****වළාකුලු බැම්ම **** (04)
ඕලෙවල් වල ප්‍රතිපල එනකන් මන් ගෙදරට වෙලා අක්කටයි අම්මටයි උදව් කරගෙන හිටියා.විභාගේ හොදට කලා උනත් අක්ක මන් ගැන අහස උසට බලාපොරොත්තු තියාගෙන උන්නත් මට අනාගතයක් ගැන හීන මවන්න ඕන උනේ නෑ.ඔහොම ඉද්දි මාස තුනකට විතර පස්සෙ අපේ ප්‍රතිපල ආවා.එදා මුලු වනාතමුල්ලම සැණකෙලියක් වගේ වුනා.ඒ මගේ ප්‍රතිපල නිසා.විශයන් දෙකකට ඇරෙන්න අනිත් හැම එකකටම විශිෂ්ට සම්මාන තිබ්බා මට.මෙච්චර කාලෙකට ඒ වනාතමුල්ලෙන් ඔහොම හරි පාස් උන කෙනෙක්ට හිටියෙ මන් විතරයි.මාත් එදා පුදුමාකර සන්තෝසෙකින් හිටියේ.ඔක්කොටොම වඩා අක්කා මාව බදාගෙන පැයක් විතර ඇඩුවා.අම්මනම් එක පාරක් ඔලුව ඉඹලා ගියා.,ඒත් මන් දැක්කා කුස්සියට වෙලා සැරින් සැරෙ චීත්තේ කොනක් උස්සගෙන කදුලු පිහ දානවා.ඒ අපේ අම්මා ආදරේ කරපු හැටි.
"පොඩ්ඩියේ උඹ හරි වාසනාවන්තයි බන්...දැන් ඉතින් ලොකු ඉස්කෝලෙකට යන්න ලෑස්ති වෙයන්.අම්මලට බැරිනම් උඹේ වියදම් මන් බලාගන්නම්.උඹ කොහොම හරි ඉගෙන ගනින්"
එදා රෑ සුමනේ අයියා එහෙම කිව්වා.ඒත් අම්මයි අක්කයි කැමති උනේම නෑ එයාගෙන් ඕනවට වඩා උදව් ගන්න.ඔය කතාව සුමනේ අයියා කියද්දි අක්කත් මගේ ළග හිටියා.
"අනේ අනේ සුමනේ අපෙ එකීව බලාගන්න අපිට පුලුවන් උඹ හිටහන්කො නිකන් "
"ඔව් ඔව් උඹට පුලුවන් ඔය රෙදි කෑලි දෙක තුනක් මහලා මේකිව ලොක්කෙක් කරන්න.අනේ මේ නිකන් පුප්පන් නැතුව ඉදහන් බන්."
සුමනේ අයියට කතා කරපු විදිහ සැර වැඩි කියලා අක්කට තේරුනේ සුමනේ අයියා එහෙම කිව්වට පස්සේ.
"නෑ බන් මන් එහෙම දෙයක් නෙමේ කිව්වේ.උඹ උදව් කරනවා තමා ඒත් මේකි අපේ එකිනේ.ඉතින් අපි වියදන් නොකර කවුරු වියදම් කරන්නද.උඹ කරල තියෙන උදව් ඕනවටත් වැඩි සුමනයෝ"අක්කා එහෙම කිව්වේ සුමනේ අයියගේ කට හොදට හොදයි නරකට එහෙමයි කියලා දන්න නිසා.
අක්කා ලොකුවට කියෙව්වට මට වියදම් කරන්න අක්ක ළග සල්ලි නෑ.වත්කමක් කියල දෙයක් තිබ්බනම් තිබ්බේ අපේ ලෑලි ගේ තිබ්බ ඉඩම් කෑල්ල විතරයි.ඊට වඩා කිසිම දෙයක් අපි ළග තිබ්බේ නෑ.ප්‍රතිපල ආපු දවසට පහුවෙනිදා මන් අක්කට කතා කලා.
"අක්කේ හදිස්සිද ඔය වැඩේ?"
"ඔව් පොඩ්ඩියේ හෙටනේ සිරියගෙ කෙල්ලගෙ කොටහලු මගුල.ඒ කෙල්ලගෙ ගවුම මහන්නේ..ඇයි මොකො?"
"නෑ නිකන් කතා කරන්න ටිකක්"
"ඇයි පොඩ්ඩියේ?"
අක්කා මහන වැඩේ නවත්තලා මන් දිහාවට හැරුනා.
