Sunday, November 30, 2014
Saturday, November 15, 2014
~~~~ළග දෙනෝ දහක් සිටියත් මට තනිකමක් දැනේවි~~~~
ඉස්සර ඉදන්ම මන් ආස හුගක් වෙලාවට තනියම ඉන්න.තනියම ඉන්නකොට මට මගේ ලෝකෙ ඕන තරම් දේවල් ගැන හිතන්න පුලුවන්.ඉස්සර එහෙම ඉන්නකොට මට හිතන්න දෙයක් නැත්තන් බලපු කාටුන් එකක් ගැන හරි මතක් කරනවා.ඉතින් මන් මගෙ ඒ ලෝකෙට වෙලා ඔහේ පාඩුවේ ඉන්නේ.අනිත් අය ගැන එයාල කියපු කරපු දේවල් ගැන හිතන්න මන් මගේ තනිකමෙන් වෙලාව වෙන් කලේ නෑ.ඒත් හැම වෙලේම මට හැදෙන්න පුලුවන් විදිහක් ගැන මන් හිතුවේ කිසිම කෙනෙක්ට කරදරයක් නොවී කොහොමද මන් ඉන්න ඕන කියන දේ තමයි තනිවෙලා මන් කල්පනා කරන්නෙ..මොකද මට ඕන උනේ මගෙන් කිසිම කෙනෙක්ට වැරැද්දක් නොකරන්න., කිසිම කෙනෙක්ගෙ හිතක් නොරිද්දන්න.මන් ගොඩාක් සාර්ථක උනා.ඒක මටම දැනුනා.ඉතින් මන් හැමවෙලේම තනියම ඉන්න හදන එක ගැන මට කිසිම ප්‍රශ්නයක් උනේ නෑ.මන් තව තවත් ඒකට ආශා කලා.ඒත් හිතපු නැති විදිහට මේ තනිකම මට තනිකමක් විදිහට දැනෙන්න ගත්තා.තනියම ඉන්නවා කියන එකේ තනිකම මට දැනෙන්න ගත්තා.
ඔව් එදා ඉදන්..
මතකද ඒ දවස.?අමතක වෙන්න බෑ.මොකද එදා ඔයාලා මහා ලොකු වැඩකනේ හිටියේ.ඔයාලා ඔයාලාගේ ලොකු වැඩේ කරගෙන යන අතරෙදි මගේ හිතෙත් ලොකු ලොකු වැඩ උනා.ඇස් දෙකටයි කන් දෙකටයි හිතටයි හරි හරියට වැඩ තිබ්බා එදා.
හිතපු නැතිවෙලාවක හිතපුම නැති විදිහට ඒ දැකපු ඇස් දෙකට මන් ම්ම්ම්..... මෙහෙම කියමු...ම්..ම් .. මන් වශී උනා..ඒ මොහොත මට තාම ඒ විදිහට්ම මතකයි.හැමෝම බය වෙලා හිටපු වෙලාවක් ඒ.ඒත් මන් විතරක් හිත ඇතුලෙන් පුදුමාකාර සතුටකින් හිටියේ.එදා ඉදලා මගේ ඇස් මටත් කලින්ම ලොකු මිෂන් එකක් පටන් අරන් තිබ්බා.ඒ තමයි හැමදාම හැමතැනම හැම මොහොතෙම එදා මන් ඒ දැකපු ඇස් ෆලෝ කරන එක.ගොඩ දවසක් ඒ ඇස් වල අයිති කාරය ගැන මන් හෙව්වා.කොහොම හරි මන් දැන ගත්තා ඒ ඇස් වල අයිති කාරයා ඔයා කියලා..ඉතින් එච්චර දවසක් මන් හොයලා තියෙන්නේ ඔයාව.
