****වළාකුලු බැම්ම **** (12)
එදා රෑ මන් නිශානිට හැම දේම කිව්වා.නිශානි කිව්වේ හදිස්සි වෙන්නෙ නැතුව හොදට හිතලා බලලා තීරණය කරන්න කියලා.මොකද එයා දන්නවා කොච්චර කාලයක් මන් දුක් වින්දද කියලා.රොහාන් ගැන මටත් අමුත්තක් නොහිතුනම නෙමේ.ඒත් ඒ හැගීම ආදරයක් තරම් දෙයක් ද කියලා මන් දැනගෙන හිටියෙ නෑ.ඒක එහෙම වුනත් මට එහෙම ආදරේකට අයිතියක් තියෙනවද කියලත් මට හිතුනා.
එදා ඉදලා රොහාන් හුගක් වෙලාවට වැඩ ඉවර උනාම මාව ගෙනත් ඇරලුවා.ඒ අතර මගදි එයා මගෙන් අහපු දේට උත්තර ඉල්ලුවත් මන් අදි මදි කරන කොට ඒක එයාම මග ඇරියා.මාස තුන හතරක් විතර අපි අතරේ එහෙම කිසිම දෙයක් කතා උනේ නෑ.මාව ඇරලවන්න ගෙදරට එන නිසා රොහාන් නිශානි එක්කත් හොදට යාලු වුනා.ඒ හින්දම රොහාන් හොද කෙනෙක් කියලා නිශානි මට හැමවෙලේම කිව්වා.ඒ වගේම තමයි ඒ මාස ටිකේදි රොහාන් මන් ගැන ඔක්කොම වගේ දැනගත්තා.රොහාන් ගැනත් එහෙම්මමයි.මන් ගැන දැන් ගත්තට පස්සෙ එයා මට අනුකම්පා කරන්නත් ඇති.ඒත් ඒ ගැන පෙන්නුවේ නෑ.එයා හැමදාම නිශානි වගේ මන් කියන හැමදේම අහගෙන ඉදලා මගේ හිත හැදුවා.ඒ හැම තැනදිම එයාගේ ආදරේ මට දැනුනා.ඉතින් එහෙම තියෙද්දි මටත් ආදරේ නොකර ඉන්න බැරි උනා.ඒත් අපි දෙන්නට රොහාන්ගෙ ගෙදරින් අකමැති වෙනවා කියලා දන්න හින්දා මන් මගේ ආදරේ හිතේම තියෙන්න ඇරියා.
එක දවසක් රොහාන් බෑන්ක් එකට ආවෙ නෑ.වෙනදානම් එන්නැති උනාම මට කිව්වා.ඒත් එදා මට කිව්වෙවත් නෑ.ඒ දවස් වෙද්දි අපේ බෑන්ක් එකේ කට්ටිය දැන ගෙන හිටියා රොහාන් මට කැමති කියලා.ඉතින් එදා එයාලත් මගෙන් ඇහුවා සර් කෝ කියලා.ඒත් මන් දැනන් හිටියෙත් නෑනේ.මොනවා වුනත් එදා මට මහා අමුත්තකුත් දැනුනා.හරියට රොහාන්ට මොකක් හරි කරදරයක් වෙලා වගේ.
ලන්ච් අවර් එක වෙනකන් බලන් හිටියා පණිවිඩයක් එයිද කියලා.ඒත් නැති හින්දා රොහාන්ගේ කාර්ඩ් එකේ තිබ්බ නම්බර් එකට මන් බෑන්ක් එකේ ෆෝන් එකෙන්ම කෝල් එකක් ගත්තා.
"හෙලෝ" කතා කලේ ගෑනු කෙනෙක්.හිත ටිකක් ගැස්සුනා වගේ මතකයි.
"මිස්ටර් රොහාන් ප්ලීස්"
"කවුද කතා කරන්නේ?රොහන්ට කතා කරන්න නම් වෙන්නේ නෑ.එයාට පොඩි කරදරයක් වෙලා"
මට එක පාරටම ඉදගෙන හිටපු පුටුවෙන් නැගිට්ට උනා.
"ඇයි මොකද වෙලා තියෙන්නේ?"
"රොහාන් අද උදේ බෑන්ක් එකට එද්දි පොඩි ඇක්සිඩන්ට් වෙලා.හොස්පිටල් එකේ ඉන්නෙ දැන්"
"මොන හොස්පිටල් එකේද?ගොඩාක් අමාරුද?"
මට ඇඩෙන්න වගේ උනා.ඒක අහපු ගමන් මට ඕන උනේ ඉක්මනටම ගිහින් රොහාන්ව බලන්න.
"නව ලෝක හොස්පිටල් එකෙ.න එච්චර අමාරු නෑ.මේ මිස් කවුද?"
ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න මට ඕන කමක් තිබ්බෙම නෑ.මන් ෆෝන් එක තිබ්බා.මන් හදිස්සියෙම කොහෙද යන්න හදනව දැකපු නයෝමි මගේ ළගට ඇවිත් හේතුව අහද්දි මන් කිව්වේ කතා කරන්න වෙලාවක් නෑ නයෝමි මන් ගිහින් එන්නම් කියලා විතරලු.මට පාසේ නයෝමිමයි ඒක කිව්වේ.කොහොම් හරි එදා නයෝමිත් මාත් එක්ක ආවා.
