Wednesday, February 11, 2015

උදෙන්ම නුවර බලා



පහමාරට නැගගත් විට

දහය වෙද්දිවත් බහින්න

නුවරට යන බස් එකකට

ඇවිත් ගොඩ උනා


 

සෙනග ටිකක් පිරිලා හින්දා

ජනේලයක් හම්බුනෙ නෑ

ඔන්න ඔහේ තිබ්බ තැනක
වාඩිය ගත්තා

 

ටිකට් අරන් ඉවර කරන්
හරි බරි ගැහිලා ඉදගෙන
නින්දෙන් මිස් උන පැය ටික
නිදන්න හිතුවා

 

හිතපු ගමන් ඒ අදහස
ලොප් කරමින් යකඩ කටක්
රිදම් නයිට් කියලා පිස්සු
නටන්න ගත්තා

 

ඒ සද්දේ ඉවසා ගෙන
ඉන්න පුරුදු උන ගමන්ම
කෙලින් ඉන්න බැරි මිනිහෙක්
ජැක් එක ගැහුවා

 

එක පාරක් මූණ බලලා
ඉස්සරහට යනවකෝ කියලා
ඒ වදෙනුත් යාන්තමින්
මිදෙන්නට උනා

 

එහා පැත්තේ හිටපු සීයා
ඔහොම තමයි පුතෙ ඉතින්
මෙන්න මේ කොනට එන්න
කියලා කීව්වා

 

අනේ සීයේ කමක් නැද්ද
ස්තූති උදව්වට
එහෙම කියලා සැනසිල්ලේ
නිදන්නට උනා

6 comments:

  1. ඊලග කවිය ලියන්නට සීයා ඉඩ ෙනාතබපු ඒක ගැන සතුටු ෙවනවා

    ReplyDelete
    Replies
    1. හි හි ඔව්නේ... ඒ විදිහට කවිය දිග්ගැස්සුනෙ නැති එකනම් ඇත්තටම හොදයි

      තව එකක්
      සාදරෙන් පිලිගන්නවා හන්තානෙට... :)

      Delete
  2. හත්තිලව්වයි සුසී නුවරද???????? අපේ කුරුට්ටෝ ඉතින් හතර අතේම ඉන්නවානේ...... නුවර ඒකා තමයි මේ කොමෙන්ටුව දාන්නේ...... හන්තාන පේන දුර තමා අපිත්.....

    සීයා ගැනද ඊලග කවිය ලියන්න ඉන්නේ....????

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මන් නුවර නෙමේ... සුපුරුදු හන්තානෙ තමා මගේ කැම්පස් එක...

      නෑ නෑ මේ කවියේ ඉන්න සීය හොදයි... :)

      Delete
  3. ආයා කට්ටක් රැගෙන යන්න...
    මගේ ඉට්ටැයිල් එක කොපි කරන බව පෙනේ :-)

    ReplyDelete
    Replies
    1. හෆෝයි එහෙම එකක් වෙලාද මන් දන්නෑනේ... :O ඔහෙ ලියවුන කවියක් මේක..සමාවෙන්නෝන මදාවියෝ එහෙම අදහසක් නම් දැන් කියනකන් මතක් උනේ නෑ.. :)

      කටු වලින් අනින එක බයානකයි නේ..

      Delete