ඉතින් කොහොම හරි වෙනදා මන්,මන් ගැන හිතන්න තනි උනාට ඊටපස්සෙ මන් තනිවෙලා හිතුවේ ඔයා ගැන.එහෙන් මෙහෙන් අමාරුවෙන් දවස් ගනන් ගෙවලා එක කවියක් ලියාගත්තු මට හෝ ගාලා කවි සිතුවිලි පහළ වෙන්නත් පටන් ගත්තා.හද දිහා බලලා කිසිම හැගීමක් නැතුව අහක බලපු මන් හදෙ සිසිල උණුසුම එළිය දැනෙන්න ගත්තා..ඒ හගීම කවි වලට පෙරළුනා..වැස්සට ගුලි වෙලා නිදාගත්තු මන් වහින වෙලාවට හිරිකඩ ඇගට වැටෙන තැනකට වෙලා ඒ සිසිල වින්දා..ඇත්තම කිව්වොත් මන් ජීවිතේ විදින්න්න ගත්තා,තනියම..ඔව් ඔයාට නොදැනෙන්නම් ඔයාව මගේ කරගෙන මන් ජීවිතේ වින්දා.ඒත්..
ඒ මගේ හීන හීනම වෙලා මගේ තනිකම මට තනියක් උනා.ඒ ඔයා ඒ වෙනකොටත් වෙන කෙනෙක්ගේ කියලා දැනගත්තම.
එත් මට නවතින්න බැරි උනා.කොටින්ම කිව්වොත් මන් නවතින්න කැමති උනේ නෑ.ඔයා ගැන හිතන්න පතන්න මන් දිගටම පුරුදු උනා.ඒ කියන්නේ මන් ඇබ්බැහි උනා.උදේ රෑ හැම මොහොතෙම ඔයා ගැනම හිතුවා.ඔයා පේන්න ඉන්නකොට ගොඩාක් සතුටු උනා වගේම ඔය ඇස් මගේ නෙමේ කියලා මතක් වෙනකොට පිච්චිලා ගියා.අදටත් ඒ හැගීම එහෙම්මමයි.කොච්චර යාළුවො එක්ක විහිලු කර කර හිනා වෙලා හිටියත් මහා ලොකු පාලුවක් දැනුනා.මේ බිම වට කරලා තියෙන මුලු කදු යාය පුරාම මන් මගේ දුක කිව්වා.ඇයි ඔයාව මන් වෙනුවෙන් තියාගෙන හිටියේ නැත්තේ කියලා.ඒත් එයාලට දෙන්න උත්තරයක් තිබ්බෙත් නෑ.මොකද ඉතින් මේ කදු අතරට ඔයා ආවෙත් ඔය හිත වෙන කෙනෙක් ලග තියලනේ.ඉතින් මන් අහන ප්‍රශ්න වලට මේ කදු කොහොම උත්තර දෙන්නද??ඒ හින්දා එයාලා හැමදාම හිටියේ සුදු මීදුම් පටලකින් හිස් මුදුන් වහගෙනනේ.ඉතින් මගේ තනි හිත මගෙන්ම ප්‍රශ්න ඇහුවා.ඒත් ඒ හැම ප්‍රශ්නෙකටම උත්තරේ උනේ එකම එක දෙයයි.
".ඉතින් මොකද වෙන්නේ ඔයා ආදරෙයි නේ.."
ඒකත් ඇත්ත මොනා උනත් මොකො ඉතින්.මන් ආදරෙයිනේ.
ඉතින් හැමදේම ඒ විදිහට ඔහෙ ගලා ගෙන ගියා.මන් තනියම ගෙවෙන කාලෙ තව තවත් වැඩි උනා.ඉර්තු හතරක්මනැති උනත් කාලෙකදි මල් පිපුනා මල් හැලුනා.එක වසන්තයක් ඇවිත් ගියා.. ඔයත් ඔයාගේ පාඩුව්වේ හිටියා.මන් මගේ තනිකමට තවත් තුරුල් උනා.ආයෙම කාලයක් ආව මල් පිපුනා.ටික දවසකින් මල් හැලුනා ආයෙම.ඒ පාරත් වසන්තය ඇවිත් ගියා.අපි දෙන්න හිටපු තැන් වල ඒ විදිහටම හිටියා.හිටපු තැනින් ඔයා හෙලවුනෙත් නෑ මට හෙලවෙන්න දුන්නෙත් නෑ..ඔව් ඉතින් ඔයා කොහොම හෙල වෙන්නද..ඉතින් මන් හෙලවිලා වැඩක් තියෙනවද..? එහෙම මට කියලා දුන්නේ ඔයා.ඔව් ඔයා හරි.
