ස් එකක් හොයලා දෙන්න මහේශ් පොරොන්දු උනා.එදා රෑ අපි හොටෙල් එකක් නැවතුනා.

                         ------------------------නැවතත්-------------------

2 comments:

  1. කොහෙදෑ යෝදියේ පහුගිය ටිකේ රෝංදෙ ගියේ?

    ReplyDelete
    Replies
    1. රෝන්දේ ගියෙ නෑ මදාවියෝ මගේ ලැප මට ලොකු ලයින් දෙන්න ගත්තනේ.... :D

      Delete