Saturday, November 15, 2014

~~~~ළග දෙනෝ දහක් සිටියත් මට තනිකමක් දැනේවි~~~~



 ඉස්සර ඉදන්ම මන් ආස හුගක් වෙලාවට තනියම ඉන්න.තනියම ඉන්නකොට මට මගේ ලෝකෙ ඕන තරම් දේවල් ගැන හිතන්න පුලුවන්.ඉස්සර එහෙම ඉන්නකොට මට හිතන්න දෙයක් නැත්තන් බලපු කාටුන් එකක් ගැන හරි මතක් කරනවා.ඉතින් මන් මගෙ ඒ ලෝකෙට වෙලා ඔහේ පාඩුවේ ඉන්නේ.අනිත් අය ගැන එයාල කියපු කරපු දේවල් ගැන හිතන්න මන් මගේ තනිකමෙන් වෙලාව වෙන් කලේ නෑ.ඒත් හැම වෙලේම මට හැදෙන්න පුලුවන් විදිහක් ගැන මන් හිතුවේ කිසිම කෙනෙක්ට කරදරයක් නොවී කොහොමද මන් ඉන්න ඕන කියන දේ තමයි තනිවෙලා මන් කල්පනා කරන්නෙ..මොකද මට ඕන උනේ මගෙන් කිසිම කෙනෙක්ට වැරැද්දක් නොකරන්න., කිසිම කෙනෙක්ගෙ හිතක් නොරිද්දන්න.මන් ගොඩාක් සාර්ථක උනා.ඒක මටම දැනුනා.ඉතින් මන් හැමවෙලේම තනියම ඉන්න හදන එක ගැන මට කිසිම ප්‍රශ්නයක් උනේ නෑ.මන් තව තවත් ඒකට ආශා කලා.ඒත්  හිතපු නැති විදිහට මේ තනිකම මට තනිකමක් විදිහට දැනෙන්න ගත්තා.තනියම ඉන්නවා කියන එකේ තනිකම මට දැනෙන්න ගත්තා.
ඔව් එදා ඉදන්..
මතකද ඒ දවස.?අමතක වෙන්න බෑ.මොකද එදා ඔයාලා මහා ලොකු වැඩකනේ හිටියේ.ඔයාලා ඔයාලාගේ ලොකු වැඩේ කරගෙන යන අතරෙදි මගේ හිතෙත් ලොකු ලොකු වැඩ උනා.ඇස් දෙකටයි කන් දෙකටයි හිතටයි හරි හරියට වැඩ තිබ්බා එදා.
හිතපු නැතිවෙලාවක හිතපුම නැති විදිහට ඒ දැකපු ඇස් දෙකට මන් ම්ම්ම්..... මෙහෙම කියමු...ම්..ම් .. මන් වශී උනා..ඒ මොහොත මට තාම ඒ විදිහට්ම මතකයි.හැමෝම බය වෙලා හිටපු වෙලාවක් ඒ.ඒත් මන් විතරක් හිත ඇතුලෙන් පුදුමාකාර සතුටකින් හිටියේ.එදා ඉදලා මගේ ඇස් මටත් කලින්ම ලොකු මිෂන් එකක් පටන් අරන් තිබ්බා.ඒ තමයි හැමදාම හැමතැනම හැම මොහොතෙම එදා මන් ඒ දැකපු ඇස් ෆලෝ කරන එක.ගොඩ දවසක් ඒ ඇස් වල අයිති කාරය ගැන මන් හෙව්වා.කොහොම හරි මන් දැන ගත්තා ඒ ඇස් වල අයිති කාරයා ඔයා කියලා..ඉතින් එච්චර දවසක් මන් හොයලා තියෙන්නේ ඔයාව.
ඉතින් කොහොම හරි වෙනදා මන්,මන් ගැන හිතන්න තනි උනාට ඊටපස්සෙ මන් තනිවෙලා හිතුවේ ඔයා ගැන.එහෙන් මෙහෙන් අමාරුවෙන් දවස් ගනන් ගෙවලා එක කවියක් ලියාගත්තු මට හෝ ගාලා කවි සිතුවිලි පහළ වෙන්නත් පටන් ගත්තා.හද දිහා බලලා කිසිම හැගීමක් නැතුව අහක බලපු මන් හදෙ සිසිල උණුසුම එළිය දැනෙන්න ගත්තා..ඒ හගීම කවි වලට පෙරළුනා..වැස්සට ගුලි වෙලා නිදාගත්තු මන් වහින වෙලාවට හිරිකඩ ඇගට වැටෙන තැනකට වෙලා ඒ සිසිල වින්දා..ඇත්තම කිව්වොත් මන් ජීවිතේ විදින්න්න ගත්තා,තනියම..ඔව් ඔයාට නොදැනෙන්නම් ඔයාව මගේ කරගෙන මන් ජීවිතේ වින්දා.ඒත්..
