Sunday, January 3, 2016

****වළාකුලු බැම්ම **** (20)

"අනේ සුමනේ අයියේ මට මගේ පාඩුවේ ඉන්න දීලා යන්න.මට ඔය මූණවත් බලන්න හිතෙන්නේ නෑ."
"උඹට බෑ පොඩ්ඩියේ මාව එහෙම ලේසියෙන් එලවලා දාන්න."
"කියන්නෙපා ආයෙම පොඩ්ඩියේ කියලා මට.මන් මගේ අයියා කෙනෙක්ට වගේ තමුන්ට සැලකුවේ.ඒ හින්දද මගේ රොහාන්ව අච්චර ලොකු කරදරේක පැටලුවේ?"
"අනේ මේ ඌට ඒවෙලාවේ මොන ලෝකෙකින් හරි සල්ලි ඕන වෙලා තිබ්බේ.මන් වෙස්සන්තරද ඌට ඕන ඕන වෙලාවට මගේ සල්ලි දෙන්න.මට කරන්න තිබ්බ උදව්ව තමයි මන් කලේ."
"චිහ්..... තමුසේ මහ පහත් මිනිහෙක් අයිසේ යනවා යන්න මෙතනින්.නැත්තන් මන් කෑගහනවා හැමෝටම ඇහෙන්න"
"උඹට එච්චර හයියක් නෑ පොඩ්ඩියේ..උඹට එච්චර හයියක් නෑ.."
සුමනේ අයියා එහෙම්මම කියාගෙන ඉදගෙන හිටපු පුටුවෙන් නැගිට්ටා.මහා කැත හිනාවක් ඒ මූණේ තිබ්බේ.
"යන...." මට කියන්න හම්බ වුනේ එච්චරයි.සුමනේ අයියා මගේ උරහිසින් අල්ලගෙන එහෙම්මම බිත්තියට හේත්තු කරගත්තා.මගේ ඇස් දෙකෙන් ගිනි පිටවෙන තරම් කේන්තියක් ආවා.මන් අත ඇරපන් කිය කිය කෑ ගැහුවා.ඒත් ඒ මිනිහාගේ යකඩ වගේ අත් පය එක්ක හරඹ කරන්න මට හයියක් නැති උනා.කදුලු හෝ ගාල මගේ ඇස් දෙකෙන් කඩාගෙන වැටෙද්දි ඒ සතාගෙ රැවුල් කොට මගේ බෙල්ලේ ගෑවෙනවා මට දැනුනා.සිහියක් පතක් නැතුව මාව එහෙම්මම ඇද ගෙන වැටුනා කියලා මට මතකයි.සිහිය එද්දි මන් හිටියේ මගේ කාමරේ.මන් එතනට ආවේ කොහොමද මොනා වුනාද කියන්න මට දැනගන්න ඕන උනත් ඒ උන දේවල් වලට මූණ දෙන්න මන් බය උනා.

'කාටද මේක කියන්නේ.රොහාන්ට?බෑ ඒ මනුස්සයා පිච්චෙයි මේක දැන ගත්තම.නිශානිට?ඔව් වෙන කවුද මට ඉන්නේ.ඒත් සුමනේ අයියා නිශානිලටත් ප්‍රශ්න ඇති කලොත්.දෙයියනේ මන් කොමද මේ දේවල් තනියම දරාගන්නේ.' මගේ හිත සිය දහස් වාරයක් අඩා වැටුනා.
ඒ සිද්දියට පස්සෙ මන් රොහාන්ව බලන්න ගිහාම මට පුදුම විදිහට ඇඩුනා.රොහාන් බයත් උනා.රොහාන්ට තේරුනා මන් ඉන්නේ ප්‍රශ්නෙක කියලත්.ඒත් මට ඒක එයාට කියන්න හිතුනෙම නෑ.

