Sunday, September 14, 2014
පුර සද නිලඹර සමගයි-සදේ එළිය මා අසලයි ~~~~
=අයියේ
............................................................
සුළග වෙසින් මා එන කල-ඔබේ සුවද සෑහේ මට
ගගක් වෙලා මා යන කල-ඔබේ එළිය සෑහේ මට
Friday, September 5, 2014
...........සදාකල් රැදේවි !!
තව තවත් හැඩ වෙවි
මහවැලිය ගලා යාවි
මන් හොයපු ඔය දෑස
මා දමා දුර යාවි
ග්‍රීෂ්මෙට ගිනිගනීවි
නමුදු හන්තාන බලා හිදීවි
මන් දුටුව ඔය හිනාව
සිහිනයක්ම වේවි
රොබරෝසියා පිපේවි
වසත් කල ආයෙත් ඒවි
හිත හදපු නුඹේ හඩ
යලිත් නොඇසී යාවි
සීත පිනිකැට පාවි
සුළග එක ලෙස හමාවි
මම මගේ යැයි සිතු
ඔයා අන්සතු වේවි
කෙළි කවටකම් වලට සිනා සී
උදේ රෑ ගෙවේවි
ඔයා ළග නැති අඩුව
සදා කල් රැදේවි
Monday, July 28, 2014
මේ කතාව කියලා එන්න...
අර අත්තෙන් මේ අත්තට යන කුරුල්ලෝ මේ අහන්න
හිමින්සැරේ පියඹාවිත් මගේ උරින් වාඩි වෙන්න
පුoචි කතාවක් තියෙනවා ඩිoගිත්තක් අහන් ඉන්න
ඒ කතාව ඒ විදිහට මගේ මැණිකට කියලා එන්න
ටිකක් විතර දිග වැඩි වෙයි හින්දා හොදින් අහන් ඉන්න
හැම වචනෙම කියු ලෙසට අඩුවක් නැතුවම කියන්න
මතක තියන් හිටපු වචන හැගුම් එක්ක මුහු කරන්න
ඒත් ඉතින් නිකමටවත් මන් හැඩු බව නොකියා ඉන්න
පරෙස්සමෙන් ඉගිළ ගොසින් රස කර කර කියන්න
අහන් ඉන්නේ නෑ වගේනම් පියාඹලා නැවත එන්න
ගොඩාරියක් ආදරේ බව මතකද මම නුඹට කිව්ව
ඇහුවේ නැතත් කොහොමම හරි ඒ දේනම් කියලා එන්න
Friday, May 30, 2014
වෙනස....
මට හැමදාම ඕන කලේ වෙනසක්.අම්මා කිව්වා පොඩි කාලේ දවසක් මන් මගේ බෝනික්කව අරගෙන සර්ජරි එකක් කලාලුනේ.නහයයි කටයි වහගෙන කතුරුයි පිහියි දෙපැත්තෙන් තියාගෙන හරි හරියට වැඩලු මන්.ඒ දවස්වල ඉරිදා උදේ ටිවි එකේ සර්ජරීස් පෙන්නුවා.ඒ නම් ඉතින් ඒව බලලා වෙන්නැති.මට ඒක මතක් උනේ මන් වෙනසක් ගැන කතා කරන්න හිතපු නිසා.මොකද ඉතින් පොඩි ළමයි කවද්ද නලවන්න ඉන්න බෝනික්කො අරන් සර්ජරි කලේ..
ඒ පොඩි දවස්වල නේ.ඉස්කෝලේ යන දවස්වල ඒ/ලෙවල් කරන්න යාලුවෝ වෙන ඉස්කෝල වලට යනකොට මට හිතුනේ ඇයි හැමෝම මෙච්චරකල් ඉගෙනගත්තු ඉස්කෝලෙ අතැරලා වෙන ඉස්කෝලවලට යන්න දගලන්නේ කියලා.පහසුකම් ටිකත් එකවගේනම් ඇයි තමන්ට මහන්සි වෙලා වැඩකරලා මෙච්චර කාලයක් ඉගෙන ගත්තු ඉස්කෝලෙට ගෞරවයක් වෙන්න බැරි කියලා.ඇත්තටම එහෙම හිතුන නිසා තමයි මන් මගේ ඉස්කෝලෙම ඒ/ලෙවල් එකත් ගොඩ දාගත්තේ.යාලුවොත් එක්ක පිස්සු නටනට ඉදලා හද අල්ලන්න බැරි උනාට මන් තරු අතරට හරි වැටුනා.
