Monday, January 4, 2016

****වළාකුලු බැම්ම **** (21)

එදා මන් රොහාන්ව බලන්න ගියේ නිශානිත් එක්ක.නිශානි එළියෙන් ඉද්දි මන් රොහාන්ව බලන්න ඇතුළට ගියේ සුමනේ අයිය ගැන කියනවා කියලා හිතා ගෙන.ඒත් මට රොහාන්ට ඒක කියන්න කළින් මට ඇඩුනා.ඒ මූණ දිහා බලන් වචනයක්වත් කියන්න බැරි උනා මට.එහෙම්මම මන් එළියට දුවගෙන ආවා.මාව දැකපු නිශානි කලබලෙන් වගේ මගේ ළගට ඇවිත් මාව පුටුවකින් වාඩි කරවලා රොහාන්ව බලන්න ගියා.ටික වෙලාවකට පස්සේ නිශානි ආයෙම මන් ළගට ආවා.

"සූ යන්න.මේක තවත් හන්ගන එක තේරුමක් නැති හින්දා මන් රොහාන්ට හැමදේම කිව්වා..ඔයා ගිහින් ටිකක් කතා කරලා එන්න."

මන් හෙමින් හෙමින් ගිහින් රොහාන්ට ඉස්සරහින් වාඩි වුනා.

"ඔයා කොහොමද සුලෝ මෙච්චර ප්‍රශ්නෙකට තනියම මූණ දෙන්න.අනේ මට මේකේ ඉදන් කරන්න කිසිම දෙයක් නෑනේ මගේ රත්තරන්.මන් නිසා තමයි මේ ඔක්කොම.මන් නිසා තමයි....." රොහාන් අත් දෙකෙන් එයාගෙම ඔලුවට ගහ ගෙන ගහ ගෙන ගියා.

"අනේ රොහාන් ඔහොම කතා කරන්න එපා.මේ හැමදේම මගේ වැරදි මන් ඔයාගේ ජීවිතේට ආවේ නැත්තන් මේ මුකුත් නෑ රොහාන් එහෙනම් අද ඔයා කොච්චර හොද ජීවිතයක් ගෙවනවද..මට සමා වෙන්න රොහාන්"
"දන්නවද දැන් මොන දේ වුනත් මගේ ජීවිතේ වැදගත්ම දේ තමයි ඔයා මගේ ජීවිතේට ආපු එක."
"අනේ රොහාන්"
"මේ අහන්න සුලෝ.ඔයා මෙහෙ ඉන්න එපා.ඔයා පිටරටකට යන්න.ඔයාට සන්තෝශ්ව මතකද?එයා මගේ හොදම යාලුවෙක්.පුලුවන්නම් එයාට එක දවසක් මෙහෙ එන්න කියන්න.මන් විස්තර ඔක්කොම එයාට කියලා වැඩේ හරි ගස්සලා දෙන්නම්."
"ඒත් රොහාන් අපිට සල්ලි කොහෙන්ද?එහෙ ගිහින් ජීවත් වෙන්න සල්ලි ඕන රොහාන්.මට තවත් මිනිස්සු ඉස්සරහා බාල්දු වෙන්න බෑ.ඊට වඩා සැපැයි මන් මැරිලා යනවා."
"සුලෝ අහන්න ඔය මිනිහා ඔයාට දිගටම කරදර කරන්න තියාගත්තොත් ?"
"එහෙම වුනොත් එක්කො මන් මැරෙයි නැත්තන් මගේ අතින් ඒ මිනිහා මැරෙයි"
"සුලෝ පිස්සු කතා කියන්නැතුව ඔයා සන්තෝශ්ට කතා කරන්නකො"
"මට මේ හැමදේම් අත ඇරල දාල කොහේ හරි යන්න හිතෙනවා රොහාන්"
"ඔයා කොහේ කියලා යන්නද පැටියෝ" මේ රොහාන්ගේ ආදරය.හිත හදාගෙන මැරෙන්නවත් පුලුවන්ද මෙච්චර ආදරයක් මන් වෙනුවෙන් ඉතිරි වෙලා තියෙද්දි.

