Saturday, March 1, 2014
Wednesday, February 26, 2014
ආදරය යනු..,
ආදරය යනු..,
අයිති කර ගෑනීම නොවන සද,
මිනිසුන් ආදරය කරනුයේ..
එය හිතට දෑනෙන්නාවු..
සුන්දර හෑගීමක් වන නිසාමයි.
Tuesday, February 11, 2014
අහෝ IT work shop
දාපු නිසා දෑන්වීමක් පුවරුවට
ආවනේ අපිත් මේ IT ලෑබ් එකට
පරිඝණකයක් සෙව්වා හොද හෑටි වෑඩ කරන
දුටුවා එහි හොදකම ඉදගත් සෑණින
ඉන්ග්‍රීසිත් යම් තරමට පුලුවන්නම්
දෑසෙත් කිසිම අවුලක් හෙම නෑත්තන්
සෙවිය යුතුම පදයත් අපි දන්නේනම්
වෑඩමුලු කුමට අනේ මන්දා මේ IT නම්
හිස ඔසවා හතර අතේ බලන්නෙමි
එක මුහුනක්වත් නෑ දෑන් සිනාවෙනි
ඈග පමණයි හුගක් දෙනා මනසින් මෙහි නෑතුව ඈති
ලෙක්චරගේ හඩ විතරක් ඈහෙන් ඈති
ගෙදර ඈදත් දෑන් හොදටම මතක් වේ
IT ලෑබ් එකත් දෑන් ගෙදරට සමාන වේ
පුටුව මගේ ඈද වගේ දෑන් මෙමට සිතේ
සියල්ල සම නම් දෑන් අඩු නින්ද විතරනේ
Tuesday, January 28, 2014
ස්වර්ණමය යුගයක් ලු
"ඔව් පුතේ උඹේ තාත්තා තමයි ඒ"
"දුවේ උඹේ අයියා ඒ"
"එහෙම කතා කරන්න එපා ඒ උඹේ අම්මා"
"ඈත්තටම මේ මගේම දුවද"
අහෝ!! ඒ ස්වර්ණමය යුගයේ
පෑටලිලි ගොඩයි නේ
ඒකද ස්වර්ණමය යුගයක් කියන්නේ
ගෑටලුවක්නේ මට...?
අනේ මන්දා ඉතින්
එදා සිනමාව....
කාටද කොහේද කොතනද වෑරදුනේ
පිටපතට ද
ඩිරෙක්ටර්ට ද
එඩිටර්ට ද
ආ.... නෑ නේ..,
වෑරදෙන්න ඈත්තේ හොස්පිටල් එකට...
"දුවේ උඹේ අයියා ඒ"
"එහෙම කතා කරන්න එපා ඒ උඹේ අම්මා"
"ඈත්තටම මේ මගේම දුවද"
අහෝ!! ඒ ස්වර්ණමය යුගයේ
පෑටලිලි ගොඩයි නේ
ඒකද ස්වර්ණමය යුගයක් කියන්නේ
ගෑටලුවක්නේ මට...?
අනේ මන්දා ඉතින්
එදා සිනමාව....
කාටද කොහේද කොතනද වෑරදුනේ
පිටපතට ද
ඩිරෙක්ටර්ට ද
එඩිටර්ට ද
ආ.... නෑ නේ..,
වෑරදෙන්න ඈත්තේ හොස්පිටල් එකට...
Thursday, January 23, 2014
පුන්චි තරු ඈස්
පෙරේදා උදේ කුරුණෑගල යන්න කොටුව station එකට ගියා.යාලුවො එනකන් ඉන්නකොට මන් දෑක්කා ලස්සනම ලස්සන ඈස් දෙකක්.ඒ ඈස් හරිම අහින්සකයි. ඒ ඈස් මන් දිහා බලන් හිටියා ගොඩක් වෙලා.මටත් ඒ ඈස් මග අරින්න ලෝබ හිතුනා.ඉතින් මාත් බලන් හිටියා. ඒ බලන් ඉන්නකොට මට ගොඩක් දේවල් හිතුනා.
තරු වගේ දිලිසෙන ඔය ඈස් ඉස්සරහා කොච්චර ලොකු ලෝකයක් තියෙනවද.! එක එක ජාතියේ මිනිස්සු ගොඩක් ඉන්නවා.හොද නරක දුක සෑප යස අයස නින්දා ප්‍රශන්සා හෑමදේම තියෙනවා.සමහරුන් පුදුමාකාර සෑප විදිනකොට තව අය පුදුමාකාර දුක් විදිනවා.ඔය අතරේ තවත් සමහරු ඒ දෙක අතරට වෙලා ඉන්නවා.හුගක් වෙලාවට ලොකු ලොකු සල්ලිකාරයො අතින් දුප්පත් මිනිස්සුන්ව පොඩිවෙලා යනවා.එහෙම නොවෙන වෙලාවලුත් නෑත්තෙම නෑ.ඉරිසියාව තරහව පලිගෑනීම අඩුවක් නෑතුවම තියෙනවා.ඉතින්
මේ ලෝකෙ ගෑන කියන්න එක කොනකින් පටන් ගත්තොත් ඉවර කරන කොන කාටවත් කියන්න බෑ.