"නෑ නෑ ලොකු දෙයක් නෙමේ අක්කා ඕක මහන්න"
"කියන්නකෝ ඉතින්"
"අක්කේ මන් රස්සාවකට යන්නද?"
ඒක ඇහුනා විතරයි අක්කා මන් දිහා බැලුවේ පුදුමෙන් වගේ.ඒ බැල්මේ හැමතැනම වගේ කේන්තියත් ගෑවිලා තිබ්බා.මන් වෙන පැත්තක් බලාගත්තා.
"නෑ අක්කේ ම්මන් කිව්වේ මට හොද රස්සාවක්.."
"ඔව් ඔව් හම්බෙයි උඹට රස්සවක්.ඒලෙවල් කරපු එවුනුත් ගෙදර ඉන්න රටක උඹට හම්බවෙයි රස්සාවක් බලන් ඉදපන්"
"අක්කේ ම..."
"මේ මට මුකුත් අහන්න ඕන නෑ උබ කොහොම හරි ලොකු ඉස්කෝලෙකට ගිහින් ඒලෙවල් කරන්න ඕන එච්චරයි"
"අනේ අක්කේ කියන දේ අහන්න"එවෙලෙනම් මගේ කටත් ටිකක් සැර වුනා.
"මාත් එදා ඉදලම හිටියේ මේකේ.අපි ජීවත් උනේ මේකේ.ඉතින් එහෙම ජීවත් වෙන්න ඕන විදපු දුක මන් දැක්කා මේ ඇස් දෙකෙන්ම.මන් ඊයේ පෙරේදා මෙහෙට උඩින් පාත් උනේ නෑනේ අක්කේ.අපිට කියලා තියෙන්නෙ මේ ලෑලි ගහපු බිත්ති හතර විතරයි.ඔයා කොහොම කිව්වත් ඔයා ඔය හම්බ කරන එක මගේ ඇදුම් වලට පොත් වලට බස් වලට මදි වෙනවා නේද අක්කේ.ඉතින් කියන්න මන් වෙන මොනා කරන්නද අක්කේ?"මන් ඇඩුවත් වගේ මතකයි.
"පොඩ්ඩියේ මේ අහන්න මට පුලුවන් උඹට වියදම් කරන්න.මාව විශ්වාස කරන්න."
"ඒත් කොහොමද අක්කේ? කොහොමද?"
"මට ඊලග මාසේ ඉදන් ලොකු ඕඩර් එක හම්බෙනවා.යස්වති ඇන්ටි දවසක් මන් මහපු ඇදුම් වගයක් දැකලා ආස හිතිලා මට කිව්ව එයා දන්න ඇදුම් කඩයක් තිනවලු.ඒකේ ඇදුම් මහන්න තැනක් අල්ලල දෙන්න කියලා ඒ යසවති ඇන්ටිට ඒකෙ අයිතිකාරයා කියලා.ඉතින් මගෙන් ඇහුවම මන් එක පාරටම හා කිව්වා.මටත් ඉතින් ඇදුම් මහනවා ඇරෙන්න වෙන මොන වැඩක්ඩහ.වැඩ වැඩිවගේනම් ඔය ගෙවල් වලින් එන ඒව ටික අඩු කරලා ඒක කරන්න පුලුවන්නේ.අනික අතට හොද ගානක් එන වැඩක්.දවසක් මායි යසවති ඇන්ටි ගියා ඒ මනුස්සයා හම්බෙලා කතා කරන්න.හොද මනුස්සයෙක් ලයනල් කියලා.ඊළග මාසේ වැඩ තියෙයි.ඒ හින්දයි මන් උඹට කියන්නේ මන් හැමදේම හිතුවා පොඩ්ඩියේ.උබ හිතන්න ඕන ඒවත් එක්කම මන් හිතුවා.ඒ හින්දා දැන් අමුතුවෙන් උඹැට හිතන්න දෙයක් නෑ.ඒ හින්දා දැන් ගිහින් ඉස්සරහට කෙරෙන්න ඕන වැඩ කටයුතු මොනාද කියලා හොයලා බලපන්"
කිසිම දෙයක් කියාගන්න බැරුව මන් අක්කා දිහා ඔහේ බලාගෙන හිටියා.
--------------------නැවතත්----------------------
සුසී.........................
ReplyDeleteකොහොම හරි උගන්නන්න ගත්ත තීරණයනම් ඉතා ම වැදගක්....... කතාව නියමයි සුසී
ඒකනම් ඇත්ත අන්තිමට ඉගෙන ගන්න ටික විතරනේ.. ස්තූතී පවුරේ.. :)
Delete