රොහාන් හිටපු රූම් එක හොයාගෙන් අපි යනකොට රූම් එකේ කවුරුවත් හිටියේ නෑ.රොහාන්ට නින්ද ගිහින් තිබ්බා.ඔලුව වටේට බැන්ඩේජ් එකකින් ඔතල තිබ්බා.තව දකුණු අතේ තැනින් තැන ප්ලාස්ටර් අලවලා තිබ්බා.කවදාවත් නැති විදිහට හොස්පිටල් එකේ ඇදක් උඩ රොහාන් එහෙම ඉන්නවා දැක්කම මට වාවගන්න බැරි උනා.මට අමතක උනා මන් ආවේ නයෝමි එක්ක කියලා.මන් ගිහින් ඇද ළග තිබ්බ පුටුවෙන් වාඩි වෙලා රොහාන්ගේ දකුණු අතින් අල්ල ගත්තා.කොහෙදෝ මන්දා තිබ්බ ලොකූ කදුලු ගුලියක් මගේ ඇස් දෙකෙන්
එලියට පැන්නේ ලොකුම ලොකු ඉකියකුත් එක්ක.රොහානුත් ගැස්සිලා ඇහැරුනා.මාව දැකපු ගමන් රොහාන් ගොඩාක් සතුටු උනා.එයා හරිම අහින්සක විදිහට හිනා වුනා.ඒ හිනාව මාව තවත් අසරණ කරා.
"අඩන්න එපා සුලෝ.එච්චර අමාරුවක් නෑ මට" රොහාන් හෙමීට ඒ වචන ටික කියද්දි මන් ඒ මූණ දිහාම බලාගෙන හිටියා.
"මන් ගොඩාක් බය උනා රොහාන්."
"ඇයි ඔයා බය උනේ.මන් මැරෙයි කියලා හිතුවද?"
"අනේ දෙයියනේ මොනාද ඔය කියන්නේ.මාව දාල ඔයාට කොහෙවත් යන්න බෑ"
"සුලෝ..."
"ඔව් රොහාන් යන තැනක යන්නොන අපි දෙන්න එකට"
"ඕ මයි ගෝඩ් සුලෝ ඒ කියන්නේ.."
"ඒ කියන්නේ මන් ඔයාට ආදරෙයි රොහාන්.මට තවත් මේක හිර කරගෙන ඉන්න බෑ"
මන් නොකියා ඉන්න බවට හිතට පොරොන්දු දීපු දේ මටත් නොදැනිම මන්ම රොහාන්ට කියලා.එවෙලේ රොහාන්ගේ මූණේ තිබ්බ සතුට මට තාම මතකයි.රොහාන් අමාරුවෙන් නැගිටින්න හැදුවා.
"සුලෝ ඔයා දන්නවද අද තමා මන් ජීවිතේ අහපු ලස්සනම දේ ඇහුවේ"
"එක්ස්කියුස්මි සුලෝචනා මන් එළියෙන් ඉන්නම් ඔයා එන්න" නයෝමි එහෙම කියලා එළියට ගියේ එවෙලේ එතන උන දේ ගැන හොදටම තේරුම් අරගෙන වෙන්න ඇති.
"හ්ම්ම්"
"මාස ගාණක් මට හැමදේම නැති කරලා මෙතන"
"හැමදේම කිව්වෙ?"
"හැමදේම කිව්වේ මට නින්ද නෑ.හරියට කන්න බොන්න බෑ.වැඩක් කරන්න බෑ එක විදිහකට"
"මන් හින්දා?"
"ඔව් ඔව් ඔයා හින්දා තමා"
"හරි ඉතින්"
"මොනා වුනත් අන්තිමේදි මගේ කෙල්ල මට ලැබුනනේ"
රොහාන් එහෙම කියලා වම් අතින් මගේ කම්මුලක් මිරිකුවා.
අපි දෙන්නා පැයක් විතර කතා කර කර හිටියා.ගොඩාක් හිනා වුනා.කවදාවත් දැනුනෙ නැති හැගීම් ගොඩාරියක් හිතේ පෙරළි පෙරළි තිබ්බා.ඒ හැගීම අස්සේ ආදරෙත් මහ ගොඩාක් තිබ්බා.
කෑම පැය පහුවෙලත් පැයකුත් ගිහින් තිබ්බ හින්දා මට යන්න උනා.මන් යද්දි රොහාන් අතින් එයාගේ නළල පෙන්නුවා.දෙපාරක් නොහිතම මන් අපේ ආදරේ පළවෙනි හාදුව රොහාන්ගේ නළල උඩින් හරි පරෙස්සමට තිබ්බා.මන් දැනගෙන හිටියා රොහාන් හාදුව හැමදාම පරෙස්සම් කරගන්නවා කියලා.ඒ ගෙවුන තත්පරය රොහාන්ගෙයි මගෙයි ජීවිතවල තදින්ම සටහන් වුනා.
රොහාන්ට සමු දීලා මන් එළියට එද්දි නයෝමි මන් දිහා හිනා වෙවි බලා ගෙන හිටියා.මගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරළුනා කියලා එදා හැමෝම දැනගත්තා.
-------- නැවතත්---------
හෆොයි... දැන් තමා රොහාන්ට මෙලෝ දෙයක් කරගන්න බැරිවෙන්නෙ. පව් අහිංසකයා. එක්සිඩන්ට දෙකයි.
ReplyDeleteහ්ම්ම් හරිම හැඟීම්බරයි. මඩු මධාවියගේ කොමෙන්ට් එක ඊටත් වඩා හැඟුම්බරයි.හිකිස්.ජයවේවා !!
Deleteඒකනම් ඇත්ත තම්යි මදාවියෝ..පව් අසරණයා.. :D
Deleteහි හි හැගුම්බර වැඩිද මන්දා... තැන්කූ තැන්කූ දිලිනි.. :D