Monday, August 17, 2015

****වළාකුලු බැම්ම **** (16)

 

 

මහේශ් වැල්ලවත්තට කිට්ටුවෙනැනෙක්ස් එකක් අපිට හොයලා දුන්නා.සාලෙකුයි කාමරයයි කුස්සියයි.මටනම් ඒක ඕනවටත් වැඩි උනා.ඒත් රොහාන්ටත් එහෙම්මම දැනුනද කියන්න මන් දන්නෑ.දැනුනත් එයා කවදාවත් එතන අඩු පාඩුවක් කිව්වේ නෑ.මුල් දවස් ටික අම්මලාගෙන් වෙන් වෙච්ච එක ගැන දුක් වුනත් පස්සේ දවස් ගෙවෙනවත් එක්ක ඒ දුක හෙමින් සැරේ තුනී වෙලා ගියා.නිශානි එයාලගේ අම්මලත් එක්ක ඉදල හිටලා ඇවිත් ගියා.කටු කම්බි උඩින් ඇවිදලා ආයෙම පිනි වැටුනු තණ බිස්සක පය තිබ්බා වගේ මට දැනුනා.ඉදලා හිටලා හීරුනු තුවාල රිදෙන්න ගත්තත් ඒ හැමදේම් ටික වෙලාවකට විතරක් සීමා උනා.

ඒ පුන්චි ගේ පුරාම තිබ්බේ ආදරේ විතරයි.රොහාන් එක්ක මාත් උදේට වැඩට ගියා.මුලු දවසෙමත් රොහාන් එක්ක ඉදලා ආයෙම රෑට එයා එක්කම ගෙදර ආවා.පුලුවන් හැමවෙලාවකම අපි එක එක තැන් වල ඇවිද්දා.අපේ ලෝකේ අපි දෙන්න ඇතිතරම් තනි වුනා.හිත් රිදීම් පසුතැවිලි තිබ්බෙම නැති තරම්.

බෑන්ක් එකේ තිබ්බ ගෙට් එකකදි රොහාන්ට එයාගේ අම්මව හම්බවෙලා තිබ්බ දවසක්.ඒ අපි මැරි කරලා මාස 5ක් විතර ගියාට පස්සේ දවසක.රොහාන් අමා ළගට කතා කරන්න ගිහාම මග ඇරලා ගියේ හරියට මූණ දිහාවත් බලන්නැතුවලු.එදා රොහාන් පාටි එකත් මග දාලා ගෙදර ආවා.ඒ මාස ගානට රොහාන් දුකින් ඉන්නවා මන් දැක්කේ එදා.

මාස හයකට පස්සේ අපි අලුතෙන් ගෙයක් ගත්තා.ඒක තිබ්බේ කොළබ කිට්ටුවම නෙමේ.පන්නිපිටිය පැත්තේ.නිස්කලන්ක පැත්තක පුන්චි ගෙයක්..කාමර තුනයි කෙම කාමරයයි,කුස්සියයි,වොශ් රූම් එකකුයි,තරමක ලොකු මිදුලකුයි තිබ්බා.අහල පහල කට්ටියත් ගොඩාක් හොද උනා.උඩේ පාන්දරම බෑන්ක් එකට යද්දි ට්‍රැෆික් සෙට් වෙන හින්දා හැබැයි අපිට වෙනදට වඩා ටිකක් උදෙන් නැගිටින්නනම් උනා.


ඒ ගෙදර ආපු ගියපු අය අතරේ සුමනේ අය්යත් හිටියා.අම්මා ගැන විස්තර මන් දැන ගත්තේ එයාගෙන්.අම්මට මන් එක්ක නවතින්න එන්න කියලා මන් කිව්වත් අම්මට වනාත මුල්ලෙන් තොර ජීවිතයක් තිබ්බේ නෑ.සුමනේ අයියා ගෙදර ඇවිත් ගියාට මොන හේතුවක් හින්දද මන්දා රොහාන්ගෙනම් එයාට වැඩි කැමැත්තක් තිබ්බෙ නෑ.ඒ ඇයි කියලා ඇහුවම රොහාන් කිව්වේ 'ඒ මිනිහා මොන එහෙකට මෙහෙ එනවද?මිනිහගේ විදිහ මට අල්ලන්නෑ මහ කපටි මිනිහෙක්' කියලා..මන් වැඩි විස්තර අහන්න ගියේ නෑ.මොකද ඒක අනවශ්‍ය ප්‍රශ්නයක් වෙයි කියලා මට නිකමට හිතුන හින්දා..

අපි මැරි කරලා අවුරුදු එකහාමාරකට විතර පස්සේ රොහාන්ට එයාගෙ ජීවිතේ වටිනම තෑග්ග මන් දුන්නා.ඒ රොහාන් තාත්තා කෙනෙක් වෙන්න යන ආර0චිය.මට මතකයි එදා රොහාන් හැසිරුනේ පුදුම සතුටකින්.කෑගැහුවා හිනා වුනා දකින දකින සැරේට මාව අල්ලගෙන ඉම්බා.ඇත්තටම රොහාන්ගේ ආදරේ එදා ඉදන් ආයෙම අලුත් උනා වගේ මට දැනුනා.අපි දෙන්න අපේ පුන්චි පැටිය එනකන් හීන බැලුවා.සාම්ප්‍රදායික විදිහටම දුවෙක්ද පුතෙක්ද කියලා අපි තර්ක කලා,කවුරු වගේ වෙන්න ඕනද කියලා මැව්වා,තියන නම් ගැන හිතුවා,එයා වෙනුවෙන්ම කාමරේකුත් හැදුවා,රොහාන් හුගක් වෙලාවට ගෙදරට බඩු ගේන ගමන් සෙල්ලම් බඩුවකුත් ගෙනාවා අපේ පැටියගේ කාමරේ තියන්න.බබා ලැබෙන්න ළන් වෙනකොට මුලු කාමරයක් පුරෝලම බඩු පිරිලා තිබ්බා.
කොහොම හරි රොහාන් වගේම ලස්සන චූටි පුතෙක් අපේ ජීවිත වලට එකතු වුනා.වෙන මොනවාද අපිට ඕන වෙලා තිබ්බේ.මුකුත්ම නෑ.අපි සර්වසම්පූර්ණයි කියලා අපිට හිතුනා.