කවුරු හරි කෙනෙක්ට මොනවා හරි කියනකොට මට ඕන ඒ කෙනාගේ ඒ අය නොදකින පැත්තක් දකින්න.අපෙ ජනාදිපතිතුමන්ට දැන් මිනිස්සු එක එක කතා කියනකොට මිනිස්සුන්ට අමතක උන පැත්ත ගැන මට හැමතිස්සෙම හිතෙන්නේ ඒ හින්ද වෙන්න ඇති.හ්ම්ම් ඔය වගේ දේවල් ඉතින් තව තියෙනවා ගොඩාක්.මන් කැමති අකැමති ඒවා බැලුවොත් ඒ හැමතැනකම වෙනසක් තියෙනව කියලා මට හිතෙනවා.
අන්තිමටම තව එක දේකදිත් වෙනසක් තියෙනවා කියලා මේ ළගකදි මට හිතුනා.කතාවක් තියෙනවානේ තමන් ආදරය කරන කෙනාට නොව තමන්ට ආදරය කරන කෙනාට ආදරෙ කරන්න කියලා..ඒත් එතනදිත් ඒ කියමනේ අනිත් පැත්ත දැන් වෙලා තියෙන්නේ.ඒ වෙනස නම් මට හොදටම දැනෙන වෙනසක්..
හ්ම්ම්........... වෙනස් වෙන්න ගිහින් ඉස්සරහට මන් තව මොන විදිහට අපගමනය වෙයිද දන්නෑ..මොන දේ උනත් ඒ වෙන දේ කොහොම හරි බාරගන්න මන් ලැහැස්තියි...
Friday, April 11, 2014
සෙට් වෙමු එහෙනම් එතකොටවත්
සෙට් උනේ නෑ නේද බo අපි කාලෙකින්
ආයෙම දෑකගන්න ඔය මුහුණත් තහඩු ටිකක්
ඉස්සර වගෙම හිනාවෙන්න බඩ රිදෙනකන්
දවසක් දාගනින් අවුරුද්දට ආවමවත්
හරි මචo අනිවා මේ පාරනම්
සෙට් වෙමු කවුරු මොන බාල්දිය ඈද්දත්
අනිත් උන්ටත් පුලුවන්නම් කියපන්
බෑරිනම් සෙට් වෙමු අපි තුන විතරක්
කාලය ගතවුනා
නිවාඩුව ආවා
ජoගමය දුටුවා
ඈමතුමක් ගත්තා
මචo මන් ආවා ෆ්‍රී නේද උඹලත්
දෑන් ඉතින් දවසක් තෑනක් මට කියපන්
ඉක්මනට කියපන් දවසක් අවුරුද්දට කලින්
අවුරුද්දට පස්සේනම් සොරි මචo මට බෑරි වෙයි
හරි බo දොළහ පුලුවන් නේද කොහොමත්
බෑරි වෙයි අනිකට හදිසියේ වෑටුනලු වෑඩක්
හෑබෑයි ඉතින් දහ අට ඌට නම් පුලුවන්
අනේ මන් ගමේ යනෝ එන්න විදිහක් කියන්
ඉතින් බo කවද්ද අපිට සෙට් වෙන්න දවසක්
අපි එන්නම් විස්ස උඹට පුලුවන්නම්
බෑනේ බo එදාට ආයෙම යන්න වෙනවා මටනම්
නිවාඩු ඉවරයි පටන්ගන්නවා ෆෑක්
කියන්න දේවල් තියෙනවා කෝටියක්
ඉස්සර වගේ නෙමේ ජීවිතේ හරි වෙනස්
එහි ගහ කොළ විතරයි නෑත වෙන සෑපයක්
උඹලා වගේ හෑමදේම කියන්න නෑ තාම කවුරුත්
ඈත්ත වස්තු ඒ දේ නම් අනුමත කරමි මමත්
ඔයාල නෑති ටික කාලෙට මගෙත් උනා ලොකු වෙනසක්
විශ්වාස කරලා හෑම ෆ්‍රෙඩාම ඈණගත්තා මාත් ටිකක්
