Sunday, October 5, 2014

මේ දවස් වල......









වද දෙන්නේ නෑ ඉතින්
මන් ඔන්න අද ඉදන්
මේ ලෙසට කොච්චරක්
මන් කීවාද ඉස්සරත්

 

ඒත් මට බැරි උනෙත්
ඒ දේම මයි අදත්
4න් එක ගෙන උදෙත්
කෙටුවා සුබ උදෑසනක්

 

බලා සිටියෙමි එය දෙසත්

send කරන අදහසින්
එයිද නැද්දෝ පිළිතුරක්
සිත සිතුවා සිය වරක්

 

 

නාවොතින් නම් පිළිතුරක්
අල වෙනවා අද දිනත්

හින්දා cancel කර දමන්

පෙරළුවා pathology පොතක් 

 

බොග විකාශේ දිගටම යයි
මනෝ වලින් ඇඩුත් වැටෙයි
දෙතුන් වරක් හිටපු ගමන්

add වැඩි වී බොග අඩු වෙයි 

 

උදේ ගෙවී වුනා දවල්
හවස් වෙලා ඇවිත් රෑත්
ගෙවී යන්න කලින් අදත්
මතක් වුනා ආයේමත්

 

අතට ගත්ත 4න් එකත්
කෙටුවා හිතලා එක පදයක්
කිසිවක් නොවේ ඒ කෙටුවෙත්
කොහොමද ලෙස එක වදනක්

 

නිකමට මට මෙහෙම ඉතින්
හිතුනා send වෙන්න කලින්
ඔයා බොගනවානම් දැන්
වද දෙන්නේ කෝමද මන්

 

එහෙම හිතලා දුකින් උනත්

cancel කලා නැවත එයත්
හිතින් පතලා සුබම රැයක්
පිස දැම්මෙමි බිදු කදුළක්



 (බොග යනු පාඩම් කිරීම බව සලකන්න)


15 comments:

  1. Replies
    1. ස්තූති.. හන්තාන සිහිනයට පිළිගන්නවා සාදරෙන්.. :)

      Delete
  2. හැබැයි වින්දවනවාට වඩා cancel කිරීම නම් යහපති .

    ReplyDelete
  3. තත්වෙ සෑහෙන්න බයානකයි වගේ...

    ReplyDelete
    Replies
    1. හි හි අමුතුවෙන් බයානක වෙන්න දෙයක් නෑ ඉතින් :D

      Delete
  4. මල හත් ඉලව්වයි...

    ReplyDelete
  5. හිතට දැනෙන හැඟීම හිතාගන්න පුලුවන්. කාලය දෙයි විසඳුම්.

    ReplyDelete
    Replies
    1. එහෙම හිතමු මනෝශ්.. ස්තූති මෙ පැත්තට ආවට :)

      Delete
  6. සුසී.......................

    මං නම් කියන්නේ සෙන්ඩ් කරන්න කියලා... කැම්පස් බොග ඉතින් අපි නොදන්නවා යෑ... අනිත්ම වෙනකල් ඉදලා ස්ටඩී ලීව් එකේ ගොඩදාගන්න එකනේ...............

    බොග යන්නට අපි භාවිතා කළේ ක්‍රෑම කියායි....

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත තමයි ඉතින්... කමක් නෑ වද දෙන එකෙත් සීමාවක් තියෙන්න එපැයි.. හි හි..

      ක්‍රෑම... ඒ වචනෙත් ලස්සනයි..ඒත් යුනි එකකට පොෂ් වැඩි වගේ.. :D

      Delete
  7. මමත් හිතන්නේ send කළා නම් හොඳයි.. :D ලස්සන නිර්මාණයක්.. :)

    ReplyDelete
    Replies
    1. හි හි... ස්තූති අශාන්.. :)

      Delete
  8. දැන්නෙ තේරෙන්නෙ බොග දාන්නෙ නැතුව මනෝ ගහන්න හේතුව.......... :)

    ReplyDelete