මේ ලෝකෙ ලස්සන පෑතිත් නෑතුවමත් නෙමේ.ඒත් එ ලස්සන පෑති ගෑන කලින් දෑන ගෙන ඉදලා වෑඩක් නෑ.ඒ දේවල් පුදුමයන් විදිහට ඔයාගේ ජීවිතේට එන්න දෙන්න.ගොඩාක් සතුටු වෙන්න පුලුවන් එතකොටයි.
ඉතින් මේ ලෝකෙ ඈවිදින දවසක ඔයාට තෙරේවි මේ ලෝකෙ ඉන්න ඕන කොහොමද කියලා.ඔයාට මුන ගෑහෙන කවුරුවත් එක වගේ නෑ.අනික ඒ කවුරුවත් ඔයා වගෙත් නෑ.ඔයා වෙනස්.ඒ වගේමයි අනිත් අයත් වෙනස්.කවදාවත් අනිත් අයත් ඔයා වගේ වෙන්න ඕන කියල හිතන්නෙපා.ඔයා අනිත් අය වගේ වෙන්න යන්නත් එපා. ඔයා ඔයාම වෙන්න. කවුරු කොහොම මොන දේ කිව්වත් ඔයාගෙ විදිහට ඔයා හිතන විදියට ඔයා ජීවත් වෙන්න.වෙන වෙන අය කියන දේවල් අහල ඔයා ඔයාගේ විදිහ වෙනස් කරන්න එපා.මුලදි ටිකක් අමාරු වෙයි.ඔයාගේ විදිහට අකමෑති අය ඔයාව දාල යාවි.එයාලා ගෑන වදවෙන්න එපා.ඔයාගෙ විදිහට කෑමති අය ඔයා ලග ඉතුරු වෙයි.ඒ අය හෑමදාම ඔයා ලග ඉදිවි.හිනා වෙන්න සතුටු වෙන්න කාටවත් කරදරයක් නෑතිව ජීවත් වෙන්න.එතකොට මේ ලෝකෙ ඔයාට ලස්සන තෑනක් වේවි.
ඉතින් පුන්චි පෑටියෝ මේ දේවල් මන් හිතුවට ඔයාට දෑනෙන්නෑ කියලා මන් දන්නවා.ඔයා ටික ටික ලොකු වෙනකොට ඔයාගෙ අම්මි මෙ හෑමදේම ඔයාට එකින් එක හරි ලස්සනට කියලා දෙවි.එතකොට හොද පෑටියා වගේ ඒ දේවල් ඒ විදිහටම හිතට අරගෙන ලොකු වෙන්න හොදද?
මන් කියපු දේ තෙරුනා වගේ එච්චර වෙලා මන් දිහා බලන් හිටපු ඒ පුන්චි ඈස් හීනි වෙලා හරි ලස්සනට මා එක්ක හිනා වුනා.ඒ අහින්සක හිනාව මේක ලියන මේ වෙලාවෙත් එ විදිහටම මට මතක් වෙනවා. ඔය හිනාව ඔය පුන්චි මුහුණේ හෑමදාම තියෙන්න ඕන.ඉතින් අන්තිමටම ඒ හිනාව මට දීලා ඒ පෑටියා අම්මි එක්ක station එක ඈතුලට ගියා.

Sunday, December 8, 2013
හිතයි මොළෙයි
හිත: බෑ මට තවත්.. මේක මහ දුකක්...
මොළය: ඈයි මොකද වෙලා තියෙන්නෙ?
හිත: අනේ මන්දා හිතලා වෑඩකුත් නෑ..ඒත් නොහිතත් බෑ..
බලන් ඉන්නත් බෑ.. බලා නොයිදත් බෑ..
මොළය: ආ ඒකද මේ..?
හිත: කියන්න මන් මොනාද කරන්න ඕන..?
මොළය: දෙයක් තියෙනවා කරනවා නම් ඉතින්..
හිත: කියන්නකෝ.. දෑන්නම් ඕන එකක්.
මොළය: ඕනම එකක්ද? ඒනම් ඉතින් අමතක කරලා දාන්නකො.. හි හි..
හිත: හරි වෑඩක් කියලා හිනා වෙන්නේ. ඕන්නෑ..
මොළය: හා හා අහන්නකො එහෙනම්..
හිත: කියන්න ඉතින්
මොළය: එයා ඒවි කියලා හිතෙනවද කවද හරි?