සුමනේ අයියාගේ කරදර එන්න එන්නම වැඩි උනා.රොහාන්ව බලන්න යන එක මන් හිතලම අඩු කලා.ජීවිතේ වැටෙන්න පුලුවන් අඩියටම මන් ඇදගෙන වැටුනා.සුමනේ අයියා ගෙදර එනකොට මලකදක් වගේ ගිහින් ඇද උඩ මන්ම වැතිරුනා.ඒ තරමටම මට හති වැටිලා තිබ්බා.ජීවිතේ ගැන මට මහා අප්පිරියාවක් ඇති වෙලා තිබ්බා.රොහාන් හිරේට නියම වෙලා අවුරුද්දක් යද්දි සුමනේ අයියා කියන නොසණ්ඩාලයගේ හිර කූඩුවේ මාත් හිර වෙලා හිටියා.තව අවුරුදු නමයක් මම ජීවත් වෙන්නේ කොහොමද කියන එක මට තියා උඩ ඉන්න දෙයියන්ටවත් හිතා ගන්න බැරි වෙන්න ඇති.විසදුම් දෙකයි.එක්කො මන් මැරෙන්න ඕන.නැත්තන් සුමනේ අයියා මැරෙන්න ඕන.
ආයෙම දවසක සුමනේ අයියා ආවා.එදා එයා වැඩි වෙලා හිටියේ නෑ.ආපු ගමන්ම ගියා.වෙව්ල වෙව්ල තිබුන මගේ කකුල් වලට යන්තන් පණක් ආපු ගමන් මන් වාහනේ අරගෙන කෙලින්ම දෙවුරම් වෙහෙරට ආවා.ඇයි මට එහෙම හිතුනේ කියන්න මට දන්නෑ.ඒත් මන් ගියා.
බෝ මලුවෙ ඉදගෙන ඔහේ බෝ කොල වල සිලි සිලි හඩට කන් දී ගෙන හිටියා.
ටික වෙලාවක් බෝ මලුවට වෙලා ඉද්දි පන්සලේ ලොකු හාමුදුරුවො ආවාස ගෙයි ඉදලා බෝ මලුව පැත්තට වඩිනවා දැක්කා.මන් ගිහින් ලොකු හාමුදුරුවන්ට කතා කලා.මගේ ප්‍රශ්නේ ගැන නෙමේ ජීවිතේ ගැන.ප්‍රශ්න වලට මූණ දෙන්නෝන කොමද කියන හැටි ගැන.

"මට දැනෙන විදිහටනම් මේ දරුවා සෑහෙන්න ලොකු ප්‍රශ්නෙක ඉන්නවා වගේ"
"එහෙම නැහැයි කියන්න බෑ ලොකු හාමුදුරුවනේ."
"හ්ම්.....මේ සන්සාරේ අපි මැරි මැරී ඉපදෙනකන්ම අපිට ප්‍රශ්න එක පිට එක එනවා දරුවෝ.පෙර ආත්ම වල කරන ලද කුසල් අකුසල් අනුව ඒ ප්‍රශ්න අඩු වැඩි විදිහට බෙදිලා යනවා.හේතු ඵල දහම කියන්නේ අන්න ඒකයි."
"එහෙමයි ලොකු හාමුදුරුවනේ"
"පෙර ආත්ම වල අපි කොච්චර කුසල් කලාද අකුසල් කලාද කියලා අපි දන්නේ නෑ නොවෑ.මේ ආත්මේ එන ප්‍රශ්න වලින් තමා අපි ඒවා තේරුම් ගන්නෝන.ඒ හින්දා අපි කරන්න ඕන ඒ එන ප්‍රශ්න වලට හිතේ හයියෙන් මූණ දීලා මේ ආත්මේ කිසිම කෙනෙකුට කිසිම විදිහකට අවැඩක් නොකර ඉන්න අධිෂ්ටාන කරගන්න එක තමයි"
"එහෙමයි ලොකු හාමුදුරුවනේ"

මගේ ඇස් දෙකේ කදුලු පිරිලා තිබුනා.ලොකු හාමුදුරුවොත් මන් දිහා අනුකම්පා සහගත් බැල්මකින් බැලුව මන් දක්කා.

