Sunday, January 24, 2016

රොබරෝස අතරේ***

 

 

පිපෙන පරවෙන රොබරෝස අතරේ

වසන්තය සගවා තියා

කාටවත් නොකියාම ඉපදුන පෙමක්

ගිම්හානෙට වෙලා

දකින නොදකින හීන ගැළපෙන 

රැයක නින්දක් නොම පතා

හන්තාන අහසම පුරා හෙමිහිට

නුඹව සිත්තම් කලා


හිතුමතේ නවතින්න මේ හිතම තියන්නම්

නුඹ ඇවිත් කොපුල් මත හාදුවක් තබයි නම්

මන් තනිව මුමුණාපු ගීය නුඹටත් ඇසේනම්

හිතනුනම් බැරි වේවි ආදරේ තරම මන්


මන් තනිව මල් පාරේ පුරුදු සේ යන්නම්

නුඹ නොමැති හන්තානෙ සීතලෙන් වෙලෙන්නම්

රහසේම නුඹේ නම රෝස පෙත්තක ලියන්නම්

වරක් නොව දහස් වර ඒ ලියූ නම සිඹින්නම්


4 comments:

  1. සුන්දරයි...............

    ReplyDelete
  2. සුන්දරයි සේම අපූරුයි
    ලසසනයි සුසි

    ReplyDelete