රොහාන් මහන්සි වෙලා හැඩ කරපු ඒ කාමරේ අයිති කාරයව අත් දෙකෙන්ම අරන් ඒ කාමරේට එද්දි රොහාන්ගේ ඇස් දෙකෙ කදුලු පිරිලා තිබ්බා.ඒ කදුලු දැකපු මට රොහාන් ගැන ඇති උනේ පුදුම ආදරයක් ඒ වගේම ගෞරවයක්.'අනේ මගේ මහත්තයෝ මන් මොන පිනක්ද මේ කරලා තියෙන්නේ' කියලා මන් මගෙන්ම් ඇහුවා.
අපේ පැටියව බලන්න ගොඩාක් අය ආවා.ඒ අතරේ සුමනේ අයියත් හිටියා.

හැමදේම හොද විදිහට සිද්ද වෙලා තියෙද්දි එක දවසක් සුමනේ අයියා කියපු කතාවක් මගේ මුලු හිතම හිරිවට්ටන්න උනා.

"උබ එහෙනම් මාව ඇතෑරලා ගොඩාක් දුර ගියා පොඩ්ඩියේ"
මට කිසි දෙයක් හිතා ගන්න බැරි උනා.එවෙලේ රොහාන් ගෙදර හිටියෙත් නෑ.
"අයියේ?"
සුමනේ යියා කිසිම අමුත්තක් නැතිව දිගටම කතා කලා.
"උඹට දැන් සුරලෝකෙ පහල වෙලානේ.ඒත් අපි තාම අර නරකාදියේ."
"මට තේරෙන්නෑ අයියා කියන එක?"
"උඹට මට මේක කියන්න තිබ්බේ කලින්.දැන් ඉතින් උඹට තේරුනත් නොතේරුනා වගේ ඉදීවි"
"කියන දෙයක් කෙලින් කියන්න අයියේ"
"අහ් කෙලින්නම් ඕන මෙකයි කතාව.උඹ හිතන්නෙපා පොඩි කාලේ ඉදලා මන් උඹලට උදව් කලේ මන් මේ දන් දෙන්න බලන් ඉපදුන නිසා කියලා.මට ඕන උනේ උඹව.අපේ අම්මා මුලින්ම උඹ ගැන උඹලගේ අම්මා එක්ක කතා කලේ මන් කියපු හින්දම තමා."

මට කිසි දෙයක් හිතා ගන්න බැරි උනා.මුලු ඇගම හිරි වැටී ගෙන ගියා.මන් මගේ අතේ හිටපු පැටියව ඇද උඩින් තිබ්බේ මගේ අත්වල වාරුව නැති වෙලා ගිය හින්දා.

"ඇයි දැන් ඕක කියන්නේ?"
මන් වචන ගැලපුවා.මොකද්දෝ අමුතු බයක් මගේ හිතට ඇවිත් තිබ්බා.

"දැන් කියන්නෙද? දැන් කියන්නේ උඹ අර මැනේජරයත් එක්ක පවුල් කන එක බලන් ඉන්න බරි හින්දා?"

"අනේ සුමනේ අයියේ පව් කතා කියන්නෙපා.මන් ඔයාගෙන් මෙහෙම දෙයක් බලාපොරොත්තු උනේ නෑ දෙයියනේ..?"
"පුලුවන්ද උඹට මන් එක්ක එන්න?"

ඒ වචන ටිකට උත්තර දෙන්න මගේ වචන වලට ව්සඩා ඉක්මන් උනේ මගේ අත.හැමදාම අයියා කෙනෙක්ට වගේ සලකපු සුමනේ අය්යට එහෙම කැත යෝජනවක් කරන්න පුලුවන් කියලා මන් තුන් හිතකින්වත් හිතුවෙ නෑ.සුමනේ අය්යගේ කම්මුල හරහා ගියා පාරට එයාට මොනවා හිතුනද මන් දන්නේ නෑ.

"බහිනවා එළියට..ආයේ මේ පැත්තේ එන්න තියා හිතන්නවත් එපා.මෙච්චර කාලෙකට මන් අයියෙක්ට වගේ සැලකුවා දැන් ඒ මුකුත් නෑ..යනවා."


                       -------------------------නැවතත්-------------------------

2 comments:

  1. බස් එකට ටිකට් එක අරං දීලත් ඕවා තමා බලාපොරොත්තුව. වෙස්සන්තරලා නෑ දැන් කාලේ.

    (අල ගෑල්ලමයා හලී කියුට්)

    ReplyDelete
    Replies
    1. ඒක තමයි බයෙත් බෑ අෆ්ෆා..... :D
      ඒ ඉතින් අපේ සුලෝ අක්කනේ.. ;)

      Delete