"ඔය ළමයගේ හිතේ තියෙන ප්‍රශ්නේට මන් මෙහෙම විසදුමක් දෙන්නම්."
"අනේ ඔබවහන්සේට පින් අයිති වෙයි"
"ඔය දරුවගේ හිතේ සැනසීම ඇති කරගන්න බලන්න මුලින්ම.ඒකට ටිකක් මෙහෙන් ඈත් වෙන්න.මාතලේ පැත්තේ මෙහෙණින් ආරමයක් තියෙනවා.මන් ඕන නම් ඇඩ්‍රස් එක දෙන්නම්.පුලුවන්නම් එහෙ ගිහින් දවස් දෙක තුනක් ඒ මෙහෙණින් වහන්සේලාට ඇප උපස්තාන කරගෙන ඉන්න.ඔයා හිතේ තියෙන වික්ෂිපතභාවය අඩුවෙලා යාවි.අනික ඔය දරුව භාවනාවක් කරන්න පුරුදු වෙන්න.ඒ මෙහෙණින් වහන්සේලගෙන් කමටහන් අරගන්නත් පුලුවන් වෙයි"

ලොකු හාමුදුරුවො මට අලුත් බලාපොරොත්තුවක් දුන්නා.දෙපාරක් හිතන්න ඕන උනේ නෑ.අමුතුම හුස්මකින් හිතම පුරොගෙන ඇඩ්‍රස් එකත් ඉල්ලගෙන ලොකු හාමුදුරුවන්ට වැදලා මන් ගෙදර ආවෙ ඊළග දවසේ උදෙන්ම යන්න බලාගෙන.


පහුවෙනිදා පාන්දරම මෙහෙණින් ආරමය හොයා ගෙන පිටත් උනා.යන අතර මගදි තමයි නිශානිට කෝල් කරලා කිව්වෙත්.නිශානිනම් ඒ ගැන ගොඩාක් සතුටු උනා.

ආරමයක් උනාට එහේ පන්සලක තියෙන්න ඕන හැම දේම තිබ්බා.ඒක් පුන්චි පන්සලක් වගේ තිබ්බා.මන් එහෙට යද්දි ලොකු මෙහෙණින් වහන්සේට මන් ගැන ලොකු හාමුදුරුවෝ දන්වලා තිබුනා.මෙහෙණින් වහන්සේලාගේ කුටි වලට අල්ලලාම තිබ්බ එක හිස් කුටියක් අස් පස් කරලා ගන්න කියලා මට යතුර බාර දුන්නේ ආරමේ හිටපෞ තවත් මෙහෙණින් වහන්සේ නමක්.

මෙහෙණින් වහන්සේලාට ගිලන්පස පිළිගන්වන එක, බෝ මලුව අමදින එක, මල් ආසන පිරිසිදු කරන එක,බුද්ද පුජාව පූජා කරලා ඉවර උනාම ඒව අස් පස් කරන එක වගේ පුන්චි පුන්චි වැඩ මට කරන්න නියම කෙරුනා.ඒ අතරේ ලොකු මෙහෙණින් වහන්සේගෙන් කමටහන් අරගෙන අනාපානසතිය වඩන්නත් මන් පුරුදු උනා.ඒකනම් හැබැයි හිතන තරම් ලේසි උනේ නෑ.

දවස් දෙක තුනක්ම ගෙවිලා ගියා.ඒ පරිසරය දාල එන්න බැරි අමුතු හැගීමක් මට දැනුනා.නැවත පැමිණිය යුතුයි කියලා මන් හිතාගත්ත දිනයට කලින් දවසේ ලොකු මෙහෙණින් වහන්ස මගේ මුලු කතාවම අහන් හිටියා..ඒ කතාව අවසානේ මන් තීරණයක් අරගෙනත් තිබුනා.ඒක මට හොරා මගේ හිත ගත්ත තීරණයක් විය යුතුයි.ඉතින් වරදින්න බෑ.

"මෙහෙණින් වහන්ස මන් මහණ වෙනවා"
"එහෙම හිතෙන එකත් පිනක්.ඒත් දරුවා හොදට හිතලා බලන්න.ඔයා ඒ අඩිය ඉස්සරහට ගත්තොත් ආයෙ ආපස්සට තියන්න බෑ.ඒ හින්දා හිතන්න හොදට"
"මැරෙන්න තරම් ප්‍රශ්න ආපු මට මේ තීරණය ගැන ආයෙම හිතන්න කරුණු කාරණා නෑ මෙහෙණින් වහන්ස."
"එතකොට ඔය දරුවගේ මහත්තයා මේකට කැමති වෙයිද?"
 මම ටිකක් නිහඩ උනා...ඇත්තටම අන්න එතන මට හිතන්න ඕනම තැනක් කියලා මට හිතුනා.
"ඒක තම්යි දරුවා.දැන් හෙට ඔය ළමයා ආයෙම යනවනේ.ඒ ගිහින් හොදට හිතලා බලලා තීරණයක් ගන්න."

මන් පහු වෙනිදා ආයෙම ගෙදර ආවා.

              -----------------------නැවතත්-----------------

No comments:

Post a Comment