හිත: අනේ මන්දා එයා නම් හෑරෙන්නෑලු නේ මොනවා උනත්..
මොළය: ඉතින්?
හිත: ඉතින් මටත් හෑරෙන්න දුකයි..
මොළය: ඈයි?
හිත: එහෙම තමයි..
මොළය: අහලා තිනවද මෙහෙම එකක්;;? දෙන්න ඒත් දෙන තරමට බලාපොරොත්තු වෙන්න එපා කියලා..
හිත: ඔව් ඔව් එදවස් වල අහලා තිබ්බා ඔහොම එකක්..
මොළය:හිතුවෙ නෑද්ද ඒක ගෑන ටිකක්?
හිත: නෑ..
මොළය: හිතන්න ටිකක් ඒ ගෑන.. දෙන්න ඒත් දෙන තරමට බලාපොරොත්තු වෙන්න එපා..
හිත: හ්ම්..
මොළය: හ්ම් නෙමේ.. තේරෙනවද කියන එක..?
හිත: .......
මොළය: මොකො ඒපාර සද්දයක් නෑත්තේ?
අහන්න ළමයෝ..
එයා එන්නෙත් නෑත්තන් ඔයාට ඒ ගෑන නොහිතා ඉන්නත් බෑරිනම්..
කමක් නෑ ඔයා හිතන්න එයා ගෑන ඒත් එයාගෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා..
එයත් ඔයා ගෑන හිතයි කියලා බලාපොරොත්තු වෙන්න එපා..
ඔයා ඔයාගේ පාඩුවෙ එයා ගෑන හිතන්න.. හීන මවන්න..
ඒත් කවදාවත් එයා ඒ හීනවලට පන දෙන්න ඕන කියලා හිතන්න එපා..
හිත: ඉතින් එතකොට මගේ දුක අඩු වෙනවද?
මොළය: ඈයි නෑද්ද?
හිත: ඒ කොහොමද?
මොළය: එයා ගෑන හිතන එක ඔයාට දුකක්ද? එයාව පතන එක ඔයාට දුකක් ද?
හිත: අනේ නෑ.. කීයටවත් නෑ..
මොළය: ඒකනේ.. ඔයා දුක් වෙන්නෙ ඔයා කරන කියන දෙවල් ගෑන නෙමේ..
ඔයා දුක් වෙන්නෙ එයා කරන කියන දේවල් ගෑන.. එහෙම නේ?
ඔයා කරන කියන දේවල් වලට එයාගෙන් ලෑබෙන ප්‍රතිචාරය ගෑන.. නේද..?
හිත: ඔව් ඈත්ත ඒකනම්...
මොළය: ඉතින් එයා කරන කියන දේවල් ගෑන හිතන්නෑතුව ඔයා ඔයාට හිතෙන දේ විතරක් හිතනවනම් දුකක් නෑ නේද?
හිත: හ්ම්..
මොළය: ඒක තමා කිවුවෙ දෙන්න ඒත් දෙන තරමට බලාපොරොත්තු වෙන්න එපා කියලා.. තේරුනාද?
හිත:මන් හිතන්නෙ මට තේරීගෙන යනවා..
මොළය: හ්ම්.. එනම් කියන්න දෑන් මොනාද තේරීගෙන යන්නෙ කියලා ?
හිත: හරි හරි ඔයා කියපු දේ තමා ඉතින්.. තව ටිකක් මන් හිතන්නම්..
ඔයා කියපු දේ මට ගොඩක් වටිනවා.. ගොඩක් පින් ඒවගෙ අදසක් මට දුන්නට..
මොළය: හ්ම්.. හිතන්න හිතල හෑදෙන්න..
හිත: හ්ම්.. ඔව් මන් දෙනවා
ඒත් බලපොරොත්තු වෙන්නෙ නෑ..
හිතට සහනයක් ඒක..
ඈත්තටම..
මොළය: ආහ්.. තේරුම් ගත්තනම් ඉතින් ඒ ඈති...
එහෙනම් මන් ගියා..මට වෙන වෑඩ තියෙනවා..
හිත: හා හා..
මන් නොහිතපු පෑත්තක් ඒක..
ගොඩක් ස්තුතියි ඔයාට..
ආයිමත් ඔයාට මාව හම්බ වෙනකොට මන් හෑදිලා ඉදිවී හොදේ..
මොළය: අන්න හරි එච්චරයි වෙන්නෝන..
එහෙනම් මන් ගියා
සුබ අනගතයක්... !!!
Thursday, November 14, 2013
ඔව් ඒක වෑරෑද්දක්.....!
