Thursday, November 14, 2013

ඔව් ඒක වෑරෑද්දක්.....!

උදේ ඉදල මොලයට එක එක ඒවා පටවලා තරමක් දුරට සන්තෘප්ත කරගෙන පාරට බෑස්සේ ඉක්මනට ගෙදර ගිහින් ටිකක් නිදාගෙන ඒ ඔක්කොම ගෑඹුරු මතකෙට යවා ගන්න හිතා ගෙන.ටිකක් වෙලා බලන් ඉදලා ආපු බස් එකේ සෙනගත් පිරිලා.කොහොමහරි ටික දුරක් යනකොට යන්තන් seat එකක් හම්බ උනා.කකුල් දෙකේ රිදිල්ලයි බෑග් එකේ බරයි ටිකක් මග ඈරුනා.ඊට පස්සෙ ඉතින් කරන්න දේකුත් නෑති නිසා ජනේලෙන් එහා බලාගෙන හිටියා.ටවුන් එකේ බස් එක නෑවෑත්තුවා.ඒ ලග තිබ්බ රෙකෝඩ් බාර් එකක් ලස්සන සින්දුවක මෙලඩි එකක් ඈහුනා.සින්දුව මොකද්ද කියලා අහගන්න ඕනා නිසා අනේ බස් එක දෑන්ම යන්න එපා එපා කිය කිය හිතුවා.ටෙලිපති පාරක් ගිහින්ද කොහෙද ඩ්‍රයිවර් අන්කලුත් නවත්තගෙන හිටියා.
                                           "වෙන මලක සුවදක් මට එයි ඔබෙන්
                                           මන් කොහොම හිත දෙන්නේ මගේ හිත බයෙන්"


අනේ මන්දා අහුනේ ඒ ටික විතරයි ඒ ටිකම හිතට ගොඩක් වද දෙන්න ගත්තා.ඒ ඔයා ගෑන මතක් වෙලා නෙමේ. ඒ අක්කි ගෑන මතක් වෙලා.හරි ලස්සනට ඒ අක්කි හදා ගත්තු කතාවට අතුරු කතාවක් එකතු වෙලා.ඈයි එහෙම උනේ? ඒ කතාව හරි ලස්සනයි පිලිවෙලයි කියලා දෑන දෑනම තමයි ඒ අතුරු කතාව එකතු වුනේ.මොනවා උනත් දන්නවා ඔයානම් ඒ කතාව මෑදට වෙන වෙන කතා එකතු කරගන්නේ නෑ කියලා.ඒත් ලොකු වෑරෑද්දක් කලා කියල හිතෙන්නේ එහෙම දේකට අනුබලයක් හරි දීපු එක ගෑන,දීපු එකම නෙමේ තාමත් දෙන එක ගෑන.අනේ මන්දා වෑරදි කියලා දෑන දෑනත් වෑරෑද්ද හදාගන්න බෑරි එකනම් හරිම පුදුමයි.ඒ අක්කිට දුකක් දීල ඔයාව ගෙන්න ගන්න ඕනත් නෑ.ඔයා එහෙම එන්නෙ නෑ කියලත් දන්නවා.ඉතින් එහෙමයි කියලා නවතින්න හිතෙන්නෙත්  නෑ.අනේ මන්දා මේ මොන විදිහේ හෑගීමක්ද කියලා..





ඔයා අක්කි එක්ක සතුටින්නේ කියලා වෙලාවකට සතුටුයි තමා.ඒත් හෑමවෙලේම එහෙම සතුටු වෙන්න තරම් මේ හිත දියුණු කරල නෑ.Don't give up miracles happen කියලා හිතලා බලාපොරොත්තු තියාගන්නත් බෑ.මොකද miracle එකක් උනත් එතනදි ඔයාට හරි අක්කිට හරි දුක් වෙන්න වෙනවනේ.ඉතින් එහෙම miracle එකකින් හිනාවෙන්න හිතන්නෙනම් නෑ කවදාවත්ම.ඉතින් හොදම දේ තනියම දුක් වෙලා තනියම මේ දුක අමතක කරන එක තමා.ඔව්.. අඩුම ඈස් ගානකට කදුලු එන්නේ එතකොට විතරයි.තමන් ලස්සනට හදගන්න යන ජීවිතේ වෙන කෙනෙක් ඈවිත් අවුල් කරනවට කිසිම කෙල්ලෙක් කෑමති නෑ.ඒක් හමෝටම පොදු දෙයක්නේ.දෑනුවත්ව හරි නොදෑනුවත්ව හරි ලොකු වෑරෑද්දක් වෙන්න ගියේ.ඈත්තටම වෑරෑද්දකට වඩා ඒක පවක්.ඉතින් ඔයා හෑමදාම සතුටින් ඉන්න ඒ අක්කි එක්ක.හෑරෙන්න උනොත් නවතිනවා කියලා කිව්වට නවතින්නවත් හෑරෙන්න වෙන්න එපා ඔයාට.ටිකක් කල් දෙන්න..මේ අතුරු කතාව අයින් කරගන්නම් කොහොම හරි ඒ අක්කි නිසා.ඔයාගෙන් ගොඩක් දුරක ගිහින් ඉන්න ඒ අක්කි නිසා.මේ කිසිම දෙයක් දන්නේ නෑති ඒ අක්කි නිසා..

"බහින්නෑ බහින්නෑ යන් යන්"

කොන්දා අන්කල් කෑගහනකොට තමා කොහෙද මන්දා ලෝකෙක ඉදලා පියවි සිහියට ආවේ.වට පිට බෑලුවම දෑකලා පුරුදු ගතියක් තිබ්බා.ආහ්.. ඒ බහින හෝල්ට් එකනේ.ඒකත් මිස් උනා.දෑන් ඉතින් කලබල වෙලාබස් එකෙන පනින්නත් බෑනේ.හිමින් සෑරේ නගිට්ටා ඊලග හෝල්ට් එකෙන්ම් බහිනවා කියලා හිතාගෙන. ඉතින් ඒ බෑහෑලා පයින් එන ගමන් මෙහෙමත් හිතුනා.
                             
"ගමනාන්තය තමන්ගේ නිවහන නොවන වාහනේකට නෑග්ගොත්
ඒ නිසා කලින් බහින්න වෙනවා කියලත් දන්නවානම්
ඒත් හීන මව මව හිටියොත්
තමන්වත් දන්නේ නති තෑනකින් බෑහෑලා
තනියම ආපස්සට එන්න වෙන්නේත් තමන්ටමයි"