Monday, July 28, 2014

මේ කතාව කියලා එන්න...



අර අත්තෙන් මේ අත්තට යන කුරුල්ලෝ මේ අහන්න
හිමින්සැරේ පියඹාවිත් මගේ උරින් වාඩි වෙන්න
පුoචි කතාවක් තියෙනවා ඩිoගිත්තක් අහන් ඉන්න
ඒ කතාව ඒ විදිහට මගේ මැණිකට කියලා එන්න



ටිකක් විතර දිග වැඩි වෙයි හින්දා හොදින් අහන් ඉන්න
හැම වචනෙම කියු ලෙසට අඩුවක් නැතුවම කියන්න
මතක තියන් හිටපු වචන හැගුම් එක්ක මුහු කරන්න
ඒත් ඉතින් නිකමටවත් මන් හැඩු බව නොකියා ඉන්න



පරෙස්සමෙන් ඉගිළ ගොසින් රස කර කර කියන්න
අහන් ඉන්නේ නෑ වගේනම් පියාඹලා නැවත එන්න
ගොඩාරියක් ආදරේ බව මතකද මම නුඹට කිව්ව
ඇහුවේ නැතත් කොහොමම හරි ඒ දේනම් කියලා එන්න

8 comments:

  1. මේ පැදි පෙළ කියවද්දී මට මතක් වුනේ "කඳුළු දෙන්න මට හඬන්න සත් සමුදුර ගොඩ ගලන්න" සිංදුව... ඒ අර්ථයම නොවුනත් ඊට ගොඩක් ආසන්නයෙන් යනවා කියලයි මට හිතුනේ ...

    ReplyDelete
    Replies
    1. \\ළිහිනියනේ පියාඹන්න
      ඇය ඇති තැන සොයා ගන්න
      මා මියයන බව පවසා
      ඈ එවන්න මා බලන්න\\\

      ඇය ඉතින් ඔහු වෙන්නත් පුලුවන්... ;)

      හන්තාන සිහිනෙට ආවට ස්තුතී.. :)

      Delete
  2. සැලලිහිණියේ මුල් කවි ටිකෙත් මෙහෙම රස අඩු කරන්නෙ නැතුව කියන්න වගේ කතාවක් කියනවා නෙද කුරුල්ලට?...සිංදුවක් වගේ පැදි ලික ලස්සනයි

    ReplyDelete
    Replies
    1. එහෙමද? මම සැළලිහිණියනම් කියවලා නෑ සහො දරයෝ..ඒ හින්දා දන්නෑනේ..

      තැන්කු දරයෝ..:)

      Delete
  3. තවත් එක් සංදේශ කාව්‍යයක් නොවේ...
    හිහි
    පට්ට සුසී

    ReplyDelete
    Replies
    1. හි හි තැන්කු තැන්කු මහේෂ්... :)

      Delete
  4. වලාකුළකට කියලා පණිවුඩ යවනවා වගේ මේකත් හරි ලස්සන සංදේශ කාව්‍යයක්... මොන සංදේශය කියලාද නම දාන්නේ??????

    කවිය නම් හරි ලස්සනයි. පද ගලපලා තියෙනවා නියමෙට ඒ වගේ ම තාලයත් එළස්.....

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කු...

      මොන සන්දේශයකින් හරි කියාගන්න බැරි දේවල් කියගන්න පුලුවන්නම් එච්චරයි... :D
      ඔයාලම කියන්නකෝ නමක් එහෙනම්..:)

      Delete