ඒ මගේ හීන හීනම වෙලා මගේ තනිකම මට තනියක් උනා.ඒ ඔයා ඒ වෙනකොටත් වෙන කෙනෙක්ගේ කියලා දැනගත්තම. 

එත් මට නවතින්න බැරි උනා.කොටින්ම කිව්වොත් මන් නවතින්න කැමති උනේ නෑ.ඔයා ගැන හිතන්න පතන්න මන් දිගටම පුරුදු උනා.ඒ කියන්නේ මන් ඇබ්බැහි උනා.උදේ රෑ හැම මොහොතෙම ඔයා ගැනම හිතුවා.ඔයා පේන්න ඉන්නකොට ගොඩාක් සතුටු උනා වගේම ඔය ඇස් මගේ නෙමේ කියලා මතක් වෙනකොට පිච්චිලා ගියා.අදටත් ඒ හැගීම එහෙම්මමයි.කොච්චර යාළුවො එක්ක විහිලු කර කර හිනා වෙලා හිටියත් මහා ලොකු පාලුවක් දැනුනා.මේ බිම වට කරලා තියෙන මුලු කදු යාය පුරාම මන් මගේ දුක කිව්වා.ඇයි ඔයාව මන් වෙනුවෙන් තියාගෙන හිටියේ නැත්තේ කියලා.ඒත් එයාලට දෙන්න උත්තරයක් තිබ්බෙත් නෑ.මොකද ඉතින් මේ කදු අතරට ඔයා ආවෙත් ඔය හිත වෙන කෙනෙක් ලග තියලනේ.ඉතින් මන් අහන ප්‍රශ්න වලට මේ කදු කොහොම උත්තර දෙන්නද??ඒ හින්දා එයාලා හැමදාම හිටියේ සුදු මීදුම් පටලකින් හිස් මුදුන් වහගෙනනේ.ඉතින් මගේ තනි හිත මගෙන්ම ප්‍රශ්න ඇහුවා.ඒත් ඒ හැම ප්‍රශ්නෙකටම උත්තරේ උනේ එකම එක දෙයයි.
".ඉතින් මොකද වෙන්නේ ඔයා ආදරෙයි නේ.."
ඒකත් ඇත්ත මොනා උනත් මොකො ඉතින්.මන් ආදරෙයිනේ.
ඉතින් හැමදේම ඒ විදිහට ඔහෙ ගලා ගෙන ගියා.මන් තනියම ගෙවෙන කාලෙ තව තවත් වැඩි උනා.ඉර්තු හතරක්මනැති උනත් කාලෙකදි මල් පිපුනා මල් හැලුනා.එක වසන්තයක් ඇවිත් ගියා.. ඔයත් ඔයාගේ පාඩුව්වේ හිටියා.මන් මගේ තනිකමට තවත් තුරුල් උනා.ආයෙම කාලයක් ආව මල් පිපුනා.ටික දවසකින් මල් හැලුනා ආයෙම.ඒ පාරත් වසන්තය ඇවිත් ගියා.අපි දෙන්න හිටපු තැන් වල ඒ විදිහටම හිටියා.හිටපු තැනින් ඔයා හෙලවුනෙත් නෑ මට හෙලවෙන්න දුන්නෙත් නෑ..ඔව් ඉතින් ඔයා කොහොම හෙල වෙන්නද..ඉතින් මන් හෙලවිලා වැඩක් තියෙනවද..? එහෙම මට කියලා දුන්නේ ඔයා.ඔව් ඔයා හරි.

දැන් ඔයා යන්න හදනවා.මාව මෙහෙ තනියම දාලා.හරි මන් තනියම ඉන්න,තනිකමට ආසයි තමයි ඒත් මේ තනිය මට දරාගන්න බැරි වෙයි.ඔයා ආපු ගියපු තැන්,ඔයා එක්ක කතා කරපු තැන්,හිනා වුන තැන් මෙවා දිහා හිත හදාගෙන ආයෙම බලන්නේ කොහොමද කියලා කියන්න.ඔයා එනකන් මග බලන් හිටපු මන් ආයෙම ඔයා එනකන් මග බලන්නද? ඔයා ගැන දැකපු හීන ඉතුරු වේවිද මා ළග.අනෙ මන්ද නැත්තන් ඔයා ඒවත් අරන් යාවිද? ඉතින් කියන්න මට මොනාද ඔයාගේ කියලා ඉතුරු කරලා යන්නේ?? හ්ම් ඔයාගෙන් අහන්න් බැරි නිසා මන් ආයෙම මගේ හිතෙන් අහනවා මේ හැමදේම.උත්තරෙත් ඉතින් මන් දන්නවා.හිත කියන්නේ.,
"ඉතින් මොකද වෙන්නේ ඔයා ආදරෙයි නේ.,"
ඔව් හිත හරි..
