ඉතින් නුඹ ගියා.....
ගොඩ කාලෙක ඉදන් ඒ දවස එන්නෙප කිය කිය හිතින් හිතුවත් ඒ දවස දැන් ගෙවිල ගිහිනුත් ඉවරයි.කියන්න ගොඩක් දේවල් තිබ්බත් පිළිවෙලකට ගළපන්න බැහැ.ඒ හින්ද මුකුත් ලියවුනෙත් නෑ..
ඔව් 19 වෙනිදා හන්තාන තනි කරලා ඔයා යන්න ගියා..බැදීමක් නෑ කියල හිතුවට හන්තානත් එක්ක.,
මේ හන්තාන ඔයා එනකන් මග බලන් ඉන්නවා කියලා, පහුවෙනිදා පාන්දර වැහැපු මහ වැස්ස දිහා ඔහේ බලන් හිටපු මට සීතලම සීතල සුළන් රැල්ලක් ඇවිත් කියලා ගියා.
ඒ සුළග එහෙම කිව්වත් නැතත්.,
හන්තාන මග බැලුවත් නැතත්.,
එදා තරම්ම ආදරයක් අරන් එකම එක හිතක් මේ හන්තානයි මහවැලියයි අතරෙ හැමදාම ඉන්නවා කියලා කියන්න ඒ වැහැපු වැස්ස හොදටම සාක්කි..
මේ වැස්සම මහවැලිය දිගේ මූදට ගිහින් ආයෙම දවසක වහීවි..
ඉතින් නොතෙමි ඉන්න බලන්න
මොකද ඒ වැස්සට තෙමුනොත් ඔයාට දරාගන්න බැරි වේවි....
හිමි නොවෙනා බව තවත් මන් හිතට කියන්නම්
මන් කියන දේම යළි හිත මගෙන් අහනකම්
හෙට දිනෙත් හිතට එය පිළිගන්න බැරිමනම්
හීනෙකින් හෝ ඇවිත් ළග ඉන්න පැයක්වත්........
වෙන්වීම නැතිනම් නොලැබීම කියන්නේ දරා ගන්න අමාරු දෙයක්............. අපි නොහිතන තරම් අපි කෙනකුට අාදරය කරලා කියලා තේරෙන්නේ ඒතකොට තමයි................. නිර්මාණය ලස්සනයි
ReplyDeleteවෙන්වීම නැතිනම් නොලැබීම කියන්නේ දරා ගන්න අමාරු දෙයක්............. අපි නොහිතන තරම් අපි කෙනකුට අාදරය කරලා කියලා තේරෙන්නේ ඒතකොට තමයි................. නිර්මාණය ලස්සනයි
ReplyDeleteහ්ම්ම් ඒක ඇත්ත පවුරේ.....
Deleteස්තූති කමෙන්ටුවට... :)
මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ මටත්...
ReplyDeleteඔයා කියල දීපුවා හොදටම ඇති අක්කියෝ... :)
Deleteහමුවීම වන තුරා
ReplyDeleteඅැඟිලි ගනිනා දෑත
වෙන්වීම ගැණ නොහී
සීතලෙන් ගල් ගැසේ
ඔව් සීතල වෙන්නම ඕන නෑ ඒවෙලාවට නිකනුත් ගල් ගැහෙනවා මදූ :/
Deleteඅනේ මන්ද..
ReplyDeleteමොනවා කරන්නද?
වචන ටික නම් හිතට වදිනවා.
තැන්කූ විභූ.. :)
Deleteහිමි නොවෙනා බව තවත් මන් හිතට කියන්නම්
ReplyDeleteමන් කියන දේම යළි හිත මගෙන් අහනකම්
හෙට දිනෙත් හිතට එය පිළිගන්න බැරිමනම්
හීනෙකින් හෝ ඇවිත් ළග ඉන්න පැයක්වත්........
මේකනම් මරු :D
තැන්කූ හොරෝ :D
Delete