දැන් ඔයා යන්න හදනවා.මාව මෙහෙ තනියම දාලා.හරි මන් තනියම ඉන්න,තනිකමට ආසයි තමයි ඒත් මේ තනිය මට දරාගන්න බැරි වෙයි.ඔයා ආපු ගියපු තැන්,ඔයා එක්ක කතා කරපු තැන්,හිනා වුන තැන් මෙවා දිහා හිත හදාගෙන ආයෙම බලන්නේ කොහොමද කියලා කියන්න.ඔයා එනකන් මග බලන් හිටපු මන් ආයෙම ඔයා එනකන් මග බලන්නද? ඔයා ගැන දැකපු හීන ඉතුරු වේවිද මා ළග.අනෙ මන්ද නැත්තන් ඔයා ඒවත් අරන් යාවිද? ඉතින් කියන්න මට මොනාද ඔයාගේ කියලා ඉතුරු කරලා යන්නේ?? හ්ම් ඔයාගෙන් අහන්න් බැරි නිසා මන් ආයෙම මගේ හිතෙන් අහනවා මේ හැමදේම.උත්තරෙත් ඉතින් මන් දන්නවා.හිත කියන්නේ.,
"ඉතින් මොකද වෙන්නේ ඔයා ආදරෙයි නේ.,"
ඔව් හිත හරි..
වැඩි ඇතක නෙමේ..ආයෙම සැරයක් මන් තනි වෙන දවස.ආයෙම මගේ සුපුරුදු තනිකම මට තුරුලු වේවි.හැබැයි කලින්ට වඩා ගොඩාක් වෙනස් විදිහට.මන් ගැන හිතනවට වඩා මන් ඒ තනිකම ඇතුලේ ඔයාව දකිවි..ඉතින් මේ මට උරුම මගේ තනිකමේ හැටි වෙන්නැති. මේ මගේ හිතේ හැටි වෙන්නැති.මේ මගේ ආදරේ හැටි වෙන්නැති.
"ඉතින් මොකද වෙන්නේ ඔයා ආදරෙයි නේ.,"
...........................................................................................
...........................................................................................
සද ඇවිත් මගේ මිදුලට
සද එළිය අරන් සිහිලැල්
ඔබ ඉන්නවනම් මා ළග නොසලා ඇසිපිය නිලුපුල්
ඔබ ඉන්නවනම් මා ළග කොද මලින් සදා හසරැල්
දුර ඈත නිම්න කදු වැටි
සුදු මීදුමේ ගිලේවි
ළග දෙනෝ දහක් සිටියත් මට තනිකමක් දැනේවි
රෑ නින්ද බිදි ඇහැරී
පැණි කුරුල්ලන් හඩාවි
මගේ සිහින හොරෙන් අරගෙන මේ සදත් යන්න යාවි
////////අමරසිරි පීරිස්////////////
Sunday, October 5, 2014
මේ දවස් වල......
වද දෙන්නේ නෑ ඉතින්
මන් ඔන්න අද ඉදන්
මේ ලෙසට කොච්චරක්
මන් කීවාද ඉස්සරත්
ඒත් මට බැරි උනෙත්
ඒ දේම මයි අදත්
4න් එක ගෙන උදෙත්
කෙටුවා සුබ උදෑසනක්
බලා සිටියෙමි එය දෙසත්
send කරන අදහසින්
එයිද නැද්දෝ පිළිතුරක්
සිත සිතුවා සිය වරක්
නාවොතින් නම් පිළිතුරක්
අල වෙනවා අද දිනත්
හින්දා cancel කර දමන්
පෙරළුවා pathology පොතක්
බොග විකාශේ දිගටම යයි
මනෝ වලින් ඇඩුත් වැටෙයි
දෙතුන් වරක් හිටපු ගමන්
add වැඩි වී බොග අඩු වෙයි
උදේ ගෙවී වුනා දවල්
හවස් වෙලා ඇවිත් රෑත්
ගෙවී යන්න කලින් අදත්
මතක් වුනා ආයේමත්
අතට ගත්ත 4න් එකත්
කෙටුවා හිතලා එක පදයක්
කිසිවක් නොවේ ඒ කෙටුවෙත්
කොහොමද ලෙස එක වදනක්
නිකමට මට මෙහෙම ඉතින්
හිතුනා send වෙන්න කලින්
ඔයා බොගනවානම් දැන්
වද දෙන්නේ කෝමද මන්
එහෙම හිතලා දුකින් උනත්
cancel කලා නැවත එයත්
හිතින් පතලා සුබම රැයක්
පිස දැම්මෙමි බිදු කදුළක්
(බොග යනු පාඩම් කිරීම බව සලකන්න)
Sunday, September 14, 2014
පුර සද නිලඹර සමගයි-සදේ එළිය මා අසලයි ~~~~
=අයියේ
-මොකෝ?