වැඩි ඇතක නෙමේ..ආයෙම සැරයක් මන් තනි වෙන දවස.ආයෙම මගේ සුපුරුදු තනිකම මට තුරුලු වේවි.හැබැයි කලින්ට වඩා ගොඩාක් වෙනස් විදිහට.මන් ගැන හිතනවට වඩා මන් ඒ තනිකම ඇතුලේ ඔයාව දකිවි..ඉතින් මේ මට උරුම මගේ තනිකමේ හැටි වෙන්නැති.  මේ මගේ හිතේ හැටි වෙන්නැති.මේ මගේ ආදරේ හැටි වෙන්නැති.
"ඉතින් මොකද වෙන්නේ ඔයා ආදරෙයි නේ.,"



...........................................................................................

...........................................................................................

 

 

සද ඇවිත් මගේ මිදුලට
සද එළිය අරන් සිහිලැල්
ඔබ ඉන්නවනම් මා ළග නොසලා ඇසිපිය නිලුපුල්
ඔබ ඉන්නවනම් මා ළග කොද මලින් සදා හසරැල්

දුර ඈත නිම්න කදු වැටි
සුදු මීදුමේ ගිලේවි
ළග දෙනෝ දහක් සිටියත් මට තනිකමක් දැනේවි

රෑ නින්ද බිදි ඇහැරී
පැණි කුරුල්ලන් හඩාවි
මගේ සිහින හොරෙන් අරගෙන මේ සදත් යන්න යාවි

                            

                               ////////අමරසිරි පීරිස්////////////

14 comments:

  1. සුසී,...

    වචන ටික නම් නියමයි..

    සුබ පැතුම්.....

    ------------------------
    අර අන්තිමේ තියෙන සින්දුවේ අකුරු වල පාට ටිකක් ලා කරන්න..

    මන්ද...මට නම් ඒ අකුරු පැහැදිලිව පේනවා හොරයි...

    ReplyDelete
    Replies
    1. විභී උඹට වර්ණ අන්ධතාවය........................... හැක් අැස් පරීක්ෂා කරගත්තා නම් හරිය.........

      Delete
    2. තැන්කූ විභ ... :)

      එහෙම කියන්නත් එපා පවුරේ.. :D ඔන්න මන් පාට වෙනස් කලා ටිකක් එහෙනම් ...

      Delete
  2. සුසී නියම රචනාවක්................. ලියැවිල්ල මරු.................

    "ඉතින් මොකද වෙන්නේ ඔයා ආදරෙයි නේ.,"

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ....
      ඒකතමයි මොකද වෙන්නේ නේ.... :D

      Delete
  3. ඔයාට තනිකම පුරුදුඉ... මෙතනින් එහාට දනෙන තනිකම ටිකක් වෙනස් විදියෙ එකක්..
    ඒත් සුසී මම....
    මට තනිකම පුරුදු නැහැ..
    දන්න කාලෙ ඉදන් එයා මගෙ ලගින් හිටියා මගෙ හැම දේටම..
    ඒත් දැන්....
    මට පුරුදු නැති තනිකමකට පුරුදු වෙන්න වෙලා..
    ඔව්..
    මට එයා නැති ලෝකෙක තනිවෙන්න වෙලා...
    ඒ ජීවිතේ මට අලුතෙන්ම පටන් ගන්න වෙනවා...
    මන් ආදරෙයි තමයි....
    ඒත් හැමදාම ලෝබ නැතුව විදපු ඒ ආදරේ මට දැන් නැතුව බෑ..... ;( ;(

    ReplyDelete
    Replies
    1. :O හැමෝම ආදරේ කරනවා..ඒත් ඒ ආදරේට ආදරේ කරන්න සමහරුන්ට බැරි වෙනවා.සමහරවිට ඒක එයාලගේ වරදක් නෙමේ වෙන්න පුලුවන්.අපේ වරදකුත් නෙමේ වෙන්න පුලුවන්..
      ඉතින් ආදරේට ආදරේ කරමු..අපි ආදරේ කරන අය කවදා කොහොම කොතන හිටියත් එයාලගේ සතුටම ප්‍රාර්ථනා කරලා ඉමු..
      වෙන කරන්න දෙයක් නෑ දර්ශ්..

      Delete
  4. ඔව්...
    ඒත් මන් හැමදාම බලාගෙන ඉන්නවා...
    තව තවත් බලාගෙන ඉන්නවා....

    ReplyDelete
  5. තනිකම හින්දා, හිත දුර රන්දා.. සිහින ගෙනෙන බන්ඩා... එහෙමත් කියනව නේද :D

    ඔක්කොමත් හරි. මොකක්ද අර පින්තූරෙ.. අමරසිරි මහත්තය ගෙ සින්දු නම් මරු.

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ
      මොන පින්තූරෙද? මටනම් පින්තූර දෙකෙන්ම එකම අදහස තමා එන්නේ :)

      Delete
  6. තනිකම...............!
    කියලා වැඩක් නෑ ආසාවෙන් බලං ඉන්නවා අන්න ඒක එනකල්....

    ReplyDelete
    Replies
    1. ආහ්... තනිකමටත් ආස අය ඉන්නවා එහෙනම්.. :D

      Delete