Friday, February 20, 2015

^^^^කැන්ටින් එක^^^^



"තාම එකොලහා මාරයි නේ වෙලාව.දොළහටම කමු.බඩගිනිත් නෑනේ."

"එතකොට කට්ටිය පිරෙනවානේ"

"කට්ටිය එනකොට කෝමත් දොළහා පහු වෙනවනේ..අපි දොළහට යන්"

දොළහට කලින් අපේ වැඩ ඉවර උන වෙලාවට අපේ අය කරන්නේ ඉක්මනටම කැන්ටින් එකට ගිහින් දවල්ට කන එක.නැත්තන් හැම බැජ් එකකටම ඉවර උනාම කැන්ටින් එකේ ලොකු පෝළිමක් හැදෙනවා.ඊට කලින් නිදහසෙ කාලා කැන්ටින් එකෙන් ගිහින් ඔහේ කියෝ කියෝ ඉන්න එහෙමත් නැත්තන් ලයිබ්‍රි එකට ගිහින් බොගන්න තමයි අනිත් අයට ඕන කලේ..

ඒත් එක්කෙනෙක්ට ඕන උනේ අනිත් හැමෝම එනකන් ඉදලා කැන්ටින් එකට යන්න.මොකද ඒ හැමෝම අතරෙ එයාට ඕන උනා එයා හොයන ඇස් දෙක දකින්න.

"දොළහට පහයි අපි යමුද?" එහෙම අහන්නෙ එයාගෙ යාලුවා.

"හා යමු"

 ඉතින් එයා එයාගේ යාලුවත් එක්ක කැන්ටින් එකට යනකොට දොලහ පහුවෙනවා.හිතපු තරම් පෝළිමක් නැති උනත් තරමක පෝළිමක් තියෙනවා.සෙනග අඩු පෝළිමක් බලලා ඒ දෙන්නත් හිට ගන්නවා.පෝළිමේ ඉදගෙන වට පිට බලන්න බැරි නිසා එයා කොහොම හරි ඉවසගෙන ඉන්නවා  ඒ ඇස් දෙකේ අයිති කාරයව (අපි X කියමුකො) දකින්න .

ඉතින්..,

..............



සමහර දවසට.,

එයා එහෙම පෝළිමේ  ඉදන් එලිය බලන්  ඉද්දිම යාලුවො එක්ක හිනා වෙවි X ලැබ් කොර්ට් එකත් දාගෙන හොස්පිටල් එකෙන්(අපෙ හොස්පිටල් එක කැන්ටින් එක ළගනේ තියෙන්නේ)එනවා දකිනවා..

සමහර දවසට.,

එයා ඉන්න පෝළිමට එහා පෝළිමේ එයාට කලින් X ඇවිත් ඉන්නවා දකිනවා.,

සමහර දවසට.,

එයා ඉන්න පෝළිමට ලගම පෝළිමේ එයා ළගින්ම X ඇවිත් හිටගෙන ඉන්නවා දකිනවා.එතකොටනම් වචනයක් දෙකක් කතාත් කරනවා.,
...............

ඊට පස්සෙ එයයි එයාගේ යාලුවයි කෑම එකත් අරගෙන ඉඩ තියෙන තැනක් බලලා ඉද ගන්නවා.උදේ කරපු වැඩයි හවස කරන්න තියෙන වැඩයි තව කාගෙ හරි ඕපෙකුයි කියෝ ගෙන එයාල කෑම කනවා.ඒ අතරෙ එයා X ව හොයන්න ගන්නවා.

සමහර දවසට.,

එයා කන්න ඉද ගන්න මේසේට කෙළින්ම පේන තැනක X ඉදගෙන කනවා දකිනවා.(කොකා කෝලා එකකුත් මේසේ උඩ)

සමහර දවසට.,

එයාව දැක දැකත් නොදන්නවා වගේ ගිහින් X වෙන තැනකින් ඉද ගන්නවා දකිනවා.