=මොකද ඔච්චර ගණන් ආ
-එහෙම නැතුව බෑ
=අහ් ඕවා ඉතින් මේ අහින්සක මටම තමා නේ
-හි හි
=හි හි ගාන්නේ..කොහොමද ඉතින්?
-හොදයි.. මේ මොනාද දැන් කියන්න තියෙනවා කිව්වේ?
=කියන්න දෙයක් නෑ ඉතින් අපි ටිකක් කතා කරමුකො
-මටනම් කියන්න දෙයක් නෑ ඉතින්..මට කියන්න තියෙන්නේ මේක නවත්තන්න කියලා තමයි නන්ගි
=හ්ම් බලමු
-බලන්න දෙයක් නෑනේ නන්ගි මන් ඔයාට කිව්වනේ මන් හැරෙන්නෑ.හැරුනොත් නවතිනවා මිසක් වෙන මුකුත් නෑ කියලා
=ඔව් ඔව් කිව්වනම් තමයි ඉතින්..
-ඉතින් හැදෙන්නකො ළමයො
=හරි අයියේ ඔයා වගේ තමයි මාත්,මටත් හැරෙන්න බෑ.. මන් හැරෙන්න කැමතිත් නෑ
-හ්ම් අනේ මන්ද ඔයානම්..
=ඔයා ඉතින් හදිස්සි උන හින්දනේ මේ ඔක්කොම
-ඒ නැතත් ඉතින් මන් ඔයා එනකන් ඉන්නෑ නේ නන්ගි අපෙ බැජ් එකෙන් හරි පහළ බැජ් එකකින් හරි හිච් වෙනවනේ.
=අපෝ ඔව් ඔව් ඔය කතාවනම් මන් හැමදාම අහනව.. හි හි
-ඒකනේ ඉතින්
=ඒකනෙමේ අයියේ අක්කිව හම්බුනේ ඒ ලෙවල් කරනකොට නේ?
-ඔව් නන්ගි..
=යන්න දෙන්නැතුව තියාගන්න තිබ්බනේ එයාව එතකොට එයත් ඔයා එක්ක මේ ෆැකල්ටියේම ඉන්නවනේ..එහෙමනම් මට මෙහෙම වෙන්නෑ නේ
-ඒ හිටියත් මෙහෙම නෑ කියලා ශුවර්ද?
=හික්ස් හරි හරි ඉතින්..
-හොද කෙනෙක් ලැබෙයි නන්ගි ඔයාට
=ඔව් හම්බ වෙලා ඉන්නෙ මට
-කෝ කවුද
=ඔය ඉන්නේ...
-අනේ මේ පිස්සු නැතුව ඉන්නව.. මික්ස් ස්කූල් එකකට නේද ගියේ? ඒ දවස්වලවත් මොනා හරි කරගන්න තිබ්බනේ ඔයාට
=ඒ දවස්වල අපි ඉගෙන ගත්ත හොදට හරිද.. ඔයානේ මෙතන ක්ලාස් ගිහින් වෙන වෙන වැඩ කරගෙන තියෙන්නෙ
-හි හි
=බලන්න එහෙම උනේ නැත්තන් අපි දෙන්න කොච්චර ශෝක් එකට ඉන්නවද කියලා
-අනේ මැට්ටියේ පොඩ්ඩක් ඇස් ඇරලා බලන්න මට වඩා හොද කොල්ලො කොච්චර ඉන්නවද
=හා හා.. මාර වැඩේ කියන්නේ මන් ඇස් ඇරලා බලද්දි පෙනුනෙ ඔයාවනේ..