ආයෙම දවසක මන් වඩ ඉවර වෙලා ගෙදර එද්දි සුමනේ අයියා ගේ ඉස්සරහට වෙලා හිටියා.මගේ කකුල් දෙකේ ඉදලා ගැහෙන්න ගත්තා.

"තමුසේ මොන එහෙකට ආයෙම ආවේ.තව් ගන්න දේවල් ඉතිරි වෙලා තිනවද තමුසෙට.?"
"පොඩ්ඩියේ මේ අහපන්.යමන් මාත් එක්ක.අරූ මත්තෙම නැහිලා උඹට මොනාද ලැබෙන්නේ?"
"අරූ මූ කියන්න එපා එ අමගේ මහත්තයා.මැරෙනකන් හරි මන් ආදරේ කරන මගෙ අමහත්තයා."
"හරි හරි උඹේ ඔය මහත්තයා ඕකෙන් එයිද කියන්න කවුද දන්නේ?"
"මොකද්ද තමුසේ කිව්වේ?"
"උඹ පොඩ්ඩියේ මට වැඩිය සද්ද දැම්මොත් ඒකව ඇතුලේ ඉද්දිම ඉවරයක් කරන හැටි මන් දන්නවා.උඹ අන්න ඒක මතක තියාගනඉන්."
"වචනයක් කතා කරන්නෙපා අයින් වෙනවා ඔතනින්" මන් එහෙම්මම කියාගෙන ගෙදර දොර ඇරියා.සුමනේ අයියගේ මූණටම දොර වහලා දාන්නයි මට ඕන උනේ.ඒත් මට කලින් සුමනේ අයියා ඉකමන් උනා.දොර තල්ලු කරගෙනම එයා ඇතුලට ආවා.මන් ආයෙම ඒ මිනිහගේ දැලට අහු උනා.

"අනේ පින්සිද්ද වෙයි මට ඉන්න දෙන්න සුමනේ අයියේ.පුන්චි කාලේ ඉදන් එකට හිටපු මට මෙහෙම වද දෙන්න පව් කියල හිතෙන්නැද්ද මන්?"
මන් සුමනේ අයියා ළග බැගෑපත් උනා.

"ඒකතමයි උඹට කියන්නේ වරෙන් මාත් එක්ක මේකට වෙලා හූල්ල හූල්ල ඉන්නෙ නැතුව."
"කියන දේ තේරුම් ගන්නවා මිනිහෝ" මට කේන්තියි.



එදත් එයා මට කරදර කරන්න ආවා.වාසනාවකටද අවාසනාවකටද මන්දා මට අතට අහු උන පිත්තල මල් පෝච්චියකින් මන් සුමනේ අයියගේ ඔලුවට ගැහුවා.ඒත් එක්කම එයාත් මට ලොකු කම්මුල් පාරක් ගැහුවා.මාව කැරකිලා ගිහින් පුටුවක් උඩට වැටුනා.

"උඹ සුදනා වෙන්න හදන්න එපා.උබ දන ගනින් උඹට නොකිව්වට උඹේ අක්කත් මුලින්ම ගියේ මන් එක්ක තමයි බොල.ඉතින් උඹ කවුද බන් මට. මන් මේක ලේසියෙන් අත් අරින්නේ නෑ අන්න ඒක මතක තියාගනින්."
"වනචරයා" මන් එහෙම හිතද්දි ඒ මිනිහා යනවා මන් දැක්කා.

මන් එහෙම්මම නිශානිව හොයා ගෙන ගියා නිශානි වැඩ කරන තැනට.නිශානි නිවාඩුවක් දාලා මා එක්ක ආවා.මන් මුල ඉදන්ම විස්තරේ කියන්න ගත්තා.මගේ කතාව ඔහේ අහගෙන අපි ඇවිදල ඇවිදලා අන්තිමට ගන්ගාරාමේ පන්සලට ගියා හිතට ටිකක් සහනයක් ලබා ගන්න හිතලා.

