Saturday, January 2, 2016

****වළාකුලු බැම්ම **** (19)

රනුක වෙනුවෙන් වැටෙන්න පුලුවන් හැම කදුලම අපේ ඇස් වලින් වැටුනා.නිශානියි සහනුයි නිශානිගේ අම්මයි තාත්තයි හැමදේම හොයලා බලලා කලේ මායි රොහානුයි හිටියේ හොද සිහියෙන් නෙමේ නිසා.

සුමනේ අයියත් ඇවිත් හිටියා.රොහාන් වෙනදට වඩා සුමනේ අයියත් එක්ක කතා කලා කියලා මන් දැක්කා.


හැමදේම ඉවර වෙලා අපේ පුන්චි ගෙදර ආයෙම අපි දෙන්නා තනි උනා.හිනා හඩක්වත් ඇහෙන්න කලින්,අම්මෙ කියලා කතා කරන්න කලින් ඒ බලාපොරොත්තු හැම එකක්ම අරගෙන අපේ පැටියා යන්න ගියා.ජීවිතේ ඔහේ ගෙවුනා.ජීවිතේට කොහොම හරි මුහුණ දිය යුතුව තිබ්බා.


එදා මායි රොහානුයි දෙන්නම බෑන්ක් එකට යන්නේ නැතිව ගෙදර නැවතුනා. ඒ නිශානිලාගේ ගෙදර ලන්ච් එකකට අපිට එන්න කියලා තිබ්බ හින්දා.


"සුලෝ බෙල් එක වැදුනා නේද?බලන්න කවුද කියලා" රොහාන් එහෙම කිව්වේ මන් ඇදගෙන ඉවරවෙලා හිටපු නිසා.මන් ඉතින් ගිහින් දොර ඇරියා.


"මිස්ටර් රොහාන් තේනුවර ඉන්නේ මෙහෙද?"

"ඔව් ඉන්ස්පෙක්ටර්..ඇයි එයාව හොයන්නේ?"

"තමුන් කවුද?"

"මන් එයාගේ වයිෆ්"

"අහ් අපි ආවේ එයාව...."


"සුලෝ කවුද?"රොහාන් එහෙම අහගෙනම ඉස්සරහට ආවා.රොහාන් පොලිසිය දැකලා ගොඩාක් කලබල උනා.


"ආ තමුන්ද රොහාන් තේනුවර?"

"ඕ...ඕ..ඔවු ඉන්ස්පෙක්ටර්"

"යමු අපිත් එක්ක.පොලීසියට ගිහින් ඉතුරු විස්තර දැන ගමු"


"රොහාන් ඇයි මේ?" පොලීසිය කියපු දේට රොහාන් එකග උනා වගේ පෙනුමක් තිබ්බා.රතු වෙච්ච ඇස් දෙකේ කදුලු පුරෝගෙන මන් දිහා ටික වෙලාවක් බල ඉදලා රොහාන්ම ගිහින් ජීප් එකට නැග්ගා.


ඇයි මේ? මොකද්ද මෙතන වෙන්නේ? මට ඔක්කොම පැටලිලා තිබ්බා.හැමදේටම මට ඉන්න නිශානිත් එක්ක මන් පොලීසියට ගියා.මන් යනකොට රොහාන් හිටියෙ හිර කූඩුවක.වට පිටේ කිසි දෙයක් ගැන බලන් නැතුව මන් කෙලින්ම රොහාන් ළගට ගියා.මාව දැක්ක ගමන් රොහාන්ට ඇඩුනා.


"ඇයි පැටියො මෙ මිනිස්සු ඔයාව මෙහෙම හිර කරන් ඉන්නේ?"

මන් එහෙම අහද්දි රොහාන් බිත්තියට හේත්තු වෙලා එහෙම්මම බිම වාඩි උනේ අඩාගෙනමයි.


"මට සමාවෙන්න සුලෝ...මට සමාවෙන්න"

මාත් එහෙම්මම බිම වාඩි උනා

"ඇයි දෙයියනේ මේ ඔයා මොකද්ද කරපු වැරැද්ද?කියන්න ඔයා මුකුත් කරලා නෑ කියලා"

"නෑ සුලෝ මන් ලොකු වැරැද්දක් කලා."