-හපොයි හා හා.. ඔයාට මේක තේරුම් කරනවට වඩා හොදයි බෲනොට ෆිසික්ස් කියලා දෙන එක
=අන්න ඒක හරි
-පිස්සු ඔයාට
=මේ අක්කිගෙ ඩිග්‍රී එක ඉවර වෙන්න කොච්චර කල් තිනවද අයියේ
-තව අවුරුද්දක් තිනවා මේ අවුරුද්දත් එක්ක
=එතකොට අක්කි මෙහෙ ඒවි නේ හැමදාටම
-ඔව් එක්කො එයා ඒවි නැත්තන් මන් එහෙ යාවි..එයා එහෙ ඉන්න කැමති
=අහ් එහෙනම් අපි මෙහෙම කරමු අක්කි රට ඉන්න කැමතිනම් අපි අක්කිට එහෙම ඉන්න කියමු ඔයා මෙහෙ ඉන්න
-හික්ස්.. මැට්ටි
=අයියේ
-ම්ම්??
=මන් ඔයාට වද දෙනවනම් සොරි හොදේ..
-එහෙම නෑ නන්ගි
=ආ එහෙනම් තව වද දෙන්නම් මන්.. හි හි
-නෑ නෑ වදේ වදේ
=හි හි.. හා හා මේ අහන්නකො..
-ම්ම්
=මන් මේක නවත්තන්නම් අයියේ..ඒත් කවද්ද කියන්න මන් දන්නෑ.. ඔයා අක්කි එක්ක යනව කියලා මන් දන්නවා එහෙම එකෙ ඔයාට වදයක් වෙන්නෙ නෑ මන්.. මන් මගේ පාඩුවෙ හැමදාම ඔයා දිහා බලන් ඉන්නම් අයියේ.. ඔයාව එක්ක ගෙවුන මේ අවුරුදු දෙක කවදාවත් මට අමතක කරන්න බැරි වෙයි අයියේ..
-හොදින් ඉන්න නන්ගි
=හා අයියේ ඔයත්...
-මන් දැන් තියන්නම් නන්ගි., ලැබ් කොර්ට් එක හෝදන්නත් තියෙනවා
=මේ මහ රෑ..??දුන්නනම් මන් හෝදලා දෙනවනේ
-හපොයි ඔන්න ආයෙම පටන් ගත්තා.. මන් තියනවා
=හික්ස්.. හා හා හරි අයියේ
-ගුඩ් නයිට් නන්ගි
=ගුඩ් නයිට් අයියේ...
............................................................
............................................................
ඔබ මලක් වෙලා වන අරණේ පිපේවි
මා සුළo රැළක් වී ඔබ පිස හමාවී
පුර සදක් වෙලා ඔබ අහසේ දිලේවී
මා ගගක් වෙලා සද එළියේ ගලාවි
සුළග වෙසින් මා එන කල-ඔබේ සුවද සෑහේ මට
මල් මුවරද ඔබ සමගයි-මලේ සුවද මා අසලයි
ගගක් වෙලා මා යන කල-ඔබේ එළිය සෑහේ මට
පුර සද නිලඹර සමගයි-සදේ එළිය මා අසලයි
~~සෝමතිලක ජයමහ~~
Friday, September 5, 2014
...........සදාකල් රැදේවි !!
තව තවත් හැඩ වෙවි
මහවැලිය ගලා යාවි
මන් හොයපු ඔය දෑස
මා දමා දුර යාවි
ග්‍රීෂ්මෙට ගිනිගනීවි
නමුදු හන්තාන බලා හිදීවි
මන් දුටුව ඔය හිනාව
සිහිනයක්ම වේවි
රොබරෝසියා පිපේවි
වසත් කල ආයෙත් ඒවි
හිත හදපු නුඹේ හඩ
යලිත් නොඇසී යාවි
සීත පිනිකැට පාවි
සුළග එක ලෙස හමාවි
මම මගේ යැයි සිතු
ඔයා අන්සතු වේවි
කෙළි කවටකම් වලට සිනා සී
උදේ රෑ ගෙවේවි
ඔයා ළග නැති අඩුව
සදා කල් රැදේවි
Monday, July 28, 2014
මේ කතාව කියලා එන්න...