උඹලා ලගින් හිටියා නම් වෙන්නේ නෑ ඒ කිසිවක්
කියන්න තියෙනවා මටත් යමක්
මේක හරිම දිග කතාවක්
කවදා කොහොම වුනාද කියලා දන්නේ නෑ මාත්
ළගකදි ඉදලා මිරිගුවක් ලග නෑවතිලා මගේ හිතත්
හරි හරි බo ඒ දේවල් පසුවට තියපන්
මේ පාරත් හමුවෙන්නට නෑතිදෝ දවසක්
මෙහෙම ගියොත් සෙට් වෙන්නෑ අපි කවදාවත්
උඹේ වෙඩිමවත් කියපන් එන්නට දෙන්න ට්‍රයි එකක්
ගොඩක් කියෙව්වා
ජoගමය තිබ්බා
දින නියමයක් නෑතුවා
හමුව කල් ගියා
සoක්‍රාන්තියකි අප හෑම මේ ගෙවන කාලයත්
අනාගතෙයි අපි හොයන්නේ අත හෑරුනද අපට අපත්
කවදම හරි අනාගතේ යම් දවසක අපටම අප මතක් උනොත්
එදාට හරි දාගමු අපි සෙට් වෙන්නට එක මොහොතක්
Wednesday, April 9, 2014
ආයුබෝ වේවා මහරජාණනි.,
හිතුන නිසා ලියන්න ගත්තේ.ඒත් හුගක් අය මේ කියන එකට විරුද්ද ඈති.ඒත් ඉතින් මේ මට හිතෙන විදිහනේ.
මේ දවස්වල බුකිය පුරාම එක එක 4ටෝ share වෙනවා අපේ ජනදිපතිතුමාට ගෙදර ඉන්න කියලා මෑච් එක බලන්න යන්නෑතුව.කමක් නෑ.රට ප්‍රජාතන්ත්‍රවාදී නේ ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්න අයිතිය තියෙනවා.ඒත් මෙහෙම දෙයක් තියෙනවා අනම් මනම් 4ටෝ වලට ඒ මනුස්සයගේ මුණ දාලා කරල තියෙන ඒව දෑක්කමනම් මට තද වෙනවා.ඒ මන් තාම ඒවා තේරුම් ගන්න තරම් ලොකු නෑති නිසාද දන්නේ නෑ.
තාම චන්ද අයිතිය ලෑබිලා අවුරුදු හතරයි මට..ඉතින් මගේ කිසිම පාටක් නෑ.මන් කියන්නේ පුද්ගලයෙක් වශයෙන් ඒ මනුස්සයා එහෙම හිනාවට ලක්විය යුත්තෙක් නෙමෙ කියලා.
මෑච් එක වින් කරලා අපේ ක්‍රීඩකයෝ ටික ගෝල් ෆේස් එකට යන පාරේ පුදුම විදිහට සෙනග පිරිලා හිටියේ.ක්‍රිකටර්ස්ලා ටිකත් කිසිම ගානක් නෑතුව එයාලා එක්ක කියව කියව ගියා.ඉතින් හිතන්න බෑරිද මීට අවුරුදු 5කට 6කට විතර කලින් ඔහොම කප් එකක් ගෙනාවනම් මිනිස්සු ඒවිද පාරට? හෑම මිනිහම තමන්ට තමන්ගේ ජීවිතේට ආදරෙයි
කොයි වෙලේද අපේ ජීවිත කියල හිතන තත්වයක් නේ තිබුනේ.ඉතින් ඒ හෑමදේම අද වෙනස් වෙලා. මිනිස්සු නිදහස් දෑන්.එයාලට ජීවිත ගෑන තිබ්බ බය නෑතිවෙලා.ඉතින් එක්කෙනෙක් කියලා කියන්න බෑ.මේ වෙනසට දායක උන අය ගොඩක් හිටියා.ඒත් ඒ දායකත්වයේ මුල් පුරුක වෙලා හිටියේ අපේ ජනදිපති තුමා නෙමේද?