"වෙන මලක සුවදක් මට එයි ඔබෙන්
මන් කොහොම හිත දෙන්නේ මගේ හිත බයෙන්"
අනේ මන්දා අහුනේ ඒ ටික විතරයි ඒ ටිකම හිතට ගොඩක් වද දෙන්න ගත්තා.ඒ ඔයා ගෑන මතක් වෙලා නෙමේ. ඒ අක්කි ගෑන මතක් වෙලා.හරි ලස්සනට ඒ අක්කි හදා ගත්තු කතාවට අතුරු කතාවක් එකතු වෙලා.ඈයි එහෙම උනේ? ඒ කතාව හරි ලස්සනයි පිලිවෙලයි කියලා දෑන දෑනම තමයි ඒ අතුරු කතාව එකතු වුනේ.මොනවා උනත් දන්නවා ඔයානම් ඒ කතාව මෑදට වෙන වෙන කතා එකතු කරගන්නේ නෑ කියලා.ඒත් ලොකු වෑරෑද්දක් කලා කියල හිතෙන්නේ එහෙම දේකට අනුබලයක් හරි දීපු එක ගෑන,දීපු එකම නෙමේ තාමත් දෙන එක ගෑන.අනේ මන්දා වෑරදි කියලා දෑන දෑනත් වෑරෑද්ද හදාගන්න බෑරි එකනම් හරිම පුදුමයි.ඒ අක්කිට දුකක් දීල ඔයාව ගෙන්න ගන්න ඕනත් නෑ.ඔයා එහෙම එන්නෙ නෑ කියලත් දන්නවා.ඉතින් එහෙමයි කියලා නවතින්න හිතෙන්නෙත් නෑ.අනේ මන්දා මේ මොන විදිහේ හෑගීමක්ද කියලා..
ඔයා අක්කි එක්ක සතුටින්නේ කියලා වෙලාවකට සතුටුයි තමා.ඒත් හෑමවෙලේම එහෙම සතුටු වෙන්න තරම් මේ හිත දියුණු කරල නෑ.Don't give up miracles happen කියලා හිතලා බලාපොරොත්තු තියාගන්නත් බෑ.මොකද miracle එකක් උනත් එතනදි ඔයාට හරි අක්කිට හරි දුක් වෙන්න වෙනවනේ.ඉතින් එහෙම miracle එකකින් හිනාවෙන්න හිතන්නෙනම් නෑ කවදාවත්ම.ඉතින් හොදම දේ තනියම දුක් වෙලා තනියම මේ දුක අමතක කරන එක තමා.ඔව්.. අඩුම ඈස් ගානකට කදුලු එන්නේ එතකොට විතරයි.තමන් ලස්සනට හදගන්න යන ජීවිතේ වෙන කෙනෙක් ඈවිත් අවුල් කරනවට කිසිම කෙල්ලෙක් කෑමති නෑ.ඒක් හමෝටම පොදු දෙයක්නේ.දෑනුවත්ව හරි නොදෑනුවත්ව හරි ලොකු වෑරෑද්දක් වෙන්න ගියේ.ඈත්තටම වෑරෑද්දකට වඩා ඒක පවක්.ඉතින් ඔයා හෑමදාම සතුටින් ඉන්න ඒ අක්කි එක්ක.හෑරෙන්න උනොත් නවතිනවා කියලා කිව්වට නවතින්නවත් හෑරෙන්න වෙන්න එපා ඔයාට.ටිකක් කල් දෙන්න..මේ අතුරු කතාව අයින් කරගන්නම් කොහොම හරි ඒ අක්කි නිසා.ඔයාගෙන් ගොඩක් දුරක ගිහින් ඉන්න ඒ අක්කි නිසා.මේ කිසිම දෙයක් දන්නේ නෑති ඒ අක්කි නිසා..
"බහින්නෑ බහින්නෑ යන් යන්"
කොන්දා අන්කල් කෑගහනකොට තමා කොහෙද මන්දා ලෝකෙක ඉදලා පියවි සිහියට ආවේ.වට පිට බෑලුවම දෑකලා පුරුදු ගතියක් තිබ්බා.ආහ්.. ඒ බහින හෝල්ට් එකනේ.ඒකත් මිස් උනා.දෑන් ඉතින් කලබල වෙලාබස් එකෙන පනින්නත් බෑනේ.හිමින් සෑරේ නගිට්ටා ඊලග හෝල්ට් එකෙන්ම් බහිනවා කියලා හිතාගෙන. ඉතින් ඒ බෑහෑලා පයින් එන ගමන් මෙහෙමත් හිතුනා.
"ගමනාන්තය තමන්ගේ නිවහන නොවන වාහනේකට නෑග්ගොත්
ඒ නිසා කලින් බහින්න වෙනවා කියලත් දන්නවානම්
ඒත් හීන මව මව හිටියොත්
තමන්වත් දන්නේ නති තෑනකින් බෑහෑලා
තනියම ආපස්සට එන්න වෙන්නේත් තමන්ටමයි"
Subscribe to:
Posts (Atom)