අර අත්තෙන් මේ අත්තට යන කුරුල්ලෝ මේ අහන්න
හිමින්සැරේ පියඹාවිත් මගේ උරින් වාඩි වෙන්න
පුoචි කතාවක් තියෙනවා ඩිoගිත්තක් අහන් ඉන්න
ඒ කතාව ඒ විදිහට මගේ මැණිකට කියලා එන්න
ටිකක් විතර දිග වැඩි වෙයි හින්දා හොදින් අහන් ඉන්න
හැම වචනෙම කියු ලෙසට අඩුවක් නැතුවම කියන්න
මතක තියන් හිටපු වචන හැගුම් එක්ක මුහු කරන්න
ඒත් ඉතින් නිකමටවත් මන් හැඩු බව නොකියා ඉන්න
පරෙස්සමෙන් ඉගිළ ගොසින් රස කර කර කියන්න
අහන් ඉන්නේ නෑ වගේනම් පියාඹලා නැවත එන්න
ගොඩාරියක් ආදරේ බව මතකද මම නුඹට කිව්ව
ඇහුවේ නැතත් කොහොමම හරි ඒ දේනම් කියලා එන්න
Friday, May 30, 2014
වෙනස....
මට හැමදාම ඕන කලේ වෙනසක්.අම්මා කිව්වා පොඩි කාලේ දවසක් මන් මගේ බෝනික්කව අරගෙන සර්ජරි එකක් කලාලුනේ.නහයයි කටයි වහගෙන කතුරුයි පිහියි දෙපැත්තෙන් තියාගෙන හරි හරියට වැඩලු මන්.ඒ දවස්වල ඉරිදා උදේ ටිවි එකේ සර්ජරීස් පෙන්නුවා.ඒ නම් ඉතින් ඒව බලලා වෙන්නැති.මට ඒක මතක් උනේ මන් වෙනසක් ගැන කතා කරන්න හිතපු නිසා.මොකද ඉතින් පොඩි ළමයි කවද්ද නලවන්න ඉන්න බෝනික්කො අරන් සර්ජරි කලේ..
ඒ පොඩි දවස්වල නේ.ඉස්කෝලේ යන දවස්වල ඒ/ලෙවල් කරන්න යාලුවෝ වෙන ඉස්කෝල වලට යනකොට මට හිතුනේ ඇයි හැමෝම මෙච්චරකල් ඉගෙනගත්තු ඉස්කෝලෙ අතැරලා වෙන ඉස්කෝලවලට යන්න දගලන්නේ කියලා.පහසුකම් ටිකත් එකවගේනම් ඇයි තමන්ට මහන්සි වෙලා වැඩකරලා මෙච්චර කාලයක් ඉගෙන ගත්තු ඉස්කෝලෙට ගෞරවයක් වෙන්න බැරි කියලා.ඇත්තටම එහෙම හිතුන නිසා තමයි මන් මගේ ඉස්කෝලෙම ඒ/ලෙවල් එකත් ගොඩ දාගත්තේ.යාලුවොත් එක්ක පිස්සු නටනට ඉදලා හද අල්ලන්න බැරි උනාට මන් තරු අතරට හරි වැටුනා.
කවුරු හරි කෙනෙක්ට මොනවා හරි කියනකොට මට ඕන ඒ කෙනාගේ ඒ අය නොදකින පැත්තක් දකින්න.අපෙ ජනාදිපතිතුමන්ට දැන් මිනිස්සු එක එක කතා කියනකොට මිනිස්සුන්ට අමතක උන පැත්ත ගැන මට හැමතිස්සෙම හිතෙන්නේ ඒ හින්ද වෙන්න ඇති.හ්ම්ම් ඔය වගේ දේවල් ඉතින් තව තියෙනවා ගොඩාක්.මන් කැමති අකැමති ඒවා බැලුවොත් ඒ හැමතැනකම වෙනසක් තියෙනව කියලා මට හිතෙනවා.
අන්තිමටම තව එක දේකදිත් වෙනසක් තියෙනවා කියලා මේ ළගකදි මට හිතුනා.කතාවක් තියෙනවානේ තමන් ආදරය කරන කෙනාට නොව තමන්ට ආදරය කරන කෙනාට ආදරෙ කරන්න කියලා..ඒත් එතනදිත් ඒ කියමනේ අනිත් පැත්ත දැන් වෙලා තියෙන්නේ.ඒ වෙනස නම් මට හොදටම දැනෙන වෙනසක්..
හ්ම්ම්........... වෙනස් වෙන්න ගිහින් ඉස්සරහට මන් තව මොන විදිහට අපගමනය වෙයිද දන්නෑ..මොන දේ උනත් ඒ වෙන දේ කොහොම හරි බාරගන්න මන් ලැහැස්තියි...
Subscribe to:
Posts (Atom)




.jpg)


.jpg)