"අනේ රොහාන්...?"

"අපේ පුතාට ඇමරිකා යන්න සල්ලි ඕන උන වෙලාවේ මන් ගියේ ඔයාලගේ සුමනේ අයියා ළගට.අපිට ඕන වෙලා තිබ්බ තරම් ඉක්මනට සල්ලි හොයා ගන්න පුලුවන් නේද කියලා මට මතක් උනේ එයාගෙන් විතරයි.

"අනේ දෙයියනේ...."

"මොකද වුනේ කියලා හිතා ගන්න පුලුවන්නේද සුලෝ ඔයාට?"

"කියන්න ඉතින් මොකද වුනේ?" ලෝන් ගන්න පුලුවන් කම තියෙද්දි,සල්ලි තියෙන යාලුවොත් ගොඩ දෙනෙක් ඉද්දි,අම්මලා ළග දනින් වැටිලා හරි සල්ලි ඉල්ලගන්න පුලුවන් කම තියෙද්දි රොහාන් මොන එහෙකටද ඒ මනුස්සයා ළගට ගියේ කියලා මතක් වෙද්දි මට පුදුම කේන්තියක් ආවා.මගේ ජීවිතේට දෙයියනේ සැනසීම කියන වචනෙ එනවා යනවා විතරයි.මුලු ජීවිතේම ප්‍රශ්න වලින් පිරිල.

ඒ මොනවා වුනත් රොහාන් පුතාගේ ප්‍රශ්නේ තිබ්බ දවස් වල හිටියේ හරි හමන් සිහියකින් නෙමේ.සමහර විට ඒ දුක වෙන්නැති රොහාන්ව ඒ තීරණේ ගන්න පොලඹවන්න ඇත්තේ.රොහාන් පව්.රොහාන්ට ඕන උනෙත් අපේ පුතා එක දවසක් හරි වැඩිපුර අපි දෙන්නා ළග ඉන්නවා දකින්න.

 

 


"සුමනේ අයියාට අරාබියෙ වල ලොකු කස්ටමර් කෙනෙක් හම්බුනා කියලා එයාට කුඩු යවන්න බ්‍රෝකර් කෙනෙක් හොය හොය හිටියේ ඒ දවස් වල.ඉතින් මගේ ප්‍රශ්නේ මන් කිව්වම සුමනේ අයියා මට කිව්වා ඒ වැඩේට නම දෙන්න කැමතිනම් ඉල්ලන ඕන ගානක් සතියක් ඇතුලත දෙන්නම් කියලා.මන් ඇහුවම ප්‍රශ්නයක් වෙයිද කියලා එයා කිව්වා සම්පූර්ණ වගකීම එයා ගන්නවා කියලත්.මට ඒ වෙලාවේ ඒක ඇත්තද බොරුද කියලා හොය හොය ඉන්න තරම් සිහියක් තිබ්බේ නෑ සුලෝ."

"හ්ම්ම්...... දැන් මට මොකද්ද කරන්න පුලුවන් රොහාන්?"

"අනේ ඔහොම අහන්න එපා සුලෝ.මට බනින්න ඇයි මෙහෙම දෙයක් කරගත්තේ කියලා මට බනින්න..ඔහොම කතා කරද්දි මට මැරෙන්න හිතෙනවා සුලෝ."

"ඔයා එවෙලේ ඉන්න ඇති තත්වෙයි දැන් ඉන්න තත්වෙයි මට තෙරුම් ගන්න පුලුවන් රොහාන්.ඉතින් මන් කොහොමද ඔයාට මුකුත් කියන්නේ.ඔයා හැමදේම කලේ මන් වෙනුවෙනුයි පුතා වෙනුවෙනුයි කියලා කියන්න මන් හොදටම දන්නවා රොහාන්.ඔයා බය නොවී ඉන්න.මන් කොහොම හරි විසදුමක් හොයා ගන්නම්".


මන් නිශානිත් එක්ක එදා රෑ නිශානිලාගේ අම්මලගේ ගෙදර නැවතුනා.ඒ මිනිස්සු එදත් මාව දුවෙක් විදිහටම පිළිගත්තා.ඒක මගේ හිතට ලොකු සැනසීමක් උනා.


