Sunday, October 5, 2014

මේ දවස් වල......









වද දෙන්නේ නෑ ඉතින්
මන් ඔන්න අද ඉදන්
මේ ලෙසට කොච්චරක්
මන් කීවාද ඉස්සරත්

 

ඒත් මට බැරි උනෙත්
ඒ දේම මයි අදත්
4න් එක ගෙන උදෙත්
කෙටුවා සුබ උදෑසනක්

 

බලා සිටියෙමි එය දෙසත්

send කරන අදහසින්
එයිද නැද්දෝ පිළිතුරක්
සිත සිතුවා සිය වරක්

 

 

නාවොතින් නම් පිළිතුරක්
අල වෙනවා අද දිනත්

හින්දා cancel කර දමන්

පෙරළුවා pathology පොතක් 

 

බොග විකාශේ දිගටම යයි
මනෝ වලින් ඇඩුත් වැටෙයි
දෙතුන් වරක් හිටපු ගමන්

add වැඩි වී බොග අඩු වෙයි 

 

උදේ ගෙවී වුනා දවල්
හවස් වෙලා ඇවිත් රෑත්
ගෙවී යන්න කලින් අදත්
මතක් වුනා ආයේමත්

 

අතට ගත්ත 4න් එකත්
කෙටුවා හිතලා එක පදයක්
කිසිවක් නොවේ ඒ කෙටුවෙත්
කොහොමද ලෙස එක වදනක්

 

නිකමට මට මෙහෙම ඉතින්
හිතුනා send වෙන්න කලින්
ඔයා බොගනවානම් දැන්
වද දෙන්නේ කෝමද මන්

 

එහෙම හිතලා දුකින් උනත්

cancel කලා නැවත එයත්
හිතින් පතලා සුබම රැයක්
පිස දැම්මෙමි බිදු කදුළක්



 (බොග යනු පාඩම් කිරීම බව සලකන්න)