Friday, May 30, 2014

වෙනස....


මට හැමදාම ඕන කලේ වෙනසක්.අම්මා කිව්වා පොඩි කාලේ දවසක් මන් මගේ බෝනික්කව අරගෙන සර්ජරි එකක් කලාලුනේ.නහයයි කටයි වහගෙන කතුරුයි පිහියි දෙපැත්තෙන් තියාගෙන හරි හරියට වැඩලු මන්.ඒ දවස්වල ඉරිදා උදේ ටිවි එකේ සර්ජරීස් පෙන්නුවා.ඒ නම් ඉතින් ඒව බලලා වෙන්නැති.මට ඒක මතක් උනේ මන් වෙනසක් ගැන කතා කරන්න හිතපු නිසා.මොකද ඉතින් පොඩි ළමයි කවද්ද නලවන්න ඉන්න බෝනික්කො අරන් සර්ජරි කලේ..


ඒ පොඩි දවස්වල නේ.ඉස්කෝලේ යන දවස්වල ඒ/ලෙවල් කරන්න යාලුවෝ වෙන ඉස්කෝල වලට යනකොට මට හිතුනේ ඇයි හැමෝම මෙච්චරකල් ඉගෙනගත්තු ඉස්කෝලෙ අතැරලා වෙන ඉස්කෝලවලට යන්න දගලන්නේ කියලා.පහසුකම් ටිකත් එකවගේනම් ඇයි තමන්ට මහන්සි වෙලා වැඩකරලා මෙච්චර කාලයක් ඉගෙන ගත්තු ඉස්කෝලෙට ගෞරවයක් වෙන්න බැරි කියලා.ඇත්තටම එහෙම හිතුන නිසා තමයි මන් මගේ ඉස්කෝලෙම ඒ/ලෙවල් එකත් ගොඩ දාගත්තේ.යාලුවොත් එක්ක පිස්සු නටනට ඉදලා හද අල්ලන්න බැරි උනාට මන් තරු අතරට හරි වැටුනා.


කවුරු හරි කෙනෙක්ට මොනවා හරි කියනකොට මට ඕන ඒ කෙනාගේ ඒ අය නොදකින පැත්තක් දකින්න.අපෙ ජනාදිපතිතුමන්ට දැන් මිනිස්සු එක එක කතා කියනකොට මිනිස්සුන්ට අමතක උන පැත්ත ගැන මට හැමතිස්සෙම හිතෙන්නේ ඒ හින්ද වෙන්න ඇති.හ්ම්ම් ඔය වගේ දේවල් ඉතින් තව තියෙනවා ගොඩාක්.මන් කැමති අකැමති ඒවා බැලුවොත් ඒ හැමතැනකම වෙනසක් තියෙනව කියලා මට හිතෙනවා.


අන්තිමටම තව එක දේකදිත් වෙනසක් තියෙනවා කියලා මේ ළගකදි මට හිතුනා.කතාවක් තියෙනවානේ තමන් ආදරය කරන කෙනාට නොව තමන්ට ආදරය කරන කෙනාට ආදරෙ කරන්න කියලා..ඒත් එතනදිත් ඒ කියමනේ අනිත් පැත්ත දැන් වෙලා තියෙන්නේ.ඒ වෙනස නම් මට හොදටම දැනෙන වෙනසක්..


හ්ම්ම්........... වෙනස් වෙන්න ගිහින් ඉස්සරහට මන් තව මොන විදිහට අපගමනය වෙයිද දන්නෑ..මොන දේ උනත් ඒ වෙන දේ කොහොම හරි බාරගන්න මන් ලැහැස්තියි...

6 comments:

  1. තමන් ආදරය කරන කෙනාට නොව තමන්ට ආදරය කරන කෙනාට ආදරෙ කරන්න ///
    මෙහෙම හිටියොත් කවදාවත් ලව් කොරන්ට වෙන්නෙ නෑ අප්පා...
    ඉතිං බෝනික්කො සරිජරි කල කෙනා දොත්තර කෙනෙක් වත් වෙන්න හිතුවෙ නැතෙයි

    ReplyDelete
    Replies
    1. හික්ස්... ඒක ඈත්ත.. ඒ හින්ද වැඩිය හිතන්න එපා.. :D
      දොත්තර වෙන්න ගිහින් දත් දොත්තර තමා උනේ... :(
      ස්තුති කමෙන්ටුවට.. :)

      Delete
  2. වෙනස් වෙන එක නම් හොඳයි... කවදාවත් දෙන්නෙක් එක වගේ නැහැලුනේ.. ඒ වෙනස තමයි වැදගත්.. තව කෙනෙක්ගෙ වෙනසක් appreciate කරන්න් පුළුවන් වෙන්න ඕනේ...

    ඒත් මම නම් ගොඩක් මගේ ටයිප් එකෙන් වෙනස් වෙන්න අකමැති කෙනෙක්...
    අනිත් හැමෝම ස්ට්‍රෙස් වෙලා එක්සෑම් එකට බොග දානකොට මම ආතල් එකේ ඉන්නවා කියලා ඕනේ තරම් බැනුම් අහලා තියන් කෙනෙක් මම. ඒත් එහෙම ස්ට්‍රෙස් වෙන එක මගේ ටයිප් එක නොවන නිසා මම ඒකෙන් වෙනස් වෙන්න අකමැතියි...

    ReplyDelete
    Replies
    1. ඒක් ඇත්ත..වෙන කෙනෙක්ගේ වෙනසක් තියෙනවනම් ඒ වෙනස හොද වෙනසක්නම් අනිවා අගය කරන්න ඕන..
      ඇත්තටම මගේනම් ටයිප් එකම වෙනසක් කියලා හිතුන නිසයි මේක ලියන්න හිතුවෙ.
      ඔව් මොනදේ උනත් තමාගේ විදිහ වෙනස් කරගන්නැතුව ඉන්නවනම් පුද්ගලයෙක් විදිහට අපිට ශක්තිමත් වෙන්න පුලුවන්...
      තැන්කු අක්කි අදහසට

      Delete
  3. අදයි ඇහැ ගැටුනෙ ඔබව.

    ReplyDelete
    Replies
    1. ස්තුති මේ පැත්තේ ආවට... :)

      Delete