සමහරුනම් කියයි එහෙමයි කියලා හෑමදාම ඔලුව නවන්න ඕනද කියලා.නෑ එහෙම ඕන නෑ.ඒත් අරෙහෙම කාලයක් තිබ්බ කියලා අමතක කරන්න පුලුවන්ද?ඒක අමතක කරන්න බෑරි මනුස්සයෙක්ට බෑ කවදාවත් අර වගේ විකාර 4ටෝ දාල ඒවට හිනාවෙන්න.
ඒ දවස්වල මට හිතට තදින්ම වෑදුන තෑනක් තියෙනවා.යුද්දේ තියෙන කාලේ එක වීඩියෝ එකක් share උනා ශ්‍රී මහා බෝ මලුවේ පුරාම කොටි පෑනලා අපේ සින්හල බොදු මිනිස්සුන්ට ඔහේ වෙඩි තියලා යන එකක්.ඒක බලනකොට වෑඩි දෙයක් මටත් දෑනුනේ නෑ.ඒ දවස්වල කොහොමත් තත්වේ ඒකයි කියලා අපි දන්න නිසා.ඒත් 2009 යුද්දේ ඉවර උනාට පස්සේ මන් ගියා අනුරදපුරේ ශ්‍රී මහ බෝ මලුවට.ඈතුල් වෙනකොටම මට එක පාරටම අර වීඩියෝ එක මතක් උනා.දෙවියනේ මෙහෙම නිස්කලන්කව අහින්සකව පිනක් දහමක් කරගන්න මේ පින් බිමට ආපු මිනිස්සුන්ව නේද අර විදිහට වෙඩි තියලා දෑම්මේ කියලා මට හිතුනා.ඒ හගීමත් එක්ක අර වීඩියෝ එක මතක් වෙන වාරයක් වාරයක් පාස ඒ නිරපරදේ මෑරිලා ගිය මිනිස්සු ගෑන මට මාරම දුකක් දෑනුන.අදටත් ඒ හෑගීම එහෙම්මමයි.
හිතන්න කෑමතිනම් හිතන්න.කලින් හිටපු ජනාදිපතිවරුවගේ යන්තන් දිනාගෙන වගේ එනකොට සටන ආපස්සට හරවපු නායකයෙක් නෙමෙයි ඒ මනුස්සයා. ගත්ත තීරණේ මතම ඉදගෙන ඒ විනාසේ අවසානයකට ගෙනාවා.
දෑන් ඒ මනුස්සයා අරෙහෙන් ගහනවා මෙහෙන් ගහනවා කියලා හෑමෝම කෑ ගහනවා.හරි එහෙම සල්ලි ගෑහුවා කියමුකො ඒත් එක මනුස්සයෙක්වත් බඩගින්නේ මෑරුනද? අනික ඔය පුටුවට කවුරු ආවත් තමන්ගේ සාක්කුවට දාගන්නෑතුව හෑමදේම බෙදලා දෙයි කියලා හිතන්න පුලුවන්ද?ඔය අසාදාරණය ගෙන කියවන කවුරු ඔතනට ගියත් පිටට නොපෙනෙන්න සාක්කුවක් පිරෙනවා.ඒක ශුවර්..
ඉතින් කියන්න කෑමති මේකයි.ගරු කල යුත්තට ගරු කරන්න.අපේ ජනාදිපති තුමත් ගරු කිරීමක් ලෑබිය යුතු පුද්ගලයෙක්.ඒ මගේ විශ්වාසය.ඒක එදත් එහෙමයි අදත් එහෙමයි.හෙටත් එහෙම්මමයි....

Saturday, March 1, 2014
Sometimes....
If we try to control everything
we enjoy nothing......
Sometimes we just need to.,
relax..
breath..
let go..
&
just live in the moment..!!!
Subscribe to:
Posts (Atom)
.jpg)

.jpg)