සමහර දවසට.,
එයා කකා ඉන්නකොට X කැන්ටින් එකට එනවා දකිනවා.එයාව දැක්කොත් හිනා වෙලත් යනවා.

සමහර දවසට.,

එයා කන්න පටන්ගන්නකොට X කාල බීල ඉවරත් වෙලා රජ වීදියේ ඉදගෙන යාලුවොත් එක්ක කියෝ කියෝ ඉන්නවා දකිනවා.

...............

කොහොම හරි ගන්න පුලුවන් උපරිම වෙලාව අරන් කාලා යාලුවත් එක්කම නැගිටලා යනවා අත සෝදන්න.සීමාවක් නෑ එයාගේ ඇස් දෙකට ඉතින් එතනත් X ව හොයන්නවා.

සමහර දවසට.,

එයාට කලින් කාලා ඉවර වෙලා X ඇවිත් වතුරත් බීලා යනවා දකිනවා.එයාව දැක්කොත් හිනාත් වෙනවා.

සමහර දවසට.,

එයා අත සෝදන සින්ක් එකට එහා සින්ක් එකෙන් එයත් අත සෝදනවා දකිනවා.එතකොටනම් ටිකක් කතා කරනවා.යන්නම් කියලත් යනවා.

......................

ඊට පස්සෙ එයාට Xව හොයාගන්න එක ටිකක් අමාරු වෙනවා.ඒහින්දා හිතයි බඩයි පුරව ගෙන එයා යාලුවා එක්ක කැන්ටින් එකෙන් එළියට එනවා.

ඒත් .,
ඒ ඒ දවස් වල.

දැන් එයාට X එනක්න් බලන් ඉන්න වෙන්නෙත් නෑ.X කොහෙද කියලා හොයන්න වෙන්නෙත් නෑ.මොකද X ඒ කැන්ටින් එකට එන්නෙ නෑ ආයෙම.ඒ මතක විතරක් එයාට ඉතිරි කරලා X යන්න ගිහින්.

X හිටපු තැන් කියපු කරපු දේවල් හිනා වුන හැටි ඒ මතක එක්ක ඊළග අවුරුදු දෙක එයාට තනියම ඉන්න වෙනවා.ඔව් එයා ඉදීවි.. ඒ ඇස් ළග නොහිටියත් ඒ ඇස් එයා දිහා බලලා හිනා උන හැටි එයා එක්ක කතා කරපු හැටි කාටවත්ම හොරා ඒ මේස පුටු එයා ඒ කැන්ටින් එකට අඩිය තියන හැම මොහොතම එයාට මතක් කරලා දේවි..ඉතින් ඒ ඇති වෙයිද එයාට මේ අවුරුදු දෙක ගෙවන්න??

6 comments:

  1. ආදරණීයම මතකයන් ට පුලුවං අවුරුදු දෙකක් දහයක් නොව හැමදාටම කෙනෙක් ජීවත් කරවන්න... එු වුණත් එු තරම් දුකක් නැ මේ ලොව මම දකින විදියට

    ReplyDelete
    Replies
    1. ඔයා කිව්වා හරි මහේශ් ....ඒ මතක එක්ක ජීවිතේ දුකක් තමයි.... ඒත් සමහර වෙලාවට ජීවිතෙත් ඒ මතකම විතරක් වෙනවා..

      Delete
  2. අතීතය................ සුන්දරයි..... අපිට මතක් කර කර අඩන්න තරම් වෙලාවකට දුකයි

    ReplyDelete
    Replies
    1. ඔව් පවුරේ...හිතන විදිහට හැම දේම වෙන්නෙ නෑ නේ... :(

      Delete
  3. අර කියපු යාලුවට පුදුම වදයක් තියෙන්න ඇති නේද? ;)

    ReplyDelete
    Replies
    1. වෙන්නත් ඇති සමහරවිට :D

      Delete