"ඔයා ඔය ගෙදර ඉන්න එක බයානකයි සූ.අපේ ගෙදර එන්න.නැත්තන් අම්මලාගේ ගෙදර යන්න.අපේ ගෙදරට වඩා එහේ හොදයි.අපේ දිහා දවල්ට කවුරුත් නෑනෙ.අම්මයි තාත්තයි දැන් රිටයර් හින්දා හැම වෙලේම වගේ ගෙදරනේ."
"අනේ බෑ නිශානි ඒ මිනිහා එහෙටත් හොයන් ඒවි.ඔයාලටත් කරදර කරාවි"
"එහෙම කියලා හැමදාම ඒ මිනිහට බයේ ඉන්න පුලුවන්ද සූ.මේකට විසදුමක් තියෙන්න එපැයි."
"විසදුමක් නෑ නිශානි.මන් දවසක් කිව්වම මන් පොලීසියට කියනවා කියලා.ඒ මිනිහා අහනවා ඇයි පොලිසියට කියලා  මාව කූඩුවේ දාන්නද කියලා.අනික නිශානි එයාට පුලුවන්ලු රොහන්ට කරදරයක් කරන්නත්.දවසක් මට කෙලින්ම කිව්වා.ඉතින් මන් කොහොමද ඒ මිනිහට බය නොවී ඉන්නේ."
"කොහේ හරි මේකට විසදුමක් ඇති සූ.ඔයා හිත හයිය කරගන්න මේ හැම ප්‍රශ්නෙකටම මූණ දෙන්න."
"මට හිතක් ඉතිරි වෙලා නෑ නිශානි"
"රොහාන්ට කිව්වද?'
"නෑ..රොහාන්ට කිව්වා කියලා මොනා කරන්නද නිශානි?රොහාන්ගේ හිතේ තියෙන සැනසීමත් නැති වෙයි"
"ඒත් මේක දිගටම මේ ප්‍රශ්නේ ආවොත් රොහාන්ට කියන්න වෙනවා නේද?"
"ඔව් ඒත් මන් කොහොමද කටක් ඇරලා කියන්නේ ඔයා නැති අතරේ වෙන මිනිහෙක් ඇවිත් මට කරදර කරනවා කියලා.රොහාන්ගේ පපුව පැලෙයි"

මායි නිශානියි පන්සලට වෙලා හුගාල් වෙලා හිටියා.ටික මොහොතක්ට හිතට සැනසිල්ලක් දැනුනා.බෝ කොළ වල සිලි සිලි හඩට ඔහේ ඇහුන්කන් දීගෙන හිටපු මට අලුත් හුස්මක් ගන්න පුලුවන් උනා.පන්සලට ඇතුලු වෙද්දි හිටපු මට වඩා පන්සලෙන් ආයෙම එද්දි හිටපු මන් හිතින් ගොඩාක් නිවිලා හිටියා.

මට නිශානිලාගේ ගෙදර යනවද නැද්ද කියන එක ආයෙම පාරක් හිතන්නෝන උනා.නිශානිලාගෙ ගෙදර යන්න මට හොදටම වුවමනා වුනත් මන් හින්දා එයාලත් කරදරයක් උනොත් කියන බය නිසා මන් ඒක ටික ටික කල් දැම්මා.
 

සුමනේ අයියාගේ කරදරේ අඩුවන පාටක් තිබ්බෙ නෑ.ඉවසලා ඉවසලා බැරිම තැන මන් හැමදේම නැති උනත් මේ ප්‍රශ්නේ ගැන යන්තන් හරි රොහාන්ට කියනව කියලා හිතුවා.



                               -------------------------නැවතත්----------------

4 comments:

  1. බොහොම ලස්සනයි...

    ඊළඟ කොටසත් කියවන්න එන්නම්කෝ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විභී.....
      එහෙනම් ඔන්න කියවන්න :)

      Delete
  2. සුන්දරයි.........

    ReplyDelete