නිශානිගේ තාත්තගේ මාර්ගයෙන් අපි ලෝයර් කෙනෙක්ව කතා කරගත්තා.ඒ ලෝයර් කියපු විදිහටනම් රොහාන්ට එළියට එන්න තියෙන චාන්ස් එක ගොඩාක් අඩුයි කියලා කිව්වා.විස්තර හොයලා බැලුවම සුමනේ අයියා හැම තැනටම දාලා තිබ්බේ රොහාන්ගේ නම.කුඩු අයිති කෙනත් රොහාන්,පිටරටට යවපු කෙනත් රොහාන්,පිටරටින් ආපු සල්ලි ලැබුන කෙනත් රොහාන්..සුමනේ අයියගේ නම් කොහෙවත් ගෑවිලා තිබ්බේ නෑ.ඒ මනුස්සය මගේ අසරණ රොහාන්ව රවට්ටලා.ආයෙ අවුරුදු ගානකටම ගොඩ එන්න බැරි වෙන්න.

නඩුවෙදි උනත් අපිට රොහාන් නිර්දෝෂි කියන්න තරම් සාක්ෂි තිබ්බේ නෑ.සුමනේ අයියා උසාවිය පැත්ත පලාතේ ආවේ නෑ.මන් දහ පාරකට වඩා සුමනේ අයියා ළග බැගෑපත් වෙන්න ඇති මගේ රොහාන්ව බේරලා දෙන්න කියලා.ඒත් ඒ මිනිහට තිබ්බේ ගල් හිතක්.රනුකගේ සිද්දියත් එක්ක අල්ලලා ගත්ත මානුෂීය පැත්තක් විතරයි අපිට තිබ්බේ.ඒත් උසාවියකට මොකටද ඒවා සාක්ෂි නැතුව.

අවුරුදු දහයක්...ඔව් අවුරුදු දහයක්..ඒ රොහාන්ගේ දඩුවම.දරුවෙක් වෙනුවෙන් හීන බලපු තාත්තෙකුට හම්බ උන දඩුවම.


මට දැනුනේ මම පාවෙන මළ කදක් වගේ.අඩන්න කදුලක්වත් ඉතිරි වෙලා තිබ්බේ නෑ.පණ කෙන්දක් ඇගේ ඉතිරි වෙලා තිබ්බේ නෑ.නිශානි එයාගේ ගෙදර එන්න කිව්වත් රොහාන් මටයි අපේ පුතාටයි අරන් දීපු ගෙදර දාල යන්න මට හිතුනෙම නෑ.


සතියක් විතර නිශානි මා එක්කම හිටියා.ආයෙම බෑන්ක් එක ජොබ් එකට යන්න මට මගේ හිත ඉඩ දුන්නෙ නෑ.බෑන්ක් එකේ යාලුවෙක්ට කියලා කොළඹ ටෙක්ස්ටයිල් ෂොප් එකක ජොබ් එකක් හොයා ගත්තා. බෑනක් එකේ එක්ස්පීරිඅන්ස් එක හින්දා අකවුන්ටන්ට් කෙනෙක් විදිහට ජොබ් ලැබුනා.

සතියකට සෙරයක් මන් රොහාන්ව බලන්න ගියා.මන් තනියම අපේ ගෙදරට වෙලා ඔහේ හිටියා.බලාපොරොත්තුවක් නෑ.සතුටක් නෑ.ඒත් මන් ජීවත් උනා.රොහාන් වෙනුවෙන්.


රොහාන් රිමාන්ඩ් කරලා මාස පහකට විතර පස්සෙ සුමනේ අයියා අපේ ගෙදර ආවා.එදා මන් හොදටම බැනලා එයාව එලවගත්තා. එදා කර බාගෙන ගියාට ආයෙම ආවා සතියකට විතර පස්සේ.

                                             

                               -------------------------නැවතත්----------------

4 comments:

  1. අපි බලං ඉන්නවා ඊළඟ කොටස වෙනකම්.////

    ReplyDelete
    Replies
    1. ඔන්න ලිව්වා එහෙනම්.. :)

      Delete